හීතලට හිම මිදුණු
මීඳුම් හැන්දෑවක
සිසිරයෙන් තෙත බරිත
මුඳු ලැවැන්ඩර් යායක
සරත් සමයට මඟහැරුණු
තද ලේ පාට මේපල් පතක
හීතලට ඇවිලිච්ච
උස බීර බඳුනක
සත්තමයි
මම ඉන්නවා...ඔබට දැනෙනවානම්.....
අළු පාට ආකහේ අරුණෝද
සළු අඳින කනිසමක
උණුහුමට වක්කරන
කලු කෝපි බඳුනක
කවුළුවෙන් එහා අන්න අර පේන
දම් පාට මෝනිං ග්ලෝරියා මලක
හිම යායක හුදකලාවම
වැලපෙන විලෝ ගසක
සත්තමයි
මම ඉන්නවා....ඔබට දැනෙනවානම් ....
හීතලේ හිම කටුව ඇනෙනකොට
හිරිවැටෙන කොපුලක
දෑත් පා පෙරවගෙන ගුලි ගැහෙන
උණු හිම කබායක
ප්රියසාද තෙපුල් මැද පිරෙන
ඉතිරෙන රතු වයින් බඳුනක
ලයෙහි ලෙය උණු කරන
ශෘගාර සල්සා නැටුම කෙලවරක
සත්තමයි
මම ඉන්නවා....ඔබට දැනෙනවානම් ..
ඔබ ඉන්නවා, දැනෙනවා... ආදරේ තුරුලු කර ගෙන...
ReplyDeleteඑහෙනම් එච්චරයි.....හිහී
Deleteමේ සිතුවිලි, මේ කවි, හරිම ලස්සනයි සඳවතියේ. කියෙව්වත් හිතට සනීපයි.
ReplyDeleteගොඩක් ස්තූතියි පූ ඒ අගය කිරීමට
Deleteමැවිලා පෙනෙන තරමට හද බැඳී නිසඳැසක්
ReplyDeleteඔව්නේ... මේ ඉතින් අයියලට හුරුපුරුදු දසුන්
Delete//හීතලේ හිම කටුව ඇනෙනකොට
Deleteහිරිවැටෙන කොපුලක
දෑත් පා පෙරවගෙන ගුලි ගැහෙන
උණු හිම කබායක
ප්රියසාද තෙපුල් මැද පිරෙන
ඉතිරෙන රතු වයින් බඳුනක
ලයෙහි ලෙය උණු කරන
ශෘගාර සල්සා නැටුම කෙලවරක//ඔව් නේ :)
මෂෝර්කා නැටුමට අද පමණක් එන්න ?
ReplyDelete“ශිත කාලය උණුසුම් කර ගනීමට එක මෘදු බැල්මක් ප්රමානවත් ය .”
මේ පද පෙළ මගේ හිත කෙනිත්තුවා . පට්ට !😊🙏
මදි මදි මටනම් එක බැල්මකින් සෑහෙන්න බෑ....අනික එක දවසක් නටලා මක් කරන්නද ...හි හී. ස්තූතියි දිරිගැන්වීමට
Deleteමං නං ඉන්නෙ වසන්ත කාලෙ මුලදි දියවෙලා ගලන හිම පියල්ලක මැද...අපි වයින් බොන්නෙ නෑ...සීලෙ කැඩෙන හිංදා....
ReplyDeleteහැබෑට....කොච්චර දෙයක්ද.....හරි හරි අපි වසන්ත ගැනත් ලියමු කවියක්....
DeleteBeautiful one as always
ReplyDeletethanks dear
Deleteඒ පද වචන <3
ReplyDeleteස්තූතියි යාත්රා
Deleteනිස්සාර සංසාර හීනේ අතීතේ
ReplyDeleteඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා...
රැකගන්න නෙවෙයි දැකගන්න නේද ?මම ආසම සින්දුවක්
DeleteGood one....!
ReplyDeletethanks Archi
Delete