සඳට බැළුම් හෙලූ අය
Feb 13, 2012
රතු මල් සාරිය......
ඔව් රත්තරං
ඒ අපේ ආදරේ ලස්සනම දවස්
ඒ ආදරේ සුවඳ තාමත් හිත පුරා තැවරෙන්නෙ හරීම ආදරණීය විදියට
ඒ මතකය දිගේ කොච්චර ගිහින් ආවත් එපා වෙන්නෙ නෑ.....
හති වැටෙන්නෙ නෑ.....
අදත් ඔන්න මං ඒ පාර දිගේ චුට්ටක් ඇවිදින්න යනව.....
ඒ අපේ ආදරේ පටන් ගත්තට පස්සෙ ආපු මගේ මුල්ම උපන්දිනය....
ඔයා මට තෑගි කලේ සුදු පසුබිමේ රතු මල් වැටුණ සාරියක්
" ආයේ මාව බලන්න එනකොට මේක ඇදන් එන්න හොදේ මට ලස්සන බලන්න "
ඔයා එහෙම කිව්වම මට තරු විසිවුණා
ඇයි දෙවියනේ කවදා මම සාරි ඇදලද...
ඒත් මම හා කිව්වා
ඕන තැනටයි එපා තැනටයි හැම තැනටම
ලේසියට පහසුවට ඩෙනිමක් දාගෙන දුවන මට සාරි ඇදිල්ල අලුත්ම අලුත් අත්දැකීමක් වුණා
සාරි ඇදිල්ල කෙසේ වෙතත් සාරියක් ඇදගෙන ඉන්න ඕන පිළිවෙලවත් මම දැනගෙන හිටියේ නෑ....
එත් මටත් ලොකුවට උවමනාව තිබුනා
මේ හපන්කම කරලා ඔයාට පෙනන්න
එහෙන් මෙහෙන් පටලගත්තු සාරියත් උස්සගෙන පය පැටලි පැටලී ඔයාගෙ ඉස්සරහට ආපු මාව දැකල
ඔයාගේ මූණේ ඇඳුණු හිනාව........
මගේ මූණ ලැජ්ජාවට ජම්ඹු ගෙඩියක් වගේ රතු වුණා
ටිකා....ක් වෙලා හිස ඇල කරල මං දිහා බලා උන්ණු ඔයා
" ලස්සනයි මගෙ මැණික "
කියල මාව පපුවට තුරුළු කරගත්ත....
මතක් කරන මේ දැනුත් ඒ හිරිවැටීම එදා වගේම හිතට දැනෙනව රත්තරං....
ඉතින් මේ වෙනකොට කාලය අපිවත් අපේ ආදරෙත් අරන් බොහෝ දුර ඇවිල්ල
රතු මල් සාරියේ පාටත් හේදිලා ගිහින්
ඒත් ..... ඔයා දන්නවද.......
අපේ ආදරේ තරම්ම ආදරෙන්
මං තාමත් ඒ සාරිය පරිස්සම් කරනව.
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
උයා රස මසවුලක් සෙනෙහසින් දල්වලා පහන් පැල බැතියෙන් අඳුර මැදින් ඔය රුව දැක ගන්නට දොරකොඩටම වී මග රැක ඉන්නට වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන විඩා ...
ලස්සන කතාවක් අක්කේ..
ReplyDeleteස්තූති මල්ලි හැමදාම මේ පැත්තට ඇවිත් යනවට
ReplyDeleteපාස්වර්ඩ් එක අමතක වේලා මාර කට්ටක් මේ දවස්වල කැවේ කවියෝ.... අද හොයාගත්තා.. ආයෙත් ඔයාගේ නිර්මාණවලට කමේන්ට් කරන්න පුලුවන්...
ReplyDeleteළමයි 2න්නෙක් 3දෙනෙක් හදාගත්තානම් හොදට ඔයාලගේ ආදරේ පරිස්සම් කරගන්න පුලුවන්
මම ඔයාව හැමතැනම හෙව්වා... ආර\චියක් නැත්තේ මොකද කියල හැමෝම කිව්වේ හාමිනේ ඉලපතෙන් ගහලා ඔයා ඉස්පිරිතාලෙ කියල. අනේ ආව එක ලොකු දෙයක් ඔයාගෙ කොමෙන්ටු නැතුව මට හරී පාලුයි
Deleteළමයි 2න්නෙක් 3දෙනෙක් හදාගත්තානම් හොදට ඔයාලගේ ආදරේ පරිස්සම් කරගන්න පුලුවන්
ReplyDeleteමේක නං ඇත්ත...
ඇත්තද?
Deleteආදරේ කොච්චර සුන්දරද
ReplyDeleteඔයාලව දැක්කම ආදරේට ලෝබ හිතනවා..
he he aadare berenawa kawiyage muunen affa...
ReplyDeleteආයෙමත් මරු කතාවක්... :ඩි
ReplyDeleteලස්සනයි....
ReplyDelete:)