සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Aug 27, 2012

ඒ ඔබය ඔබමය - 2 කොටස




සිහියත් අසිහියත් අතර විනාඩි ගණනාවක් පොර බැද මම යාන්තන් ඇස් දෙක ඇර ගතිමි.පිටත මහා වැස්සක් ඇද හැලෙන හඬ මුලින්ම මගේ සවණට ඇසුණි.කණාමැදිරි එළියක්වත් නැති බිත්ති හතරක් ඇතුලේ මා හිර වී ඇති බව මට සැනෙන් පසක් විය.මේ කොහේ කොතනදැයි මා යාංතමටවත් නොදනී.මා දන්නේ ඔවුන් මා පැහැරගත් බව පමණි.කවදා හෝ සිදුවෙතැයි අපේක්ෂාවෙන් උන් දේ අදම සිදු විය.මේ පුවතින් මුළු නුවරම ගිනි ගෙන ඇතුවා විය හැක.මට උදව් කරන්නට ගොස් සකුණි අක්කා වැටුන අමාරුව සිහිවන වාරයක් වාරයක් පාසා ම' සිත කීරි ගැසේ.වෙඩි වැදුන හස්තියෙකු සේ කිපුණ අප්පච්චීගෙන් ඇයට ගැලවුමක් නොවනු ඇත.

මගේ මුලු ශරීරයම තලා පෙලා දැම්මාක් මෙන් රිදුම් දේ.දෑත් දෙපා සීරි ලේ ගලනවා මෙන් මට දැනේ.බේරී පලා යන්නට පුංචි හෝ ඉඩක් නැති බව දැන දැනත් මා ඔවුන් හා අන්තිම තත්පරය වෙන තුරුත් පොර බැදුවාය.එහෙත් මා පැරදුණි, අවසානයේ ඔවුන් මා රැගෙන විත් මේ කාමරයට තල්ලු කර දොර වසා යන්නට ඇත.මේ පල දෙන්නට යන්නේ පෙර සසරේ කල කුමන පවක්දැයි මා දන්නේ නැත.මා දන්නේ එකම දෙයකි. ඒ ඊළඟ තත්පරයේ හෝ විනාඩියේදී වුව මේ ජීවිතය අවසන් වන්නට පුලුවන් වන බව පමණි.තව විඳවන්නට ඉඩ නොතියා එය මේ මොහොතේම අවසන් වෙනවානම් ඇත්තටම එය සැපකි.ලෙයට ලෙයින් පලිගන්නට ඉන්නා ඔවුන්ට එය සැනසුමක් වනු ඇත.විශ්ව ගිය මඟම යන්නට බලා සිටින මටද එය නිවනකි.එ'සැනින් මට යමක් සිහිපත් විය. මම කරුවලේම මගේ කුස දෙසට නෙත් හෙලුවෙමි. දයාබර විශ්වා.. අපේ ආදරයේ උත්තරීතරම සංඛේතය මේ කුස තුල පණ ගහන බව මා දැනගත්තේ අද උදෑසනය.ජීවිතය අ' තැර යන්නට මාන බලමින් උන් මා ඒ මහා බලාපොරොත්තුවත් සමඟ ජීවත් වන්නට හිත හයිය කර ගත්තා පමණි.එය ඔබට කියා ඔබෙන් ආශීර්වාද ගෙන මම සැනසෙන්නට හැදුවා විතරයි ඒ මොහොතේම මා මේ නොමිනිසුන්ට කොටු විය.ඉතින් මට ගැලවුමක් නැති බව මා දනිමි.ඔබේ ලෙයින් මා කුස හොත් මේ ලේ කැටියාට ජීවය දෙන්නට අපමණ පැතුම් මා සිත වේ.ඒ නූපදින මල් කැකුළ සිහිව මට ඉකිබිඳුණි.

අනේ මගේ රත්තරං පුතේ... මට සමාවෙයන්.... උඹ වෙනුවෙන් සටන් කරන්න බැරි තරමටම මගෙ අත්තටු කඩා දාලා.....

දරු දුකට පපු කුහරයම රිදුම් දෙද්දී මා නොනවත්වාම ඉකිබිඳීමි.

