සඳට බැළුම් හෙලූ අය

Showing posts with label මෝඩ තරිදු. Show all posts
Showing posts with label මෝඩ තරිදු. Show all posts

Oct 26, 2025

දිනූ මගේ යකෝව්....!





මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල්‍ ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං වැඩියෙන්ම කැමති සේවියර් කොලුවාටය.ඒ රඟපෑම් නියමය.ෆිල්ම් එක ගැන මරේ මරු කිව්වාට පසු තව කියන්නට දෙයක් නැත.දැන් ෆුල් මාවලස් වී ඇත්තේ මෝඩ තරිඳු බලා ආවාට පසු අපේ ගෙදර තත්වයය..

ෆිල්ම් එකේ හොදම සීන් එක මුලින්ම එද්දී සභාවේ සිනා හඩ මැද්දේ ඊට වඩා හයියෙන් 

තාත්තේ ..ඩිස්ටි ඩිඩින් කියන්නේ මොකද්ද.. කියා ඇහුවාය.

හොද වෙලාවට තාත්තගෙන් ඇහුව නිසා මං බේරුණාය.මං මගේ එකෙක් නෙවෙයි වගේ අහක බලා ගත්තාය.තාත්තා ජාමේ බේරාගෙන ඇත්තේ ඒ ඩාන්ස් එකට කියන නම කියාය.දැන් ඒකා හිටපු ගමන් ගෙදර අපිට ඩිස්ටි ඩිඩින් නැටුම නටා පෙන්නනවාය.කුලප්පු වෙච්චි  අස්සයෙක් වාගේ ඔලුව හොල්ල හොල්ල චූ බර හදා පෙන්නනවාය..මරුය..මරේම මරුය..

අපි නොදැක්කා  සේ ඉන්නවාය.පුතේ ඔය නාඩගං ඉස්කොලෙ ගිහින්නම් කරන්නට එපාය කියන්නට මගේ කට පොපියනවාය...ඒත් කියන්නට බැරිය.එපා කිව්වොත් වැඩියෙන් කොරන එක ඒකාගේ හැටිය.. ඒ නිසා පාඩුවේ ඉන්න එක කෝකටත් හොදය..

ඒ විතරක්‍ නම් මදෑ මටද දැන් වැඩියෙන් චූ බර හැදෙනවාය..ඒ හැදෙන හැදෙන පාරට මට හිතෙන්නේ ගිය ආත්මේ මගෙන් බූටක් කාපු එකෙක් මට අන වින කොරනවා ඇති කියාය..අනේ මගේ හිත හැදෙන්න කියාපල්ලා මේ එහෙම එකක් නෙවෙයි මේ දවස්වල සීතල නිසා වෙන්න ඇති කියලා 🙂😇



දිනූ මගේ යකෝව්....!

මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල්‍ ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...