සඳට බැළුම් හෙලූ අය

Mar 26, 2012

ඇයි නුඹ මට නුඹෙ සෙනෙහස කිව්වේ ?






හිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වීනම් මගෙන් මිදී
කෙටි පණිවුඩ ඇයි එව්වේ අලුත් වෙවී......

චන්දන ලියනාරච්චිගේ මේ ගීතය කණට ඇහෙන හැම වෙලාවකම නුඹ මගේ හිතට එන්නෙ නිරායාසයෙන්මයි.ඒ මන්ද කියනවනම් මම වගේම මේ ගීතයට නුඹත් පුදුම තරම් ප්‍රියයි.මේ නුඹේ වගේම මගෙත් ප්‍රියතම ගීතයක්.ඇස් පියාගෙන ගීතයට සවන් යොමද්දි නුඹ හා බැඳුණු මතකයන් හදවතේ සැරිසරන්න ගන්නෙ අනවසරයෙන්මයි.මතක් කරන්න දෙයක් අප අතර ඇත්තටම නැති තරම්.ඒත් නුඹ හා බැඳුණු අතීතයක් වගේම වර්තමානයකුත් අපි අතර ගලාගෙන යනව.ඒ මොකද නුඹ තාමත් මගේ හොදම යාලුවෙක්.අදටත් අපි ආ ගිය තොරතුරු කතා කරනව වෙනසක් නැතුවම සයිබර් අවකාශයේ හමුවුණාම.

එයා වගේම නුඹවත් මට මුණ ගැහුනේ අන්තර්ජාලයේ එකම මිතුරු පාරාදීසයකදී.එයාට මම කොයි තරම් ලං වුණාද ... කොයි තරම් බැඳුණද ඒ තරමටම මුල්ම කාලයේදී මං නුඹව කොන් කලා...නුඹෙන් වහං වුණා.නුඹ වෙනස් කෙනෙක්... ගොඩාක් වෙනස් කෙනෙක් විදියට මට හැගුණෙ දැණුනෙ.නුඹේ වචන ගොරහැඩී හරියට පිහිපාරවල් කඩු පාරවල් වගේ ළය පසාරු කරගෙන යනව.අන්තර්ජාලයට Chat කලාවට ආගන්තුකයෙක් වෙච්ච මම... කා එක්කවත් උඹ බං බොලං කියලවත් කතා නොකරපු මම... නුඹට වචනෙකින්වත් කිට්ටු වෙන්න බය වුණා.නුඹ Hi කියපු කිසිම දවසක මම නුඹට පිලිතුරු සපයන්න ගියේ නෑ. මම නුඹව දැක්කෙම නපුරෙක් හැටියට.මම කතාකලේ තෝරාගත්ත ටික දෙනෙක් එක්ක විතරමයි. නුඹව ඒ ගොඩට දාගන්න ඕන කමක් මට කවදාවත් තිබුනෙ නෑ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කාලයක් යද්දි සයිබර් යායේ ඒ හිත මිතුරු පාරාදීසය අපි හැමෝගෙම ජීවිත වලට නැතුවම බැරි තැනක් වුණා.කවදාවත්ම සජීවීව දැකලා නැති , කතා කරලා නොතිබුණු අපි ළඟම ඉන්න නෑයන්ට යාළුවන්ට සහෝදරයන්ට වඩා ළෙංගතු බැඳීමකින් බැදුණ.ඒ වෙනකොට නුඹයි මමයිත් යම් තරමකට සමීප වෙලා හිටියෙ.කතා බහ දැඩි වුණාට , දඩබ්බර වුණාට නුඹේ හිතේ මම ගැන පුංචි ළතෙන් බවක් තියෙන බව මට අවබෝධ වුණා.ඒ වෙනකොට මම උන්මන්තිකාවක් වගේ එයාට ප්‍රේම කරන්න පටන් අරන්.එයත් එහෙමයි.ඒ හිත මං වෙනුවෙන් අඩන බව වැලපෙන බව මමත් දැනගෙන හිටිය.ඒත් කවදාවත් අපි අපිට ආදරේ කරන බව පෙන්නුවේ නෑ... එකිනෙකාට කියාගත්තෙ නෑ... හැබැයි එහෙමයි කියල Chat Room එකට අපේ සමීපයන්ට ඒක රහසක් වුණෙත් නෑ.හැමෝම එයාවයි මාවයි ඈඳලා අප්‍රමාණ විහිළු තහළු කලා.ඒ විහිලු වලට කවදාවත් නුඹනම් සහභාගි වුණේ නෑ.