දයාබර විශ්වා..... මේ උත්තරීතරයැයි කියනා ප්‍රේමය විසින් අපට දුන් දඬුවම් නොවේද.....? මම දිසාසේකර මුදලිගේ දැහැමි විහාරා දිසාසේකර වී, ඔබ සුබ්‍රමනියම් විශ්වනාදන් නම් වූ පවට අප මෙසේ ප්‍රේමයෙන් නොනැවතී ජීවිතයෙන් පවා වන්දි ගෙවිය යුතු බවට තීරණය කලේ කවුරුන් විසින්ද...?ඒ තරමටම අප කල වරද ජාති ආගම් කුළ මල පසෙක දා ප්‍රේම කිරීමම නොවේද...?

පොලෝ තලයම රක්ත වර්ණ රුධිරයෙන් නහවා ඔබ මගේ උකුළ මතදීම අවසන් ගමන් ගියේය.මං ඕකව මරනවා...යි පහන් පැලේ අත ගසා දිවුරා පොරොන්දු වූ මගේ අප්පච්ගේ නාඳුනන තුවක්කුකරුවා අතින් ඔහු මියගියායැයි මා තරමටම විශ්වගේ සනුහරේ අයත් විශ්වාස කලේය. විශ්වගේ ආත්මයට සැනසීම දෙන්නට ඔවුන් මාද මරා දමන බවට සපථ විය.ඉතින් මාද බිලි දෙන්නට දැන් සියල්ල සූදානම්ය.ජාතියට ජන්මයට තවමත් මිනි මරාගන්නා නොමිනිසුන්ට මා මිය ගිය පසුවවත් ලේ වල ජාතියක් ජන්මයක් ලියා නැති බව පසක් වුවහොත් විශ්වටත් මටත් සැනසිල්ලේ නිදන්නට හැකිය.

මේ මහා අවනඩුව ඔබ කොහේ සිට හෝ බලා ඉන්නා බව පමනක් මම දනිමි.එහෙත් ඔබටද මා මේ උගුලෙන් ගලවා ගන්නට නොහැකි බව මට දැනේ.දයාබර විශ්වා..... ඔබේ අපරිමිත සෙනෙහස සිහිව ළය පැලෙන තරම් වේදනාවක් මට දැනේ.මේ ගෙවෙන මගේ ජීවිතයේ අවසන් විනාඩියේද ඒ සොඳුරු මතකය හා ජීවත් වන්නට හිත හඬ ගා කියයි.ඉතිං මා නෙතු පියා ඒ මතකයට තුරුලු වෙමි.



               _________________ /// _________________

Excuse Me..........

දෙනොදාහක් සැරිසරන දළදා මාළිඟා භූමියේ ඒ කතාකලේ මටමදැයි හරියටම හිතා ගන්නට බැරි නිසාම මම හැරී නොබලාම පය ඉක්මන් කලෙමි.

සමාවෙන්න...මම ඔයාටයි කතා කලේ...

කණ ගාවින්ම ඒ හඬ ඇහෙද්දිනම් මට ආයේ හැරිල නොබල ඉන්න බැරි උනා.

දෙනවද මටත් ඔය මල් වට්ටියෙන් මලක්....?

ආගන්තුක ඒ හඬින් මගේ හිත එක තත්පරේකට සසළ වෙලා ගියා.ඒත් හැමදාම දළදාව වදින්න එන මට මේක බොහොම හුරු පුරුදු ඉල්ලීමක්.සමහර ද්වසට ගේන මල් වට්ටියෙන් හරි අඩකටත් වඩා ඉල්ලන ඉල්ලන අයට දීල තියෙනව.ඒ නිසාම මම දෙවරක් නොහිතම සුදු නෙළුම් පුරවපු මල් වට්ටිය ඒ ආගන්තුකය දිහාට දික් කලා.

පිං සිද්ධ වේවා......

බොහෝම පරිස්සමට එකම එක නෙලුමක් විතරක් අතට අරන් ඔහු එහෙම කිව්ව.මගේ ඇස් ලොකු උනා... දළදාව පේන මානේ ජීවත් වෙලත් මං ඔය මේ වයසෙ තරුණයකෙගේ කටින් ඔය වචනෙ ඇහුවාමයි.ඇත්තටම මට පුදුම හිතුන.

