සඳට බැළුම් හෙලූ අය
May 23, 2019
Listen To My Heart ......!
මම නිහඬ වෙමි
කතා කරන්නට බොහෝ
දෑ ඇති තැනක
අසාමාන්‍ය ලෙස නිහඬ වෙමි
මම හඬමි
අසීමාන්තික ලෙස
හැඟීම් වදනින් බෙදා ගන්නට
නොහැකි වූ තැන
නිහඬවම හඬමි
මම සන්සුන් වෙමි
පිටතින් මහා කළබලැයි
කිසිවක් බරපතලට නොගන්නවායැයි
කෙනෙකුට සිතෙන මා එක්ක
මම තනිව සන්සුන් වෙමි
මම ප්‍රේම කරමි
ඔබ ප්‍රේමය යනු අත් හැරීමයැයි
අදහන තැනින් මම ආරම්භ කරමි
අයිතිකර ගැනීම සිහිනයක් වුව
ප්‍රේමය අත් නොහරිමි
මම විඳිමි
ඔය හිතුවක්කාර පිරිමි සුවඳ
ළය දෙබෑ කරගෙන ගිය පලමු තත්පරය
අඩවන් දෑස මත පරිස්සමට තැබූ හාදුව
දැනුදු මේ දැනුදු විඳිමි
මම විඳවමි
කියන්නට ගලපන්නට ලියන්නට
නොතේරෙන මොකද්දෝ හැඟීමකට
වෙලාවක් අවේලාවක් නැතුව
ඉතින් මා විඳවමි
Subscribe to:
Post Comments (Atom)
කවි මිහිරේ මිහිර !!
නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක් ! ශානිකා ශෂිප්‍රියා ද සිල්වා කවිමිහිර / බුද්ධදාස ගලප්පත්ති දිවයින ඉරිදා සංග්‍රහය 03 සැප්තැම්බර් 2023 තාමත් ඉඳහි...

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
උයා රස මසවුලක් සෙනෙහසින් දල්වලා පහන් පැල බැතියෙන් අඳුර මැදින් ඔය රුව දැක ගන්නට දොරකොඩටම වී මග රැක ඉන්නට වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන විඩා ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
මම කියවමි
ReplyDeleteමා සිතන පතන දෑ
ඔබ ලියන්නේ කෙසේදැයි සිතමින්
මහද පත්ලේ ගැඹුරුම තැනක සැගවූ
ඒ සිතුම්
ඔබ සොරාගත්තේ කෙලෙසදැයි
විපිළිසර වෙමින්
ඉතින් මා කියවමි.
එකම වෙනස ඒ "ගැහැණු සුවද"ක් වීමය....
Deleteමම වටහා ගනිමි
Deleteඅඩු වැඩි වශයෙන් මෙවන් කතා
තව බොහෝ හිත් වල
පැසවන බව
ඉතින් මම වටහා ගනිමි