ගුඩ් මෝර්නින් බියුටිෆුල් කැද ලවර්ස් ❤
දෙයියනේ කියා දැන් සීයකට තනියෙන් උයන්නට පුලුවන් ය.ඒත් උදෑසනින් නැගිට පේවි මේ කැද හැදිලි කවදත් මට අරහංය. ( එහෙමෙයි කියා ඔහේලා මාව බුදු බණේ එන භාර්යාවෝ සත් දෙනෙකුගෙන් එකියකට මා සමාන කොරන්නට එපාය ) ඒ නිසා මේ රසවත් ගුණවත් කැද කෝප්පයේ ක්‍රෙඩිට් එක මගේ නැන්දම්මාටය.එයා අපේ ගෙදර ඉන්න දවසට අපේ වත්තේ ගස් මාව කඩන්නකෝ බ්ලෙන්ඩර් කරන්නකෝ කිය කිය කෑ කොස්සන් දෙනවාය.ඒ නිසා අපිට උදේට කැද කෝප්පයක් වරදින්නේ නැත.මට තියෙන්නෙ මෙහෙම වක්කරගෙන හොදට බොන්න විතරය.
ආ..අද මේ තියෙන්නේ කොල්ලු කැදය.අද කොල නැත.මේවා ඇට ගෙනත් සෝදා වේලා ගෙදරම කොටාගත් ඒවාය.ඒ නිසා ඔහේලාට හූ ..හූ..ඔය කොල්ලුමද කියලා ශුවර්ද අහන්නට බැරිය.ඊළඟට ඔය සූටි ඉස්පන්චි (පොශ් නම කප් කේක් හෝ මෆින් හොදේ ) අපේ චෙෆ් කොල්ලාගෙනි. සූටි කිව්වේ එව්වා මිනි ඉස්පන්චි නිසය.එයා ලොකු එව්වත් හදනවාය.ඉහිම්..ඉහිම්...බලන් යනකොට මෙතන මගේ මුකුත්ම නැතිය.මං හැදූ හාල්මැස්සන් බැදුමක් ඇති මුත් ඒක මෙතනට ගැලපෙන්නේ නැතිය 😪 ආ...ඔය කැද දැමූ මග් එක මා දෑවැද්දට ගෙනා එකකි..ඒ නිසා මට සතුටුය.
පසුව ලියමි: පොටෝවට ලස්සනට තිබ්බාට ඔය ඉස්පන්චි මා කෑවේ නැතිය.
අපි හොද ළමයි වෙමුය.සීනි කන්නේ නැතිය.🙃
පඩුවටත් පසුව ලියමි
මේ මග් එක මා ගෙනා අටමගලක් නොවන බවත්,එය බියර් බොන්නට පිලියන්දල චන්දුලෙන් ගෙනා එකක් බවත් තහවුරු කරගන්නා ලදී.අහෝ දුකය...පෙන බුබුළු නලියන සීතල පහසකින් නිතර නිතර මන්මත් වෙන්නට සිතූ මග් එකකට වූ හරිය හරිම කූරය...🤭

ඒ කැඳ එකට හාල්මැස්සො බැදුමත් නරකම නෑ හිටං.
ReplyDeleteඔව් නේද ලොකු අවුලකුත් නෑ වගේ බලද්දි.ස්තූති මෙහෙත් ආවට.
Deleteකැඳ උනත් බ්ලොග් එකට දාලා ගත්තම රසයි.
ReplyDeleteආයෙත් අහල කැද වලින් හරි බ්ලොග් එක ගොඩ දාන්න ඕන්‍රෙ
Deleteකැඳ , කෑම, එදිනෙදා සිදුවීම් ඕනෙ ඕනෙ එකක්. ලියනව නං එච්චරයි.😁
Delete++++++++++++++🙏💐
ඔව්නේ මේ කැද හැදිල්ලට කැද කතා සීසන් එකක්ම ලියන්න පුලුවන් වෙයි වගේ
Deleteඒ තාත්තාත්, මේ තාත්තාත් හැර තවත් තාත්තලා සිටී ද?
ReplyDeleteකොයි තාත්තලාද 🤔
Deleteස්තූති ඔත්තුවට යන්න ඕනෑ එහෙත්
Deleteකැඳ ඉතින් රසවත්
ReplyDeleteගොටුකොළ මුකුනුවැන්නත්
සීනි වෙනුවට කිතුල් හකුරුත්
එක්කොට හදයි මගේ නෝනත්
පදමට දමා ආදර තරවටුවකුත්
පොවයි පවුලට
සතියට වරක්වත්.......!
ස්තූති මෙහෙ ආවට. සතියකට වරක් ශේප්නේ.මේ ටිකේ අපි ඩේලි 🤭
Deleteබියර් මග් එකේ තේ බිල තියනවද ? මරු . ආ කොල්ලු කැඳ හදන හැටිත් දාන්නකෝ හංගන්නේ නැතිව
ReplyDeleteනැන්දම්මා කොල්ලු ගෙනත් හදනකං මං දැනන් හිටියේ නෑ කැද බොන බව.මං,දන්නෙ කොල්ලු දෙන්නෙ අස්සයන්ට කියල.🤭
Deleteකැද හදන්නෙ මෙහෙමයි කොල්ලු ගෙනත් සෝදා වේලා ගන්න ඊට පස්සෙ කබලේ බැදගන්න.මුංඇට වගේ.බැදෙනකොට ඒ සුවඳමයි.ඊට පස්සෙ බ්ලෙන්ඩරේකින් හොදට කොටා ගන්න.ඊට පස්සෙ කොල්ලු පිටි.එව්වා ඉතින් සාමාන්යෙන් කැද හදාගන්න පිලිවෙලටම තමා ඊට පස්සෙ හදන්නෙ.සුදු හාල් ටිකක් උයාගෙන ඒකත් කොටාගෙන පොල් කිරිත් දාලා කොල්ලු පිටි වලිනුත් උවමනා ප්‍රමාණෙට දාලා.අවශ්‍ය නම් සීනි ලුණු දාලා උයාගන්න
Deleteහප්පෝ වැඩ වැඩියි . අපි ඔය කොල්ලු ව්ලාට කලා කියන්නේ . ටිකක් කඩල වගේ . ඕක තම්බපු වතුර අම්ම ඉස්සර අපට බොන්න දෙනවා . අපට ශක්තිය ලේබෙනවා කියල . ලංකාවට ආපු වෙලාවක බොනවා .
Delete