සින්න උනාට පස්සෙ
දෑතම පිහියට
ලියවිලා ලියවිලා දැන්
මාපටැ'ඟිල්ලත්
ඕසෙට...
දැවිල්ලයි ඇස්
ලියල ලියලම
බොම්බයි ලූණු ම
එහෙම බලනකොට,
කඳුළක් කවි කරන එක
ඊට වඩා කොයිතරං ලේසිද...
ඔට්ටු වෙන්නෙ ගින්දරේමයි
මුලු දවස තිස්සේම
දැනෙන්නේ ගින්දරේ උණුහුම
ඒ වුනාට,
කවි වලට නම් මේ උදුවප්
මොන තරම් සීතද....
ඇත්තටම
කවි වගේ ලස්සන නෑ
මේ ජීවිතය
හැබැයි වෙනසක් නෑ
කවි තරම්ම රහයි
මං උයන කෑම....
සඳට බැළුම් හෙලූ අය
Dec 21, 2020
විරාමයකදී !!
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...












අපි කථා කරාම තුම්මුල්ලට ඩිලිවර් කරන්ඩ බෑ කිව්ව බව කනගාටුවෙන් සදහන් කරමි....ඩිලිවරි වියදම කස්ටමර්ට ගෙවන්න කියන්න...එහෙම ලැබෙන ඕඩර්ස් අත අරින්න එපා...
ReplyDeleteමෙහෙම ස්පෙශල් අය කතා කරද්දී කවුදෑ කින්දෑ මන්දෑ කියන්නට ඕනෑය.පේජ් එකේ මගේ නම්බර් නැතිය.එහෙම කතා කලාම සඳවතීව ඉල්ලා සිටින්නට ඕනෑය.හයියෝ සංසාරේ
Deleteඅපි එහෙම බවක් දැනගෙන හිටියේ නැතිය...සමාවෙන්ට ඕනෑය...මෙහෙම ෆොටෝ දැම්මාම බඩගින්න වැඩි වෙනවාය...
Deleteඅනේ ඊ ළඟ පාර කතා කලහම කට්ටකාඩුවේ කතා කොරන්නේ සඳවතී කිව්වාය මට කෑම දෙන්නං කියා කියන්නට ඕනෑය.😉😉
Deleteඅන්තිම කවි පද දෙකේ තියෙන ආත්ම විශ්වාසය ඉතාම වටිනවා.
ReplyDeleteclay pots වල කෑම ගන්න අය ඒව return කරන්න ඕනෙද.
ස්තූතියි ...නෑ රිටන් කරන්න ඕනේ නෑ.ගොඩක් අය මගෙන් දෙවෙනි තුන් වෙනි වතාවට ගන්නකොට කලින් ඒවා රිටන් කරනවා තියාගන්න බෑ කියල එහෙම උනාම ඊළඟ ඕඩරේදී පොට් එකේ ගාන අඩු කරලා දෙනවා.
Deleteඅනේ කවදා කන්න ලැබෙයිද මේවා. කොරෝනා කරපු හරියක්.
ReplyDeleteඒකනේ...
Deleteමම ආසයි "ඕසේට" කියනන වචනේට .
ReplyDeleteමුලින්ම ඔය වචනේ ඇහුවේ සුදු ඇදගෙන කළු ඇවිදින් කථාවෙන් .
ඔයා පට්ට ක්‍රියේටිව්.
තරහ නැතුව පොඩ්ඩක් ඉන්න , මම එනවා !
ස්තූතියි ..ස්තූතියි ...
Deleteනියමයි. ඒත් ඉතිං අපිට ඕව කන්නනං කොළඹම එන්න එපැයි.
ReplyDeleteආපු වෙලාවක කමුකෝ
Deleteකෑම දැක්කම බඩගිනියි. කවිය දැක්කම දුකයි. දිරිය දියණියක ලෙස ජීවිතය ජය ගැනීමට අවැසි දිරිය ශක්තිය සඳවතීට හැමදාමත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. කොරෝනා ටිකක් ශේප් උනාම ඔයාගෙන් කෑම එකක් කන්න එනවාමයි.
ReplyDeleteස්තූතියි ...ඒ ප්‍රාර්ථනාවට පූ...එන්න එන්න දවසක ඇවිත් යන්න.
Delete