සඳට බැළුම් හෙලූ අය

May 27, 2018

නුඹ වගෙම මමත් මේ දැනුත් මඟ බලනවා !



පැල් බැඳන් වැහි කුමරි නුඹේ දුක අහනවා
කල් පනා අතීතෙක මටත් දුක 
දැනෙනවා
නිල් කුඩේ තුරුලකට එන්න හිත හඬනවා
මල් සුවඳ මා නමින් නුඹේ ලඟ තබනවා.....

                          - දුමී -



කල් බලා වහින වැහි මතක සුව ගෙනෙනවා
මල් තුහින මේ දැනුත් කම්මුලක් සිඹිනවා

විල් තෙරේ විහඟනුත් නුඹ ගැනම අහනවා
 

නිල් කුඩේ යට තවම නුඹට ඉඩ තියෙනවා

                  - සොඳුරු සඳවතී -

14 comments:

  1. ම්......
    හෑ.......
    ඕ......
    හා......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ම්......
      හෑ.......
      ඕ......
      හා......

      ස්තූතියි දුමී

      Delete
  2. දුමී කිව්වෙ දුම්න්ද අබේසේකර ද?

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. එයා තමයි කවි කමෙන්ට් දාන දුමී..... ඒ දුමී හැර වෙනත් දුමීලාත් සිටීද ?

      Delete
  3. එදා කිව්වත් දාන්නැයි කියා .....
    කල් බලා දැම්ම මේ පොස්ටුව මතක සුව ගෙනෙනවා

    ReplyDelete
  4. වැහි කුමාරි ඇයි ද මේ නොනැවතී
    හඩන්නේ
    නුබ එයිද මග බලන් නේද මේ
    හඩන්නේ
    හඩවන්න ඇයි ද මේ අපවත්
    හදන්නේ
    වැහි කදුළු නවතන්න නුබටමයි
    දැනෙන්නේ
    නිල් කුඩේ යටට ඇයි තවමත්
    නොයන්නේ...

    ReplyDelete
    Replies
    1. ලස්සනයි... ස්තූතියි ඉරෝමනී

      Delete
  5. හ්ම් නිල් කුඩයක්

    එක කුඩයක් යට ගැවී නොගැවී
    දවසක් හැන්දෑවේ
    මම කැමතිම සිංදුවක් ඒක මතක් උනා

    ReplyDelete
  6. දෙන්නගෙම කවි ලස්සනයි

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...