තව ගන්න....

මේ තරම් නිහතමානි පුද්ගලයෙක් ළඟ කතා නොකර හිටීම නොහොබිනා කමකැයි සිතුණ නිසාම මම හඬ අවදි කලා.

කමක් නෑ ... මේ හොදටම ඇති...එක මලක් පූජ කලත් මල් සීයක් පූජ කලත් ලැබෙන්නෙ එකම ආනිසංසෙලුනෙ නේද....?

ඔහු ඒක කියපු තාලෙට මට හිනා ආව.එහෙම හිනා උනාට මොකද දැහැමි මෙසේ ආවාට ගියාට පිරිමින් හා හිනැහෙන්නේ නැත.කතාවට යන්නේද නැත.ඒ උප්ප්ත්තියෙන් ගෙනා වලව් පෙලපතේ ආඩම්බරකමටම නොව දැහැමිට මේවා පුරුදු නැත.පවුලේ ඥාති පිරිමි ලමයෙකු සමඟවත් මෙසේ හරි හරියට ළඟට වී ඇයි හොදයි කම් පෑම දැහැමිට අකැපය.මේ ටික හෝ අප්පච්චි දුටුවානම් දැහැමිට විසුමක් වෙන්නේ නැත.අප්පච්චී සිහිව අත පය පවා සීතළ විය.ඉක්මනට මෙතනින් නොගියොත් අප්පච්චී නැතත් මා හඳුනන කවුරුන් හෝ දුටුවොත් මෙය අප්පච්චිගේ කණට යනවා නොඅනුමානය.දිසාසේකර වලව්වේ පුංචි කුමාරිහාමි නාඳුනන තරුණයෙකු හා මාළිඟා භූමියේ තනිව දොඩමින් සිටියායැයි මුළු නුවරම පැතිරෙන්නට පුලුවන. මේ සේරම සිහිවද්දී හිත නොසංසුන් විය.මම සරණක් සොයන්නට මෙන් වට පිට බැලුවෙමි.

කාවද ඉස්සි ඉස්සි හොයන්නේ....?

මා වට පිට බලනවා දුටු ඔහු ආයෙම කතාවට වැටුණි.

මල්ලිව... අපිට හඳුන්කූරු අමතක උනා.... එයා මල් කඩේට ගියා ඒවා අරන් එන්න...

එහෙමද.... මම ඒත් කල්පනා කලා මෙච්චර සුන්දර ගෑණු ළමයෙක් තනිපංගලමේ එව්ව මෝඩයා කවුද කියල.... බලාගෙන යනකොට බොඩිගාඩ් කෙනෙක් එක්කනෙ ඇවිත් තියෙන්නෙ...

ඔහුගේ කතාවට මට ලැජ්ජා සිතුණි.මුහුණට ලේ පිරෙනවා මෙන් මට දැනුණි.

අපි ඉන්නේ මේ ළඟ

මම බොහෝ හිමිහිට කීවෙමි.

ආ...හා.... ඒ කියන්නෙ මම මේ කතා කරන්නෙ උඩරට මැණිකෙ කෙනෙක් එක්කද... අම්මෝ මට බයත් හිතෙනව...