" ඌ හෙට අනිද්දා බඳින්න ඉන්නෙ කියල දැන දැන මොකටද බං ඌ මත්තෙ නැහෙන්න හදන්නෙ...?"

දවසක් නුඹ මගෙන් ඇහුවා. මට දුක හිතුනා ගොඩාක්.ඇත්ත ඒ වෙනකොට එයා පෙම්වතෙක්.එයාගේ Wedding දින පවා නියම වෙලා තිබුනෙ. ඒක මම විතරක් නෙවෙයි මුලු Chat Room එකම දැනගෙන හිටිය.ඒත් මම මැරීගෙන ඒ හිතට ආදරේ කලා එයාටත් හොරෙන්.

" ඌ විලියම් කුමාරයද උඹ ඔච්චර මැරෙන්න හදන්නේ ඌට...?"

නුඹ කලේම මගේ හිත රිද්දන එක.ඒ වෙනකොට එයා එයාගේ Wedding එකට නිවාඩු අරගෙන. Chat එන්නෙත් නෑ. මම හිටියේ පපුව හිර වෙලා මැරෙන තරම් දුකින්. මුලු Chat Room එකම කලේ වට වෙලා මගේ හිත හදන එක.

" උඹට ඕනෙ උගේ හොර ගෑණි වෙන්නද..?"

කවදාවත් හිත හැදෙන දෙයක් නොකී නුඹ කලේම මගේ දුර්වල තැනින් අල්ලගෙන මට පහර ගහපු එක.නුඹ මොනවද දන්නේ ආදරේ ගැන. මම එහෙම හිතුව.නුඹේ දරුණු වචන වලට මම කොච්චරක්නම් අඬල ඇතිද.අදටත් මේ ජීවිතේ මාව අඬවපු පිරිමි දෙන්න එයයි නුඹයි විතරමයි.

" මට කවුරුත් ආදරේ නෑ..."

හිත දුකින් පිරුණ වෙලාවක මට මතකයි මම නුඹට එහෙම කිව්ව.

" නෑ ඒක වැරදී... ඔයාට ගොඩක් අය ආදරෙයි...ඒත් ඒක ඔයාට දැනෙන්නේ නෑ... ඔයා ඉන්නේ අන්ධ වෙලා..."

ඒ වෙද්දි හේතුවක් නැතුවම නුඹ එයා එක්ක Chat කරන එක නවත්තල තිබුනෙ.අපි Chat Room එකෙ කතා කර කර ඉන්නවා දැක්කොත් නුඹ ආව සැනින් Log Out වෙන්නේ හරියට භුමිතෙල් ගෑවුණ ගැරඩියෙක් දුවනවා වගේ.

" ඇයි එයා එක්ක ඔච්චර තරහ..?"

" මං තරහ වෙන්නෙ මොන මගුලකටද... ඒත් මම කැමති නෑ ඌ උඹව මෝඩයා කරනවට..."

" කෙනෙකුට ආදරෙන් කතා කලාම ඒක මෝඩයා කිරීමක්ද..?"

මම එහෙම ඇහුව. නුඹ මොන මොනවාදෝ කියල මට බැනල බැනල යන්න ගියා.ඊට පස්සෙ සති ගානක් නුඹ මා එක්ක කතා කලේ නෑ.ඒක මගේ හිතට මොන තරම් වදයක් වුනාද.නුඹ රණ්ඩු කරන්න හරි මා එක්ක කතා කරනවනම් කියල මට හිතුන.කාලයක් නුඹ කතා කරනවට බයෙන් හිටපු මම නුඹ කතා නොකර අත ඇරියම ඊට වඩා බය වුණා.... දුක් වුණා

ඒ වෙනකොට නුඹට වගේම මටත් සමීප කීපදෙනෙක් මට කිව්ව නුඹ මං ගැන උනන්දුයි මට ආදරෙයි මට කැමතී කියල.මම හිනා වුණා මේ මොන විහිළුවක්ද......? මට කවදාවත් ලෙංගතු කමින් වචනයක් කතා නොකරපු නුඹ මට ආදරේළු......

