සඳට බැළුම් හෙලූ අය
සඳවතී මං

- සොඳුරු සඳවතී
- රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...
Apr 1, 2019
පහන ළඟයි ආලෝකේ දුරයි !
මීට අවුරුදු තුනකට කලින් මම මේන් මේ වගේ කයියක් ලියලා තියෙනවා කියලා සකර්බර් උන්නැහේ මතක් කරලා දීලා තිබුනා ඔය පහුගිය දොහක.මට මතක විදියට ඒ කාලෙත් මේ වගේම විදුලිය කැපිල්ලක් තිබුනා මයෙ හිතේ.නැත්තං ඉතින් මම මෙහෙම එකක් ලියාවියෑ.කොහොම හරි ඉතින් අදටත් මේක ඒ ලෙසටම වලංගු නිසා ඔන්න මෙතනත් අලවලා දැම්මා.මෙහෙම හිත සැනසෙන කතා ලිව්වට අනේ ඇත්තමයි මීට හාත්පසින්ම වෙනස් ඒවත් ලියන්න හිතෙනවා අප්පා මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක කරන්ට් ගියාම එපාම වෙනවා.මඳනළත් කොහේ ගිහින්ද මන්දා එලියට බැස්සත් වැඩක් නෑ.
අයි ෆෝන් අයි පෑඩ් එපා බෙරිහන් දෙන්න
වයිබරේ ට්වීටරේ ටිකක් නිදියාගන්න
නොරොච්චෝලෙට කිසිම දොසක් හෙම නොකියන්න
මේ අඳුරු රාත්‍රිය රොමෑන්ටික් කර ගන්න
ඉශී අම්මට තියා සප්නටත් බෑ එන්න
අනන්තෙන් එන කුමරු අද එපා හෙට එන්න
තරු වියන යට ෆැමිලි පාටියට සෙට් වෙන්න
මදි පාඩුවට කණාමැඳිරියනි දැල්වෙන්න
හුළං පෙති වලින් කර වෙච්චි ගත සනසන්න
මල් සුවඳ මුහු වෙච්ච මඳ නළට ඉඩ දෙන්න
ඩිජිටල්ම වෙච්ච ඔලු ගෙඩි වලට පන එන්න
මේ සොබා දහම යට ටිකක් රී ෆ්‍රෙශ් වෙන්න
Subscribe to:
Post Comments (Atom)
කාලීන ගෙත්තමක් සදූ ...
ReplyDeleteහැමදාම වගේ පිළිවෙලයි ලස්සණයි .
********************************************
හැබැයි මේ කියන දේ ඇතුල් පැත්ත ගැන හිතද්දී දුකයි නේද .
මිනිස්සු ඩිවයිස් වලට ඇප් වලට හිරවෙලා කරන්ට් එක තිබ්බත් නැතත් රොමෑන්ටික් කරගන්න පුළුවන් රාත්‍රිය පට්ට බිසී වෙලා නේද. ජීවිතේ විදින්න නම් රෙසෝසර්ස් ම ඕනේ නෑ නේද. අපිම හදපු වියදම් කරලා ගත්ත ඩිවයිස් වලට ඇප් වලට යටත් වෙලා අපිට ම ඉන්න වෙලා. මොන අවාසනාවක් ද එක .....
මහාරාජා සෙට් එක ලංකාවට පොම්ප කරපු අනිත් හත්ඉලව්ව තමයි රන්දෙපැය. අම්මලා තාත්තලා ආච්චි ලා සීයලා ඔක්කොම ටීවී එකක් ඉස්සරහ ඉදන් අනුන්ගේ ප්‍රශ්නයක් රහ කරකර බලලා ඔලුවලට පුරවගන්න වෛරය ද්වේශය කුහක කම කපටිකම සමාජය ඉස්සරහ නොදැනුවත්වම පවුලක් විදියට ඔය බලන පවුල් ඔක්කොම අතහැරියොත් සමාජේට මොකද වෙන්නේ . ඉතිං ලොකු දෙයක් නොරොච්චෝලෙ ලෙඩ වෙන එක. කරුවලේ හරි පවුලක් වගේ එකට ඉන්න. ඉටිපන්දමක් ලාම්පුවක් එක්කලා කෑම ටිකක් කාලා ආගිය කතාවක් කියල සතුටු වෙන්න .
මේ සොබා දහම යට ටිකක් රී ෆ්‍රෙශ් වෙන්න වෙන්න නෙවෙයි හැමදාම ඉන්න හුස්ම ගන්න සතා සිව්පාවාට ගහ ට කොළට ඇලට දොලට ආදරය කරන්න පොඩ්ඩක් හරි හිතෙයි නොරොච්චෝලෙ ලෙඩ වෙන වෙලාවට.
මොනවා උනත් 2019 වගේ අවුරුද්දක ඉන්න අපිට පැය 24 න් 20 විතරක් කරන්ට් එක තියාගෙන කෝම ජාත්යන්තරය ඉස්සරහට යන්නද මන්දා ... හෙ හෙ හේ ...
-ආටියා-
හම්මේ දිගම දිග කමෙන්ට් එකට ස්තූතියි. මෙහෙ එන්න සෑහෙන කල් ගියානේ ඒ නිසා පිලිතුරු පමා උනාට කමා කල මැනවි.
Deleteකරන්ට් තියෙනව වෙලාවටත් ඔහොම රිෆ්‍රෙෂ් වෙන්න පුළුවන්නං කොච්චර හොඳයිද?
ReplyDeleteනැතුව නැතුව
Delete