දෙවුර අකුලල බොරුවට බය පාටක් මූණට අරන් එයා ඒක කියපු තාලෙට දැහැමිට ගොඩාක් දවසකට පස්සෙ ලොකු හිනාවක් මූණට ආව.මල් වට්ටියත් දෝතින්ම අල්ලන් ටිකක් සද්දෙට මම හිනැහෙන දිහා එයා ඇස් පුංචි කරන් බලන් උන්නෙ මහ අමුතුවට.ඒ ඇස් මොන මොනවදෝ කියන්න හදනව වගෙයි මට තේරුනේ.මේ තරම් අපූරුවට පිරිමි ඇසක් කියවන්නට දැහැමි ඉගෙනගත්තේ මේ දැන් මේ ඇස් කියවලා වෙන්නට ඇත.යන්නම් කියා ඔහු යන පාටකුත් නැත. යන්නම් කියා මට යන්නටද සිතක් නැතුවාක් මෙනි.පිටස්තර පිරිමියෙකු අසල මේ තරම් වේලාවක් මා මීට පෙර ජීවිතයේ කිසිදාක රැඳී නැත.පයේ මාපටඟිල්ලෙන් පටන් ගත සියුම් හිරිවැටීමක් ශරීරයේ හැම අහුමුල්ලක් දිගේම උඩුදුවනවාක් මෙන් මට දැනේ.මේ අපහසුතාවයෙන් වහා ගැලවීමේ උවමනාවක් මට තදින් දැනෙන්නට විය.ඒ බැල්මෙන් මා නැවතත් වට පිට බැලුවේ මල්ලි දැන්වත් ඒදෝයි සිතමිනි.මා වට පිට බලද්දී අපට මඳක් නුදුරින් නැවතී මල්ලි අප දෙසම හිනැහෙමින් බලා සිටිනවා මා දුටිමි.මෙච්චර වෙලා ඔහු මා ළඟට නෑවිත් මොනවා කරනවාදැයි සිතමින්ම මම හිසින් මල්ලිට කතා කලෙමි.මල්ලි දබරඟිල්ල සොලවමින් හිස වනමින් මට පෙන්නුවේ හරියට " අද අහු උනා හොරේ " කියන්නාක් මෙන්ය.මම බොරු තරහක් මවා මල්ලිට රැව්වෙමි.ඔහු අප දෙසට ආවේ ඊටත් පසුවය.

මෙයාද ඔයාගේ මල්ලි...? මල්ලී කිව්වට ලොකු අයියෙක්නෙ.... මේ.... මටත් වැඩිය උසයිනේ......

ඔහු ඔහුගේ ඇගිලිවලින් ඉස්සී අතකුත් ඔලුවට ඉහලින් පෙන්නා මල්ලිගේ උසේ තරම පෙන්නුවේ හිනැහෙමිනි.හරියට පොඩි එකෙක් වගේ මට එහෙම හිතුනේ ඇයිද මංදා.

මම හිමරු.... හිමරු යුවනෙක..... එතකොට අයියා......

මල්ලී ඔහුට දකුණත පෑවේ බොහෝ සුහද බවක් අඟවමිනි.ඔහු කවදත් කොහොමත් ඔහොමය. වලව් මාන්නය තඹේකට මායිම් නොකරන මල්ලී තරාතිරම නොබලා ඕනම කෙනෙකු හා ඉක්මනින් සුහද වේ.කවදා හෝ පරම්පරාව ඉදිරියට ගෙනියන්නට සිටින තම එකම පුතු ගැන අප්පච්චී අහස උසට බලාපොරොත්තු තියාගෙන සිටී.එහෙත් යමක් කමක් තේරෙන දා පටන් මල්ලී අප්පච්චීට විරුද්ධව උඩුගං බලා පීනන්නට වෙර දරයි.

යුවනෙක.... උඹ ආපු වෙලේ පටන් රටේ ඉන්න තරමක් රස්තියදුකාරයොයි ආතක් පාතක් නැති ගිඟන්නොයි එක්ක කල්ලි ගැහෙන්න ලෑස්ති වෙන්න එපා... මතක තියාගනිං අපි නම්බුකාර මිනිස්සු... මගෙන් පස්සෙ මේ හැම දේම ඉස්සරහට අරන් යන්න ඉන්නෙ උඹ බව අමතක කරන්න එපා...

පිය පුතු ගැටෙන හැම අවස්ථාවකදීම අන්තිමට අප්පච්චී කියන්නේ තර්ජනාත්මකවය.

මම විශ්ව.... විශ්වනාදන්.... අක්කවයි මල්ලිවයි දෙන්නවම අඳුරගනන් ලැබීම සතුටක්....

