සඳට බැළුම් හෙලූ අය

Dec 18, 2017

මගේ රත්තරන් !





වෙලාවක් කලාවක් නැතුව හිටි ගමන්
අපි එහේ යමුද අනේ
අනේ එහෙ බැරිනම් මෙහේවත් යමුද අහද්දි
බොරුවට රවල පුප්පල ගනන් ඉස්සුවට
හා.. එහෙනම් ලෑස්තිවෙන්න  කියද්දි
මගේ මූනෙ පිපෙන හිනාව දකින්න
ඔයා ආස නෑ කිව්වොත් ඒක  බොරුවක්...

මහා හයියෙන් වහිද්දි අයිස්ක්‍රීම් කන්න හිතෙන
ගිනි ගහන්න පායද්දි හොට් චොකලට් බොමුද අහන
පාරෙ යද්දි දකින දකින කඩෙන් කන්න 
එක එක ජාතියේ බඩගිනි හැදෙන
මම වගේ පිස්සු හටනක්
ඔයා වගේ තුන් වේල අම්මගෙන් රතුහාල් බත්ම කාපු කොල්ලෙක්
කොහොම ඉවසුවද... තාමත් ඉවසනවද
කියන එක වෙනම කතාවක් ඉතින්...

කරන්ට් එක නැති දවසට ගෑස් ලිපේ බතක්
කිරිබතක් නොකර උයාගන්න බැරි
හත් අට පාරක් ගහලත්  ගාණට මිම්මට නොබිඳෙන
පොල් ගෙඩිය  එක්කත් කේන්ති එනකොට
ඇවිත් හිමිහිට කුස්සියට
එකම පාරින් ලස්සනට පොල් ගෙඩිය බිඳින ඔයා
මට වීරයෙක් තමයි ඉතින් ඒ වෙලාවට මං  ඒක නොකිව්වට...

පුංචිම පුංචි දේටත් හිත රිදෝගෙන
කඳුළු වක්කරන මාව
ඉස්සරවගේ ළඟට අරගෙන සනසවන්නෙ නැතුව
සැර දාන්නෙ දැන්
ඔයා කියන විදියට මං හදන්නම
බැරි එකියක් නිසාමද ...

රෝද හතරෙන් එක පාරටම රෝද දෙකට වැටුනම
තියෙන අපහසුකම් මම හැංගුවට
ඔයා දුකින් වග මම නොදන්නවා නෙවෙයි
ඉස්සර වගෙ හිතූ හිතූ වෙලාවට
දැන්  ගමන් යන්න බැරි බව
මම විතරක් නෙවෙයි ඉස්තලන් පැටියත්
තේරුම් අරන් ඉන්න එක
ඔයාට සතුටක් නොවී දුකක් උනේ කොහොමද ..

අපි ඉවසමු අනේ
අපිට අපි ඉන්නකොට
ඔය ඇතිවෙන නැති වෙන
දේවල් ගැන මොකට මේ හැටි  ලතැවෙනවද ...

17 comments:

  1. හරිම ආදරණිය වදන් පෙළක් . "ලස්සනයි" කියනවට වඩා කියන්න ඕනේ ........ අරුත්බර පද පෙළක් කියල .

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි කළණ සැබෑව ලියවෙනකොට බොහොම අදරණීයයි තමා කොහොමත්

      Delete
  2. ආදරණීයයි.. රත්තරන් හරි වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොච්චි... මමයි වාසනාවන්ත

      Delete
  3. හරි හරි.. ඉක්මනට ආයි රෝද හතර උනාම රෝන්දේ යන්න බැරිය හිතු මතේ.. ඒ වගේද පොල් ගෙඩියක්ම තියෙන එක ගැන කොච්චර සතුටු වෙන්න ඕනිද මේ කාලේ.. :)

    වැඩිය එහෙ මෙහෙ නොයන මේ ටිකේ ගෙදෙට්ට වෙලා ඉඳගෙන හරියට බතක් උයා ගන්න ඉගෙන ගත්තනං නරකද? ;)

    ReplyDelete
    Replies
    1. හි හී ඔව්නෙ ඔව්නෙ එකසියම පහළොවක්නෙ ගෙඩියක්..අයියෝ මට රසට උයන්න පුලුවන් හරිද... මම මේ කිව්වෙ කරන්ට් ගිය වෙලාවට රයිස් කුකර් එක නැතු උනාම ලිපේ බතක් උයාගන්න බැරි එක...එහෙම දවසටනම් හැමදාම කිරිබත් තමා.

      Delete
  4. සත්තරන් කිව්වෙ රෝද හතරක් වෙනුවට ජෙනරේටරයක් ගන්නව කියල නිතර ලයිට් යන නිසා..බෙරි බත් අරහංලු...!

    ReplyDelete
    Replies

    1. හි හී ජෙනරේටරයක්ද ඇත. ඒක බත් උයන්නට ඔන් කරමුයි කිව්වම කැඩිලාය. උන්දෑගේ පත්තරේ කරන වෙලාවට විතරක් කරන්ට් ගියොත් ඒක වැඩය.

      Delete
  5. සදා කල් සතුටම දකින්නට හිතා අතැඟිළි එක්කරන්
    එදා නුඹ මා මගුල් පෝරුවෙ හිටියෙ හදවත් ළන් කරන්
    බෙදා ගෙන දුක කඳුල නුඹ මා අසළ හිටියේ දිරි අරන්
    සදා කල් නුඹ ලබාගන්නට පින්වුණා මහමෙර තරන්.....

    ජයවේවා!!!

    ReplyDelete
  6. ඒක රහයි වගේම ඒ ජිවිතෙත් අපුරුයි
    ජය සඳු ජයගන්න ජිවිතේ

    ReplyDelete
  7. අනේ ඉතින් පව් අසරණයා.....

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...