සඳට බැළුම් හෙලූ අය

Jan 19, 2012

ඉතින් අවසරයි..............

හුගාක් කාලෙකට පස්සෙ ඔන්න මං ආයෙමත් මේ පැත්තට ආවා....අනේ මංදා හැම තිස්සෙම මොනවාම හරි කුරුටු ගාන මම මේ බ්ලොග් එක අතඇරල අවුරුද්දක් එහෙමත් නැත්තන් දෙකක් විතර කාලයක් ඔහේ බලන් හිටිය.ඒ කාලෙ ඇතුළත ජීවිතේ මොන තරංනම් දේවල් සිද්ද උනාද.......දැන් ජීවිතේ ඉස්සරටත් වැඩිය කාර්ය බහුල වෙලා.

ආයෙමත් මේ බ්ලොග් එක ලියන්න ඕනෙ කියල හිතට දැනුනෙ සයිබර්වකාශයෙ අහම්බෙන් ගොඩ වැදුන නවාතැන් පලකදී ජීවිතේට සමීප වූ දයාබරයන් පිරිසක් නිසා. ඇත්තටම එයාල නිසා මට යම්කිසි නිර්මණශීලි හැකියාවක් තිබුණනම් ඒක වැඩි දියුණු වූ බව මම හැමදාම පිලිගන්න ඇත්තක්.එයාලා හැමොටම උපහාරයක් හැටියට මම ආපහු මේ අඩවියේ සැරිසරනව.....

මේ බ්ලොග් එක ආපහු නැවුම් හැඩයකින් ඔබට පුදන්න මට උදවු කරපු පිස්සු පූසා මල්ලිව මම මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනව.බ්ලොග් එක දිගටම කරගෙන යන්න කවියො.... කියල මාව හැමදාම දිරිමත් කරපු චතූ ඔයාටත් මම ගොඩක් ස්තුතී කියනව.ඔයාලගෙ දිරිමත් කිරීම් ,අවවාද , අදහස් වගේම උදහසුත් මම අද වගේම හෙටත් බලාපොරොත්තු වෙනව.

ඉතිං එන්න........... නේක රටා මවූ අහස් තළ සිසාරා සොඳුරු සඳවතී හිනැහෙන හැටි
බලන්න.......

3 comments:

  1. මමද එක.. මේ නැවත පිඹිදිම චිරාත් කාලයක් සදහා වේවා කියලා මම මුලින්ම පතනවා.. දිගටම අපිට නිසදැස් දෙන්න කියවන්න.. අර ඔයාගේ කෙටි කතාවත් දෙන්න ඕදෙ

    ReplyDelete
  2. අද තමයි මුලින්ම ආවේ. ඉස්සරහටත් එන්නම්කෝ

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...