එහෙම කියපු ඔහු බොහොම සුහදව මල්ලිගේ සුරත මිරිකා ගත්ත.සැනෙකින් මගේ හිතට මොකක්දෝ උනා.කකුල් පවා පණ නැති වෙනන් යනවාක් වගේ දැනුන.විශ්වනාදන්.... ඒ දමිළ නමකි. එසේනම් මොහු දමිළ තරුණයෙකු විය යුතුය.දැහැමි විහාරා දිසාසේකරගේ හිත දියෙන් ගොඩ දැමූ මාලුවෙකු මෙන් ගැහෙන්නට විය.අහේතුක බියක් ම'හිතට දැනුණි.හිත මේ තරම් විස්සෝප ගන්නට කාරණාව කුමක්දැයි මටම තේරුමක් නැත.ඔහුගේ මුහුණේනම් මා මුලදීම දුටු ප්‍රසන්න හිනාව එහෙමම විය.මල්ලීද එසේමය. එහෙමනම් ඇයි මම විතරක් ?

මම Colombo Medical Collage එකේ F inel Year ....අද අපි මේ යාළුවෝ කට්ටියක් පොඩි Trip එකක් ආවා....කට්ටිය කවුරුත් මාළඟාව වදින්න ආවේ නෑ...මම විතරයි ඇතුලට ආවේ.... එයාලා වැව රවුමේ නැවතුනා....

මාළඟාව ඇතුලට එහෙම හැමොටම එන්නත් බෑ අයියා.... එහෙම ඇතුලට එන්න හිතෙන්නත් පිං කරලා තියෙන්න ඕනෙ....

මල්ලී විශ්වගේ පිටට සියුම් තට්ටුවක් දමා කීවේය.

කෝ මල්ලිගේ නම විතරනේ කිව්වෙ.... මෙච්චර කතාකරපු අක්කා තාම මට නම කිව්වෙ නෑනේ...

බිම බලාගෙනම හිටපු මම ඒ කතාවට ගැස්සුණා.කලින් වගේ ඒ මූණ කෙලින් බලන්න බැරි මොකක්දෝ අපහසුතාවයක් හිතට දැනුණ.ඒ වෙනස මගේ මූණෙන් පෙනෙයි කියල මම බය උනා.


දැහැමි විහාරා...

දළදාහමුදුරුවන්ට පිං සිද්ධ වෙන්න මට යාන්තමට අකුරු අමුණ ගන්න පුලුවන් උනා.

වි.....හා....රා..... ලස්සන නමක් මම ඇහුවමයි එහෙම නමක්....

මේ වෙනකං කවුරුවත්ම මගේ නම එච්චර ලස්සනට උච්චාරණය කරන්න නැතුව ඇති.ඒ තරමට හැඟුම්බරව එයා මගේ නම කිව්ව.

නම වගේම තමා අයියා... මෙයාගේ වැඩත්.... පන්සල වගේම තමයි.... මටනම් වෙලාවකට මහ ඇණයක්.....

මල්ලී ඉතින් ඔහොමමය. ඕනෑම තැනකදී මා විහිළුවට පටලවා ගනී.

පන්සලක් වගේ සංසුන් ගෑණු ලමයෙක් අද කාලේ දකින්න ලැබෙන එකත් වාසනවාක් මල්ලි...

ඔහෝ..... අයියටත් එහෙම හිතෙනවද.... එහෙනං යමු අපිත් එක්කම විහාර වන්දනාවට...

හිනැහෙමින් විහිළු කරමින් මල්ලි හා හරි හරියට දොඩන මේ අපූරු තරුණයා දෙස මම මොහොතක් බලා සිටියෙමි.උඩ මලුවට නගින පඩිපෙළ ළඟදී මා ඒ රුව ඔහුට හොරෙන් සිත්සේ බලා ගතිමි. ඒ සමඟම හිතේද සටහන් කර ගතිමි.මගේ හිතට මේ වෙන්නේ මොනවාදැයි මා දන්නේ නැත.එය දුකක් උනත් සතුටක් උනත් මේ මොහොතේ මගේ හිත ඒ දෙය ඉල්ලන බව පමණක් මා තේරුම් ගතිමි.