" එයා ආදරේ කියන එක දන්නවද......?"

මම එයාලගෙන් එහෙම ඇහුව. " නපුරා " මම නුඹට කතා කලෙත් නුඹේ නමට වඩා ඒ නමින්.ඒ තරමට නුඹ නපුරුයි.

" ඔව් අපි ඉතින් නපුරුයි උඹලට... අරූ විතරනේ උඹට හොද..."

නුඹ ඒ කතාව අනන්ත මට කියලා ඇති.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කාලය විහඟ වේගයෙන් වසර ගනනාවක් ඉස්සරහට ගෙවිල ගියේ ගොඩක් දෙවල් වෙනස් කරමින්.අපි මුණගැහුණු මිතුරු පාරාදීසය වහල දැම්ම.යලුවෝ සී සී කඩ විසිරුනා.වෙනදා තරම්ම නැති වුනත් හිතට සමීපම කීප දෙනෙක් Msn , Yahoo ,Fb හරහා මිතුරු කම තහවුරු වෙලා තිබුන නිසා ඉඩක් ලැබුණු වෙලාවට ආ ගිය තොරතුරු හුවමාරු කර ගත්ත.

එයා කසාඳ බැන්ද... හ හ පුරා කියල හිතේ ඇති වෙච්ච කුලුඳුල් ප්‍රේමය හිතේ තුරුලු කරගෙනම මට යෝජිත විවාහයකට යන්න සිදු වුනා.ඊටත් පස්සේ දවසක අහම්බෙන් Msn එකෙදි මුණගැහුනු විටක නුඹ කතා කලා.

" මම ඔයාට කැමැත්තෙන් හිටිය... හිතින් ආදරේ කලා...ඒත් ඔයා එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු නිසා මම ඒක ඔයාට නොකියා හිටිය...."

Chat Box එක පුරා නුඹ ලීව දේ කියවල මාව එහෙමම ගල් ගැහුණ.ඒ වෙලාවේ හිතට ආපු හැම දෙයක්ම මම Type කරගෙන කරගෙන ගියා.මම Type කරන බව නුඹට වැටෙන නිසා නුඹ බලන් ඉන්න ඇති මොනවද මම මෙච්චර ලියන්නේ කියල.ඇස් දේක් කඳුලු වලින් බොඳ වෙලා මගේ ඇගිලි පවා වෙව්ලන්න ගත්ත.මම එක තත්පරේකට ඇස් පියාගෙන සිහි එලව ගත්ත.ඒ ලියපු හැම දේම Send නොකර Delete කරල මම අලුතින් මෙහෙම ලිව්ව.

" අදත් ඔයා මට මේ දේ නොකියා හිටියනම් මම කැමතී.අපි හැමදාම හොඳ යාලුවො වෙලාම ඉමු..."

එහෙම කියල මම නාන කාමරයට ගිහින් පැය ගානක් ඇඩුව. මට හිතුන එකම දේ ....... එකම දේ.......

නන්නාඳුනන පිරිමියෙක් එක්ක අකමැත්තෙන් දීග එන්න දවසකට කලින් හරි අනේ නුඹට මට ඕක කියන්න තිබුණා නොවේද.....



අහන්න සකිසඳ....
ප්‍රේමයේ එකම එක අංශුමාත්‍රයක්
අනේ නුඹ මට ඇගෙව්වානම්
එ දවස ,
මගේ ඉරණම මීට වඩා
වෙනස් වෙන්නට තිබුණා
අනේ මම නුඹට පෙම් කලානම්
එ දවස ,
අපි අපේ වන්නට තිබුණා....

