සඳට බැළුම් හෙලූ අය

Showing posts with label මල් කතා. Show all posts
Showing posts with label මල් කතා. Show all posts

Sep 1, 2025

මල් සමය නිම වේවිදෝ

 



සුන්දර සුවබර බිනර මාසයක් වේවා  ඔයාලට!💐💐💐


බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ බිනර මාසේ.නිකිණි කියන අගෝස්තු මාසෙට වගේම මං බිනර  කියන සැප්තැම්බර් මාසෙටත් හරිම මනාපයි.අපේ අම්මා මට ඔය  නම දාලා තිබුනනම් මං මොන ලෝකෙන් හරි බිනර කියන නම තියෙන කොල්ලෙක් හොයා ගන්නවා ඒ කාලේ.කොහෙද ඉතින් අපේ අම්මට ඕව තේරෙන්නෙ නෑනේ. (මේක පෝස්ට් කරන්න කලින් අම්මට නොපෙනෙන්න settings  හදන්න ඕනේ නැත්‍තං මේ පින්බර උදෑසන අම්මා මට ජාතිය අමතනවා🤭 ) මං නිකිණි කෙනෙක් නොවී මට බිනර කෙනෙක් හම්බුනේ නැති සෝකෙට මං ලියන ගොඩක් කතාවල ඒ නම් දෙක තියෙන ඩබලක් ඉන්නවා.ඔයාලට කියන්න පූරුවේ ඉදන් එන මොකද්දෝ කෝන්තරේකට මට සෙට් වෙන්නෙම  " චා " යන්නමයි.ඒ අකුර මට අපලයි කොහෙද ඉතිම් මේ දෛවය ඒක පිලිගන්නෙම නෑනේ. බලන්න  ඒක උච්චාරණය කරද්දිම මොකද්දෝ වරදක් තියෙනව නේද කියල ( පොඩ්ඩක් ඉන්න හබී බබීවත් බ්ලොක් කරල තමා මේක දාන්න වෙන්නෙ නැත්තං නිවාඩු දවසෙ කොහේ හරි ගිහිල්ලත් හමාරයි 🙃)

හුටා මට අමතක උනානේ ඔය කලින් පෝස්ට් එකේ නිදි නැති රෑ නැටූ නාඩගම ගැන ලියල එයැයි මට රෙනෝගෙ cctv එක කියල කුප්ප කතා කියල තිබ්බනෙ.එයැයි එහෙම කිව්වයි කියල මං සැලෙනවද හිතවත.මට ඕන්නං අර ඉස්සරහට එයි කියල එයා හිතන ලියවිලි ගැන අදම ලියන්න පුලුවන්.ඒ උනාට ඕන්නෑ ඉස්සරහට තමා වඩා රසවත් ඒ නිසා රැඳීසිටින්න ඕගොල්ලො හොදේ.

