සඳට බැළුම් හෙලූ අය
සඳවතී මං

- සොඳුරු සඳවතී
- රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...
Jun 5, 2019
SHHHHHHHHHH.....
තොරතුරු දැනගැනීමෙ පනත - ඒක
අහෝසි කරලද
හදිස්සි නීතිය - එතකොට
ඒක බලාත්මකද දැන්
ඒ උනාට ,
ද්වීපාර්ශික ගනුදෙනුවකදි
ඒකාධිපති තීරණ
කැතයි නේද...
මං දැන් පිපිරෙන්න ඔන්න මෙන්න
මං ගැනම දුකින්
මං ගැනම ආත්මානුකම්පාවෙන්
ඔයාට බැරිද මට වෙඩි තියන්න
පපුවටම - ඔව් පපුවටම...
නිහඬවීම කියන්නෙ ඉවසීමට නම්
ඉවසීම කියන්නෙ දරාගැනීමට නම්
ඔව් ඔයා දිනුම්...!
ඒත්
මඟහැරීම කියන්නෙ අත්හැරීමට නම්
අත්හැරීම කියන්නෙ අවසානයට නම්
නොකියාම යන්නෙපා හොදේ ...!
* සමාවෙන්න ගනුදෙනුව කියන වචනෙට මං කැමති නෑ.ඒත් මොනවා කරන්නද
Subscribe to:
Post Comments (Atom)
කාලීනව ඇහෙන වචන ගොන්නක් ලස්සණ ගෙත්තමක් කරලා . නියමයි .
ReplyDelete"මඟහැරීම කියන්නෙ අත්හැරීමට නම්
අත්හැරීම කියන්නෙ අවසානයට නම්"
මඟහැරීම කියන්නෙ අත්හැරීමටවත් අත්හැරීම කියන්නෙ අවසානයටවත් නෙවෙයි හැබැයි .