සඳට බැළුම් හෙලූ අය

Showing posts with label ආදරේට කියන කතා. Show all posts
Showing posts with label ආදරේට කියන කතා. Show all posts

Dec 4, 2016

ඕනෙම නෑ !


හිතින් හිත බැඳෙන්න  අතින් අත අල්ලනම ඕනෙ නෑ..
බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙන්න
ඇස් වලින් කතා කරන්නම ඕනෙ නෑ...
ආදරේ දැනෙන්න පපුවට තුරුළු වෙන්න
නළලට හාදු දෙන්නම ඕනෙ නෑ...
ආත්මගත බැඳීම් වලට නමක් තියෙන්නම ඕනෙ නෑ...
ඔයා ගැනම හීන මවන්න මට
ඔයාගෙන්වත් අවසර ඕනෙ නෑ...
අඩුම තරමෙ මම ඔයාට ආදරේ කියල
ඔයාට කියන්නවත් මට ඕනෙ නෑ...
ඒත්.... දන්නවද...
මං ඔයාට  ආදරෙයි.... මහ හුඟක්...


Feb 20, 2012

ආදරේට කියන කතා



මට හිතෙනව ඔයාව

මිරිකල මිරිකල ...

පොඩි කරල

මගේ පුංචි වූල් මිකී මවුස් පර්ස්

එක ඇතුලෙ දාගන්න....

එතකොට ඔයා හැම තිස්සෙම මගේ ළඟමනෙ....

ඔව්...ඇත්තමයි...

මට හිතෙනව ඔයාව

මගේ ආදරේ හිරගෙදර

හිරකාරයෙක් කරන්න...

Feb 6, 2012

ආදරේට කියන කතා







සුදූ............

ම්......

නිකමට හරි මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ....?

මමද..... මම කරීනව කසාද බඳිනවා......

මොකක්......... පිස්සු අනේ .... අන්න එයා අප්‍රේල් වල සායිෆ්ව කසාද බඳිනවා.....

අප්පටසිරි ...ඒකත් එහෙමද.....

හ්ම්.... ඔව්........

ඉතින් කියන්නකෝ......

මොකක්ද වදේ.....

මම මැරුනොත්......

ආ........... ඔයා මැරුනා කියන්නෙ මට ඉතින් ස්වීප් එකක ඇදුනා වගේ තමා.......

අ...........නේ..........

ඇයි අනේ....

විහිළු නොකර කියන්නකෝ........

විහිළු නෙවේ මම ඉතින් ඔයා මැරුනොත් හොද පට්ට කෑල්ලක් බලල ආපහු කසාද බඳිනවා.....

ඉහි ...ඉහි........
ආ... මොකෝ දැන් ටැප් එක ඇරියේ....

ඔයා මට ආදරේ නෑ.....

ඔයා මට ආදරේද......

ඔව්........ ගො.....ඩා......ක්.........

එහෙනං මැරෙන කතා නොකියා හිටපං මාව මිනී මරුවෙක් නොකර.....

දිනූ මගේ යකෝව්....!

මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල්‍ ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...