ඉතින් ඔයාලා හිතන්නේ දැන් අපිට උදේට කැඳ නෑ කියලද.මොන පිස්සුද අනේ කැඳ නම් වරදින්නේ නෑ.නානාප්‍රකාර කොළ කැඳ, කුරක්කන් කැඳ,කොල්ලු කැඳ අපිට ලැබෙනවා හිතවතුනි.නැන්දම්මාගේ කැඳ හැදිල්ලයි අපේ අක්කාගේ මල් පිස්සුවයි  අස්සේ මාත් ඔන්න ඔහෙ ඉහගහල ඉන්නව තාමත්. ආ..ඔය පහුගිය දාක අපි නුවර පලාතේ ගියා නොවැ.කියන්න දුකයි  අපේ අක්කගෙ මල් රෝගයේ විසබීජ ගිහින් ආතුර වෙලා මාත් සල්ලි දීල මල් පැල අරන් ආවානේ.🙄 අක්කාටනම් දැන් මල් පිස්සුව විතරක් නෙවෙයි ගෙඩි පිස්සුවත් තියෙනව.උන්දෑ උස්සන් ආවා පැනි දොඩම් ගහක්.අනේ හොදා මං හිතුවා එයැයිගෙයි මගෙයි මුනුබුරන්වත් ඒවායේ ගෙඩි කාවිනේ කියල.මොන පිස්සුද ඒකි කියපි  ඒවා බට් ය.අවුරුද්දෙන් ගෙඩි එනව කියල.එයාට කියල තියෙන්නෙත් ගන්නොරුවේ හෙල බොජුන් එකේ පැල තවානෙන්.බලන්න ඉතින් ලබන අවුරුද්දෙ අපිට මේ ගසේ බොහෝ පැනි දොඩම් තිබේ තමා.ඒක හිටවන්න පර්චස් එකහමාරක විතර පෝච්චියකුත් ඇන්න ආවා කියපංකො.දැන් ඉතින් ඕකට පස් පුරවන්න  අර කෙල්ලියො දෙන්නා කන කට්ට මතක් වෙනකොට මට දුකේ බෑ.ඔන්න පැනි දොඩං ගහෙන් තමා ඊළඟට මං එයැයිගෙ ගෙඩි කෙරුවාව දැනගත්තෙ.අම්මටසිරි කිව්වලු දෙහි,අඹරැල්ල,තව මොකක්ද අවුරුදු තුනෙන් පීදෙන ගෙඩියක් ඔය වගේ ගස්  පර්චස්  එකහමාරේ පෝච්චි වල හිටෝලා ස්ලැබ් එක උඩ දිලිසි දිලිසී තියෙනව.පුහ්..එයැයි හිතාගෙන ඇති මල්වලට රැවටුනා වගේ ගෙඩි පම්පෝරියටත් රැවටිලා මටත් ගෙඩි පිස්සුව හැදෙයි කියල.ආයෙ මටෙයි කියල අමුතුවෙන් මොටෝ ගෙඩි ගස්.එයැයිගෙ ගෙඩි මගෙත් ගෙඩි තමා හා නැද්ද  ? 🤭

මල්සමය නිමවේවිදෝ

ගෙඩි සමය ඇරඹේවිදෝ

පසුව ලියමි:

කෝකටත් මං ලබන අවුරුද්දේ නිකිණි මාසෙට නුවර ට්‍රිප් එකට දැන්මම දින වෙන්කරල තියා ගත්ත.පැනි දොඩම් පලදාවෙන් ගිලන්පස පූජ  කරන්න යන්න එපෑයැ.🤭

පසුවටත් පසුව ලියමි :

ඔයැයිලට කියන්න මයේ සැමීගෙ මුල නම චා උනාට එයාට ඊට පස්සේ තියෙනවා සාස්සන නමක්.මං ඒ නමටත් මනාපයි.එයා දුශ්මන්ත මං සකුන්තලා.ආයෙ ඉතින් නිකිණි බිනර වගේයෑ එව්ව බලාපල්ල ගැලපීම 🥰

(මට අද Lady J යන්න 

තියෙනව ළමායි 😉)

**************

මේක මේ බුකියට ලියූවක් නිසා ඒකට ගැලපෙන වාක්‍යයත් තීනවා.ඔන්න ඔහෙ එහෙමම දැම්ම ආයෙ එඩිට් කරන්න බෑ අනේ 

Jul 30, 2025

මල් කතා !






 හායි බියුටිෆුල් මල් ලවර්ස් 💐 

ඔන්න මුලින්ම  කිව්වා මේක කැද කතාවක් නොවේය.අද තියෙන්නේ මල් කතාවක් ය.හැබැයි මේ කතාවට හේතුව කැද කතාය.ඒ මොකද කියනවානම් ඊයේ කැද  කතාවේ නියගලා මල් පොටෝ ගහන්නට කැලේ පැන්න වෙලාවේ මේ මල්ද පොටෝ ගසා ගත්තාය.

