සඳට බැළුම් හෙලූ අය
Aug 21, 2017
මගෙ සුදු ආඩම්බරකාරී !
කලු පාට ලොකු බෝල ඇස් අගින් හිනැහෙච්චි
ඒ හිනාවට උදේ මල් පවා ඇහැරිච්චි
මා එක්ක මහ දුරක් යන්න වාරුව වෙච්චි
හද ඉවුර මත වැහුව නුඹයි මගෙ බට්ටිච්චි
මගේ සෙනෙහසේ තටු වලින් තව පිම්බිච්චි
දාංගලෙ පොඩි එකෙක් වගේ තව නැට්ටිච්චි
පොට්ටුවක් තිබ්බාම වගෙයි හැඩ තංගච්චි
පළන්දන්නද උඹට මාලයක් මීනච්චි
පොඩි නෝක්කාඩු ළඟ මලක් වගෙ මැලවෙච්චි
තොදොල් වෙන්නට ඉඩක් ලැබෙන තැන පැලවෙච්චි
කිරිල්ලක් වගේ නිදහසේ ඔහෙ ඉගිලිච්චි
ඉතින් මගෙ ජීවිතේ නුඹට සින්නම වෙච්චි
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

Beautiful....!!!
ReplyDeleteThanks Archiiii
Deleteනුඹ සමග බොහො දුරක් ගිය දෙපා ඇවිලිච්චි
ReplyDeleteනුඹ නොදන්නා නමුත් පය රිදුම් ඇතිවෙච්චි
නුඹගෙ තටු වලට මගෙ ඇටකටුද පොඩි වෙච්චි
නුඹටනම් විහිලුවකි මගෙ හුස්ම නැතිවෙච්චි.... :) :)
ජයවේවා!!!
හි හී අයියෝ මට හිනා... සත්තලන්ගෙන් අහලා බලන්න ඕනෙ එහෙමද කියලා
Deleteමට නම් ලස්සනම පදය තමයි මේක ;-)
ReplyDelete"මා එක්ක මහ දුරක් යන්න වාරුව වෙච්චි"
නියමයි
ස්තූතී මනස්ගාත
Deleteලස්සනයි සඳු
ReplyDeleteඅර කවියද අර එදා කිව්ව
කෝ ..කෝ..කොදාද
Deleteඑප්පුඩි සුහම්? නල්ල කවි ටික තංගච්චී..
ReplyDeleteඋඹේ කවි කියවලා අපි අතරමං වෙච්චී..
පොඩි එකා කෑ ගහයි කිය කියා අප්පච්චි ..
පෝ ඉට්ටු වාරේන්.. කියා අපි මංගච්චි.. :))
අඩේ කමියෝ .. ඒක මරු
Deleteමවට දුවක මිස.. නේද..??
ReplyDeleteහරිම සුන්දරයි අක්කෝ..!!
හෑ... එහෙමත් ගන්න පුලුවන් වගේද..? ස්තූතී වැසි දැරිය
Deleteනියමයි සඳවතී .
ReplyDeleteස්තූතී බක්කරේ
Deleteඇටකිච්චි....දෙමලිච්චි..නෙල්ලි ගහේ එල්ලිච්චි
ReplyDeleteඅනේ දෙයියනේ පව් ඇටිකිච්චි
Deleteලාාාාාාාාාාාාාාස්නයි .....
ReplyDelete