සඳට බැළුම් හෙලූ අය

Jan 20, 2012

සොඳුරු සඳවතී



තරු අරණ සරසන්න
සඳ වතිය පායන්න
මගේ ලොව එකළු කර
ඔබේ ඇස් දල්වන්න
සදාදර බැති පෙමින්
ඔය දෙපා දෝවන්න
සඳ එළිය ඇබින්දක්
අරන් හනිකට එන්න.....

සේපාලි සුවඳ ගෙන

සීත මඳ නළ එන්න
හද නිම්නයේ කවුළු
දැන් විවර කරලන්න
නුරා පෙම් යහනාවෙ
පිච්ච මල් අතුරන්න
පෙමාතුර මගෙ හිතට
ඔබේ වාරුව දෙන්න....

පිණි කඩා හැලෙන රෑ

තරු නිවා හංඟන්න
සේඳ සළුවෙන් වසා
සඳ අනේ දුර යන්න
පිණි වැටෙන සීතලේ
උණුහුමට ගුළි වෙන්න
ඔබේ ඔය පපුතුරේ
ඉතිං මට ඉඩ දෙන්න.....


4 comments:

  1. අපූරු පද පෙළක් සහෝදරි.... ලස්සනයි.. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මේ පැත්තට ආවට සහෝදරී

      Delete
  2. සදවති නැතුව කවිකාරි කියලා හැදුවනම් ගති නේද? මොනවා වුනත් ඔයාගේ නිර්මාණ ගති

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.... ඔව් ඉස්සර ඉදලම හැමෝම මට කියන නම කවිකාරි... ඒත් මට හිතුනා පොඩ්ඩක් වෙනස් වෙන්න පූ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...