මං මල් වලට හරී....ම ආසාය.ඒ උනාට මල් වවන්නට ආසා නැතිය.ඒ නිසා අපේ වත්තේ ඇත්තේ ඉද්ද ගහකුත්,සමන් පිච්ච වැලකුත්,කඩරොලු වැලකුත් පමණි.අනේ ඒ මදෑ ඒ හොදටෝම ඇතිය. මට මල් උණ නැත.මල් වවන්නටත් සල්ලි ඕනෑය.මට සල්ලි තියෙන්නේ පොත් ගන්නට විතරය ඒ සල්ලි මල් වලට වියදම් කරන්නට බැරිය.මගේ පොත් රාක්කේ පොත් වැඩිවෙන එකේ සතුට මට මල් වලින් ලැබෙන්නේ නැතිය.

අන්න ඒකට අපේ අක්කාය..මල් වවන උණ, උණ සන්නිපාතෙටම උස්සන්න වී ඇතුවාය.එයැයි නිසා මටත් මල් සන්නිපාතෙ හැදෙයි කියා මේ දවස් වල මම මහත් බයෙන් පසුවෙමිය.නිකමටවත් එහෙට ගොඩ උනොත් මල් කතාවෙන් තොරව කතාවක් නැත.මල් අතු කඩ කඩා, ඇට ජාති හොය හොයා මෙව්ව හරීඊඊඊඊ සෝක්...මේන්න්න්න්න් මලේ සයිස් එක...මේ ඇටෙන් එන ගහේ මල මේඒඒඒඑන් මේ පාටයි කිය කියා මල් අතු,ඇට විතරක් නෙවේය රතු කැට නිල් කැට කිය කියා පොහොර මල්ලක්ද සකසා මා අත තබයි.අනේ ඉතින් මමත් එව්වා අරන් එනවාය.දීපු නම්බුව තියන්නට ඕනෑ නිසා එව්වා හිටෙව්වත් එක්කය.( ඒකෙත් පොඩි ආතල් එකක් නැතුවාම නොවේය ) ඔය සමන් පිච්ච වැලේ මේ දවස්වල මල් තියෙන්නෙ එයැයි දීපු මොකද්ද කැටයක් දාපු නිසාය.ඒක මාර ලස්සනයිය.ඒ උනාය අපේ අක්කාගෙ මල් උණ නිසා එයා එක්ක පාරේ යන්න මං මාර බයය.යන යන තැන නවතිනවාය මල් අතු කඩනවාය..ගේට්ටු වලින් එබී මල් අතු ඉල්ලනවාය.මම එව්වාට අකමැතිය මට විලිලැජ්ජාය.සමහරු  එහෙම දුන්නාට සමහරු අකමැතිය.අපේ අක්කානම් හොදය එයා මට වගේම හැමෝටම මල් ගස් බෙදයි.ඒ වාගේම හැමෝම එයා වගේ කියා හිතා අනුන්ගෙන්ද ඉල්ලයි 🙃

ඉතින් ඔයාලට කියන්න මේ දවස් වල එහෙ යන යන පාරට පාරට මට මල් ලැබෙනවාය.මං ඒවා ගෙදර ගේනවාය..එව්වා හිටවන්න මල් පෝච්චි, කොම්පෝස්ට්,කොහුබත් ගෙනා හැටි වෙනම මිශන් එකකි.එව්වා වෙනමම කියන්න වෙනවාය. මොකද මට දැන් වෙලාව නෑය.අද දවල් දොලහ වෙනකොට හැටකට උයා අවසන් කල යුතුය.ඒ අව්වස්සේ මේකත් ලියනවාය 🤭

පසුව ලියමි :  ඔයැයිලාට  කියන්න මං අපේ අක්කා දෙන දෙයක් වවනවාය.හැබැයි එයා දෙන පාට පාට කොරෝටන් නම් වවන්නේ නැතිය.ඒ ඇයි කියන්නට ඔහේලා දැනටමත් දන්නවාය.😜



දිනූ මගේ යකෝව්....!

මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල්‍ ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...