සඳට බැළුම් හෙලූ අය

Apr 9, 2019

ඔයාට බැරිද මාව උස්සන්න !



 
 
ඉස්සර මං හරි ආඩම්බරයි
යන්නෙත් ටිකා.......ක් උඩින්
කොල්ලන්ව කොහොමත්
ඩෝන්ට් කෙයාර්
මම එයාලට ගස්සදිදි පුප්පද්දි
සමහරු මට කිව්වෙ

'' ඔය ආඩම්බර බස්සන්න උස්සනව නංගි  හොදේ ''

කියල.

අනිත් පැත්තට  මම එයාලගෙන් ඇහුවෙ

 '' ඇයි බර බලන්නද අයියේ ''

කියල.

එත් දැන් ,

මං ඔයාගෙන් අහනව
අනේ ඔයාට බැරිද මාව උස්සන්න
නෑ නෑ බර බලන්න නෙවෙයි
මට ඕනෙ කොහෝ හරි අතරමං වෙන්න
හැල්මේ දුවන ජීවිතේ කොහේ හරි
මඟක නවත්තලා ඉසිඹුලන්න...

ඉතින් ,

ඇත්තටම ඔයාට බැරිද මාව උස්සන්න... !

14 comments:

  1. බැරි කමක් නෑ...ජිම් එකේ අයියගෙන් අහල එන්නම් කිලෝ 600 ඉස්සුවම මොකද වෙන්නෙ කියල....

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් කිව්වනේ ඉතින් බර බලන්න නෙවෙයි කියලා.හි හී

      Delete
    2. කෑව නේද? ෂි: පොර වගේ කමෙන්ට් දැම්මා කවිය භාගයක් කියවලා...කවිකාරියක් උස්සන්ඩත් පින තියෙන්ඩ ඕන. කෝකටත් නෝනගෙන් අහලම ඉන්නං. එතකං ඉන්ඩ ඕනෙ හොදේ..!!?

      Delete
    3. හා... අටපට්ටමටත් කියනවද...

      Delete
  2. Thawa ekek ussanne kohomada, ussapu eka bima thyanne nethiwa?

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් මොනා කරන්නද ඔන්න ඔහෙ උස්සපු එක උස්සන් ඉන්න

      Delete
  3. ඔයාව ඉස්සුවොතින් ඔයැයිගේ සත්තලන් මෙතන ඇක්ෂන් සීන් දාවී.හැබැයි ඔන්න කවිය ලස්සනයි හොඳේ..❤❤❤

    ReplyDelete
    Replies
    1. එයැයිට වෝනින්ග් දීලා තමා මේක දැම්මේ...මොකද එයාටනේ මුලින්ම කිව්වේ මේ දවස්වල පට්ට බිසී සීන් එකෙන් මාව අයින් කොරලා කොහේ හරි උස්සන් යන්න කියල.කෝ තාම උනේ නෑ..ඒ නිසා ඇඩ් එකක් දැම්මා හි හී

      Delete
  4. ඕක ඔය රෝම ලන්දේසි නිතිය එන්න කලින් කියපු කතාවක් නේ ඒ කාලේ කෙල්ලකට හිත ගියොත් කරන්නේ මුලින් බැද්දට උහාන (උස්සගෙන) යනෙක.. ඊට පස්සේ පැල් කොටයක් අටවගන්නවා හේනක් කිට්ටුව. නොදන්නා කාලේ අපිත් ඔයවගේ නම්කිලාට සෑහෙන්න තර්ජනේ කල්ල තියෙනවා උස්සනවයි කියල.. පස්සේ ඒකෙ බලපතල කම තේරුනා.. දැන් ඉතීම් කැමැත්තෙන් ආවොත් මිසක් උස්සන්න යන්නේ නෑ :))))

    ReplyDelete
    Replies
    1. ඉස්සිල්ලට මෙච්චර අතීතයක් තියෙනවා කියලා දැන්නෙ දැන ගත්තේ.ඕක තමා කියන්නේ හරි හැටි නොදැන වචන පාවිචි කොරන්න එපා කියල.

      Delete
  5. පැහැරෙගෙන යන්න කියනවා මිසක්, උස්සන්න කිව්වහම එතැන අරමුණේ ලොකු වෙනසක් තියෙනවා වගෙයි.

    ඉස්සර ගල්යුගේ උන්නු ගැහැනුන්, පිරිමින් විසින් උහාගෙන යනවා මිසක් ගැහැනියගේ කැමැත්තක් ඕනෙත් නැහැ. කලින් ඉඳන් තිබ්බ ඉල්ලීමක් ඉටුකිරීමක් වගේ.. හි හි

    ReplyDelete
    Replies
    1. නෑනෙ නෑනේ ලිඛිතෝ කියවන්නා කොහොම තේරුම් ගත්තත් මගේ අරමුණ මට පැහැදිලී.උස්සලා බැරිනම් පැහරගෙන ගිහින් එහෙම නැත්තන් මං කොල්ල කාගෙන ගිහින් හරි මං මේ බලාපොරොත්තු වෙන දේ විඳින්න ලැබෙනවනම් එච්චරයි.

      Delete
  6. අපි පැනල යමු..උස්සන් යන්න අමාරු ඇති ලොකු නිසා...පොඩි උනානං උස්සනව ඉතින්...ඒත් පැනල යමු....!

    ReplyDelete
    Replies
    1. ඕ...ඒකත් හරි බලාගෙන යනකොට එහෙනම් ඔන්න ඔහෙ පැනල යමු... ඔයා කියනවනම් ...හි හී

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...