මාළිඟා භූමිය පුරා වෙනදා නැති පින් පාටක් ඇතැයි මට සිතේ.මල් සුවඳ අරගෙන හතර වටින් හමන සුළඟ පවා වෙනදා නොකියන කතාවක් මට කියනවාක් මෙනි.නෙළුම් මල් වට්ටියම පුදසුනේ තබා මම දෙනෙත් පියා ඒ සුවඳ දිගේ යන්නට වීමි.මා මල් පූජා කල තැනම ඔහු අත වූ නෙළුම පුදා විශ්වදොහොත් මුදුන් දී වැඳ වැටුණි.ඔහු කට පාඩමින් බොහෝ අපූරුවට ගාථා කියන අන්දම මා මෙන්ම මල්ලිද පුදුමයෙන් අසා සිටීමු.ඔහු දමිළයෙකු හින්දු භක්තිකයෙකුයි කීවාට කවුරුන් හෝ එය විශ්වාස නොකරනු ඇත.ඇවතුම් පැවතුම් වලින් පමණක් නොව බාහිර පෙනුමෙන්ද ඔහු හොද සිංහල බෞද්ධ තරුණයෙකු මෙනි.අනේ.... හැබෑවටම එසේ වූවානම්.....මා මේ හිතන්නේ මොනවාද....?

දැහැමි උඹට පිස්සු හැදීගෙන එනවද..... අප්පච්චි උඹව කපල බෝගම්බර වැවට දාවි....

මගේම යටි හිත වියරු වෙසක් ගෙන මට අණ කරනවාක් මෙන් ඇසුණි.

ම්ම්ම්ම් ... ඉතිං දැන් මට යන්නනම් වෙලාව හරි....

වැඳපුදා අවසන්ව මාලිඟාවෙන් එලියට ඇවිත් වැව රවුම ළඟ නවතිද්දි විශ්ව මං දිහා බලල එහෙම කිව්ව.

අපේ බස් එක එහා පැත්තෙ නවත්තලා තියෙන්නෙ.... ඔන්න දෙන්නටම ගොඩාක් පිං මට මුළු මාළිගාවම පෙන්නුවට... මීට කලින් කීප වතාවක්ම ඇවිල්ල තිබුනත් මං අද දැක්ක තරම් දෙවල් කවදාවත් දැක්කෙ නෑ...

එයා මල්ලිටයි මට දෙන්නටම ස්තූති කලේ හරිම හැගුම්බරව.

එහෙනං මම ගිහින් එන්නම්... ආයේ කවදා කොහෙදී හරි අපි ආයෙමත් මුණගැහේවි නේද....?

එහෙම කියල විශ්ව මල්ලිට දෑතම දිගු කරද්දි මල්ලි බොහෝ දැඩිව ඔහුව සෙනෙහසින් වැළඳ ගත්ත.

අනිවාර්යෙන් අයියා..... අපිට කොහොමත් ඉස්සරහට මුණගැහෙන්නම වේවි...යමු... මම අයියව බස් එකට දාන්නම්....

මල්ලි එහෙම කියල ඉස්සරහට ගියේ විශ්වටත් මටත් කතා කරන්නට ඉඩදීල වෙන්න ඕනෙ.

මම ගිහින් එන්නම්....

ප්‍රථම වතාවට මගේ නෙත් එක එල්ලේම ඒ නෙත් වලට අහුකරගෙන විශ්ව එහෙම කිව්ව. මොහොතක් ඒ බැල්මට නතු වෙච්ච මම ඇසිල්ලකින් ඇහි පිය ගහල බිම බලා ගත්ත.

කෝ ඉතින්... මට සමුදෙන්නෙ නැද්ද...?

මම බිම බලාගෙන හිටපු කාලෙ වැඩි හින්දද මංද විශ්ව ආයෙමත් කතා කලා.

හ... පරිස්සමින් යන්න.... දළදාහාමුදුරුවන්ගෙ පිහිටයි...

ආයාසයකින් තොරවම මගේ මුවින් පිට උනා.එය අහපු ඔහුගේ ඇස් දිලිසෙන්නට උනා.පුදුමයත් සන්තාපයත් සතුටත් මුසුවුන ඒ බැල්ම මාව එහෙමම ගල් කලා.

ඔයාටත්.....