34 comments:

  1. අයියෝ .................. දුක තමා මෙයා


    ආදරයෙන් මා ලැබුවේ කදුල පමණද මේ ලෝකේ කියාගෙන වත් ඉම්මු ඉතින් වෙන මොනා කරන්නද

    ReplyDelete
  2. මගේ ඇගේ ලේ කෝප වුනා...මුලින්ම කියවන කොට ඇත්තටම එහෙම හිතුනා මම හිතුවේ මේ ඔයාගේ අත්දැකිමක් කියලා එත් ටික ටික කියවනකොට තෙරැනා මේක ඔයාගේ හොදම හොද නිර්මාණයක් කියලා... ලස්සනටම ලියලා තියෙනවා.. ඔය කෙබර මොලේට මෙච්චර ලස්සනට අදහස් කොහොම පහල වෙනවද දන්නේ නැ අප්පා...

    ReplyDelete
  3. ලක්ෂ් - දුක තමා ලක්ශ්


    Pooh - හී මම හිතුවා දැන් කට්ටිය වලිගේ පාගා ගනී කියලා. එහෙම තමා අද්දැකීමක් නොවන දෙයක් පවා තමන්ගෙ කරගෙන ලියන්න ඕනෙ

    ReplyDelete
  4. හ්ම්ම්..ඔහොම තමයි බැඳීම් වල හැටි..පව් ඒ නපුරා.. එයා තමයි ඇත්තටම ආදරේ කරල තියෙන්නෙ. :(

    ReplyDelete
  5. සිත්රූ සිහින - හ්ම් ඔව් සමහර වෙලාවට අපි මතුපිටින් දකින දේට වඩා ඇත්ත ගොඩාක් වෙනස්.

    ReplyDelete
  6. hmm math hithuwe oyaage athdakimak kiyala...godak hodata kathaawa oyaage karagena liyala thiyanawa...

    ReplyDelete
  7. tweety - අපොය් හොද වෙලාවට බොලා මම ගැන දන්නේ. අය්යෝ නැත්තන් සේරම හිතයි මේක මගෙ කතාව කියලා

    ReplyDelete
  8. අපොයි Labels දැක්කහම එපා වුනා අප්පා. මම හිතුවෙම මේක සිරා සිද්ධියක් කියලා. ‍නියමයි කතාව නම් ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  9. බට්ටි - ස්තූති බට්ටි..... සිරා නොවුනට සිරා කරගෙන ලිව්ව ඉතින්... හික්ස්

    ReplyDelete
  10. ane mata tikak petaluna ethana boy la 2 ghenada kiya une ane mawa karakola atha eriya waghe kohoma unath kathawa lassanama lassanai akkiyoo

    ReplyDelete
  11. sandu - ඔව් සඳූ 2 ගැන තමා කතානයිකාව ආදරේ කල කෙනයි කතා නායිකාවට ආදරේ කල කෙනයි

    ReplyDelete
  12. මම හිතුවේ ඇත්ත කතාවක් කියලනේ.. වෙලාවට එහෙම නොවුනේ..

    ReplyDelete
  13. හිතට දැණුණා හුඟාක්........

    ReplyDelete
  14. Dinesh - මේ වගේ ඇත්ත කතාත් ඇති නේද දිනේශ් මල්ලි

    තරු අරුන්දතී -
    සාදරෙන් පිලිගන්නවා ඔයාව මේ පැත්තට අරුන්දතී

    ReplyDelete
  15. sAm (සෑම්) ස්තූතී සෑම්

    ReplyDelete
  16. අඩේ පිස්සු හැදෙනවා අප්පා මාර විදියට දැනෙනවා මම හිතුවේ සිරාම සිද්ධියක් කියලා කොමෙන්ට් කියවද්දියි මීටර් වුනේ මේක සිරා නෙමෙයි කියලා...ඒත් තාමත් මට දැනෙන්නේ මේක ඇත්තටම වෙච්චි සිද්ධියක් වගේ... මාරම ලස්සනයි අක්කේ.. ඔයාට සුපිරි හැකියාවක් තියෙනවා

    ReplyDelete
  17. ගැමියාගේ පත් ඉරුව - බොහොම ස්තූති මල්ලි

    ReplyDelete
  18. " අදත් ඔයා මට මේ දේ නොකියා හිටියනම් මම කැමතී.අපි හැමදාම හොඳ යාලුවො වෙලාම ඉමු..."

    lassnayi sudu akkii

    [(chaturanga (mucix...)]

    ReplyDelete
  19. මේ පැත්තට නම් මං අමුත්තෙක්.ජය වේවා සහෝදරී..
    මේවා හිතන හිතටයි , ටයිප් කරන අත් දෙකටයි, බොහොම පිං...

