( La Sara Photography )
දුරින් හිද ඇස් වලින්
හී විඳින බඹරාන
එපා සුසුමන් ඔහොම
ආදරේ වපුරාන
සීරුවට සීරුවට
හිත මත්තෙ වැහුවාම
කොහොම ඉන්නද සෙනේ
පපු මැද්දෙ හංගාන
මඟහරිමි මඟහරිමි
තුරුණු සමනොල රෑන
මලක් වෙමි පමාවී
නුඹට මුඳු සුව ගේන
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
මට?....මේ මට?
ReplyDeleteනෑ මේ පොටෝවේ ඉන්න කෙනාට
Deleteවචනෙන් වචනෙට ලස්සන කවි පෙළක් කියෙව්වෙ ගොඩක් දවසකින්. හරිම ලස්සනයි සඳවතී💜️
ReplyDeleteස්තූතියි ඔබේ පැමිණීමටත් ඇගයීමටත්
Delete