එසේ කියා ඔහු හැරී නොබලාම නික්මුණි.මුළු නුවරම පාලුවට ගියාක් මෙන් මට දැනුණි.හිතට ගතට දැනිච්ච මහා බර දරාගන්නට බැරුව මම එහෙමම වළාකුළු බැම්මට වාරු උනා.මීට පෙර මේ නුවර කොහෙදිවත් මට දැනී නොතිබුණු එකම එක සුවඳක් හිතව වටා හිතටත් හොරෙන් සැරිසරන බවක් මට දැනුන.එහෙමම ඇස් පියාගෙන මම ඒ සුවඳ හොරෙන්ම විඳගත්ත.

__________මතුසම්බන්ධයි__________





40 comments:

  1. ලස්සනට කථාව ගලාගෙන යනව කාව්‍ය.. පොඩ්දක්වත් කම්මලි නෑ කියවන්න..

    ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූති දිගටම කතාව කියවලා අඩු පාඩු කියන්න හොදේ.

      Delete
  2. happoi mama eka wenna hithan awe kamak na thama kiyuwe na ikmanata kiyawala ennam kohomath meka godak lassanai kiyala mama dannawa ape sudu kaviya lassanata liyanawane

    ReplyDelete
    Replies
    1. lassanama lassanai kaviyo eka husmata kiyawan giya

      Delete
    2. සුදු කවියා.... අයියූ මට ලැජ්ජයි වගේ...හිකීස්

      Delete
  3. ආදර්ශමත් කතාවක් කියවන්න ලැබෙයි වගේ. ආදරයට සීමා මායිම් නැත්තේ ය ලු.

    ReplyDelete
    Replies
    1. ඔව් ආදරේට කොහෙද සීමා මායිම්

      Delete
  4. ලස්සනයි කවි..... හරිම අසාවෙන් ඉතුරු කොටස් දානකන් බලාගෙන ඉන්නවා ...

    ReplyDelete
    Replies
    1. ආ මේ ඇවිත් තියෙන්නෙ කමෙන්ට් දාන්න විදියක් නෑ කියපු එක්කෙනා. දැන් හරි නේද

      Delete
  5. බොහොම හෘදයාංගම ආදර කථාවක ඇරඹුම බව පේනවා... චරිත වලට දාලා තියෙන නාමයන් නම් ඇත්තටම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති , මේ ගොඩක් නම් මම දැනටමත් අපේ පවුලේ ඉපදෙන පොඩි උන්ට දාලා තියෙන ඒවා

      Delete
  6. නියමයි අක්කේ කතාව.කියවන මමත් නුවර ගියා වගේ.....දන්නවනේ ඉතින් අපි ඊළඟට බලාගෙන ඉන්නේ මොකේටද කියලා ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අනිත් කොටස කියවන්නනෙ ඉක්මනටම

      Delete
  7. හැමදාම වගෙ කියන්න තියෙන්නෙ කවියො ලස්සනයි හැගිම් බරයි කියලා තමයි කවියො.. කොහොම වුනත් ඔයාගෙ කතා එකකට එකක් වෙනස්ම කතා .. කොහෙන් එනවද මන්දා ඔයාටත් මෙහෙම අදහස් තව තවත් සුන්දර ලස්සන අදහස් පහල වේවා !!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතී නිශියෝ ඔයාට ගොඩක්

      Delete
  8. ලස්සනම ලස්සනයි අක්කෙ!!!!

    ReplyDelete
  9. අනේ දැහැමි මැරුණද ?? නිදකින් මෙකි ලිවුවෙත් ලියන්නේ ඔහොම එකක් මයි

    හ්ම්ම් ලක්ෂණ පාටයි ආදරේට ජාති ,ආගම් ,පාට ,බෙද නැ කියනවනේ නේද කාවයියෝ

    ReplyDelete
    Replies
    1. මේකා මොන සිහියෙන් කියවනවද මංදා , තාම දැහැමි මැරිලා නෑ බොල

      Delete
    2. අසිහියෙන් කියෙව්වේ

      Delete
  10. මොකෝ හැම පාරම මන් පරක්කු, කවියෝ මේක මෙහෙම කොරන්න බැහැ.

    කතාව ලස්සනයි නගෝ.