    ReplyDelete
  20. කියාගන්න බැරිව
    දහසක් දේ ගොළු වුණ
    නිහඬ දෑස් මතින්
    හදවතින්ම ඉපැදුන
    මොරගැසීමක
    ල බැදි කඳුළක තරම..

    මමත් හිතුවෙ ඇත්ත සිදුවීමක් කියලා.. උපරිමටම ලියලා තියෙනවා අක්කා.. :)

    ReplyDelete
  21. SULAGA TEAM - ස්තූති චතු මල්ලියා සුළඟ කිව්වම මම ඉතින් දන්නවා ඒ ඔයා කියලා

    රස්තා -
    සාදරෙන් පිලිගනන්වා ඔයාව බොහොම ස්තූති

    නන්ඳු - මේක යථාර්තයකට බොහොම සමීපයි නන්ඳු නගා බොහොම ස්තූති මේ පැත්තට ආවට

    ReplyDelete
  22. මම හිතුවෙත් ඇත්තම කතාවක් කියලා.. එහෙමම ලියලා.. ලස්සනයි ..හිතට වැදුනා..

    ReplyDelete
  23. හිතුවක්කාරි - ස්තුතී හිතූ

    ReplyDelete
  24. ඔන්න අදමයි මේ පැත්තට ආවේ... ලස්සන කතාවක්, මම හිතුවෙ ම ඇත්ත කථාවක් කියලා, නොවෙන්නත් බැරි නෑ නේද?

    ReplyDelete
  25. ඇත්තටම මම මේ පැත්තට ගොඩ වැදුනේ නම් කමෙන්ට් එකක් හරහා....

    මේක කියවනකොට හිතුනා කොච්චර ලස්සන බ්ලොග් මග ඇරිලාද කියලා...

    මේක අත්දැකිමක් කියලා නොකිවාට මෙහෙම යන්තම් හරි සිද්දි මේ සයිබරේ ගොඩාක් වෙලා ඇති....

    ගොඩාක් හිතට දැනෙන විදිහට ඔයා ඒක ලියලා තියනවා....

    ජය වේවා...

    ReplyDelete
  26. ම්ම්ම්... මේක කියවනකොට ගොඩ දේවල් මතක්වෙනවා.
    :)

    මං අද මයි මේ පැත්තට ආවේ... හැමදේම ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  27. ලහිරු- ස්තූති මේ පැත්තට ගොඩවැදුනට. ම්ම් ඔව් මේක ඇත්තක් වෙන්නත් බරි නෑ

    දේවා ගේ අඩවිය - මමනම් ඔයාගේ අඩවියේ සැරිසරන කෙනෙක්.ඔව් මේ වගේ දෙවල අනන්තවත් අපි දන්න කියන අපිට හමුවෙන අයට වෙල ඇති.

    නෙත්පානි - ස්තූති සහෝදරී මේ පැත්තට ආවට

    ReplyDelete
  28. අක්කේ මේ කතාව නියමෙට ලියල තියනවා. මේ කතාව කියවකොට මගේ ජීවිතේට සම්බන්ධ දෙයක් මතක් වුනා. ඔයාගේ කතාවෙත් මගේ කතාවෙත් වැඩි වෙනසක් නෑ. එත්.... එත්. .....

    ReplyDelete
  29. වර්ෂා - ස්තූති වර්ෂා

    පැතුම් [සිතුම් පැතුම්] -
    ම්...අපි හැමෝගෙම ජීවිත වල මේ වගේ කතා තියෙන්න පුලුවන් තමා මල්ලි

    ReplyDelete
  30. තවත් ලස්සන කතාවක්.. ඔයාගේ කතානම් හරිම ලස්සනයි අක්කේ...

    ReplyDelete
  31. මාතරේ - ස්තූතී මාතරේ

    ReplyDelete
  32. අඩේ... මං දැන්නෙ මේක දැක්කෙ .. මං මුලින්ම හිතුවෙ ඔයාගෙ කතාව කියලා පස්සෙනෙ තේරුනෙ මොකද්ද මේ කියලා, නියමයි කවියො සංවේදි ලස්සන අදහසක්

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...