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් ලෙඩ්ඩුන්ට බෙහෙත් දීල එනකොට පරක්කුයි ඩොකා අයියේ

      Delete
  11. ඉතුරු ටිකත් කියවන්න බලාගෙන ඉන්නවා...

    ReplyDelete
  12. ඉතිරිය එනකම්.....

    ReplyDelete
    Replies
    1. මෙයා දැන් හරි බිසී වෙලානේ කමෙට් දාන්නෙත් ශෝට් න් ස්වීට්

      Delete
  13. කියවගෙන යනකොට අර 'විහාරා' කියන නම මාත් කියල බැලුව.මටත් ඒක ලස්සනට කියවුනා හ්ම්ම් :)

    මේක ෂෝක් අප්පා..නියමෙටම ලියනවා ඔයා අක්කෝ ..:)

    ReplyDelete
  14. නියමයි කවියො උපරිමයි... කතාව පටන්ගෙන මතකයට අරන් එන විදිහ හරිම ලස්සනයි... හිතට වදින්නම එ ටික තියෙනවා.. මම හැමදාම කියවන්නේ ඔයාගේ ලියන එවාගේ මොනා හරි වැරැද්දක් හොයන්න බලාගෙන. ඉස්සර එහෙම වැරදි තිබුනා එත් දැන් වැරැද්දක් හොයනවා කියන්නේ කලු නික හොයනවා වගේ වැඩක් තමයි...
    ඔයා ලස්සනට කතාව ඇතුලේ අපිව තියාගන්නවා. මම මේකතාව කියවද්දි තනිකරම හිටියේ දළදා මාලිගාව ගාව. අලුතින් හිතන්නේ නැතිවෙන්නම ඔයා හොදට ලියනවා ඇත්තටම සතුටුයි...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ස්තූතී පූවෝ... අඩුපාඩුවක් තියෙනවනම් අනිවා කියන්න හොදේ.ඇති යාංතන් ඔයා මගේ කතාව නිසාවත් නුවර ගියා. හිකීස්

      Delete
  15. අයියා මනමාලයෙක් පාටයි කවි අක්කේ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් එහෙමද මංදා

      Delete
  16. හයියූ දෙයියනේ.. මට මේක මඟඇරිලානේ.. :O හොඳ වෙලාවට දැක්කේ.. ම්ම්ම්ම්... Next Episode Please... හිහිහි... ඉක්මනට දාන්න අක්කි බබෝ.. මේ වගේ ලස්සන කතා පරක්කු කරන්න හොඳ නැ... :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ... හරි හරි ඉක්මනටම දෙන්නම්කෝ අනිකත්

      Delete
  17. ගොඩක් ලස්සනයි නගා, ඉතිරි ටිකත් ඉක්මනටම ලියන්න හොදේ

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඩොකා අය්යා

      Delete
  18. //රටේ ඉන්න තරමක් රස්තියදුකාරයොයි//
    ම‍ටත් පාරක් වැදිල වගේ තාත්තගෙන් ... හිකිස්!!
    කථාවනම් ලෙසටම යනවා කාවයෝ!! උපරිමයි..

    ReplyDelete
  19. අද ටිකක් පරක්කු වුනා කතාව කියවන්න එන්න. විශ්ව විහාරාගේ මොබයිල් නම්බර් එක ඉල්ල ගන්නවද බස් එක ගාවදි, එහෙම නැත්නම් දෛවයේ සරදමකට වගේ දෙන්නා ආයෙත් හම්බ වෙනවද?

    ඊළඟ කොටස ඉක්මනට දාන්න..!

    ReplyDelete
  20. මුල් කොටසයි මේ කොටසයි කියෙව්වේ දැන් මාව කරකෝලා අතෑරියා වගේ.මුල්ම කොටස නම් සෑහෙන්න දුකක් දැනෙන්න ලියලා තිබුනා අක්කේ මට හිතෙන්නේ මේ අතීතය සිහිපත් කිරීමක් වෙන්ඩෝන... හිතාගන්න බෑ කොහොම වෙයිද කියලා.හපොයි මගේ කතාවට සමාන වුනත් අවසානය සමාන නොවෙනවනම් ඒ ඇති ...

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.