සඳට බැළුම් හෙලූ අය

Aug 5, 2012

අසම්මත ප්‍රේමයක හිමිකාරි...

(


ඈත අහසෙ දිළෙන සඳට සිනා සළයි සිත
සඳ ඈතයි ළං වෙනු බෑ කඳු පාමුළ මම
වාං දමන සෙනේ හැඟුම් නුඹට බැඳුණු සිත
වහං කරන්නේ කෝමද මගෙ ජීවිතෙ නුඹ.....

ආළවන්ත කම් පෑවත් බොළඳ වෙලා සිත
නුඹ අහසයි මම පොළවයි තරං ඳුරයි අප
නුඹේ සනුහරේ ඈයෝ කැමති වේද මට
ලැයිම් පේළියේ වෙසෙනා සරෝජනී මම.....

නුඹට තරං කාසි පනම් නොතිබුනාට මට
සාගරේට වඩා ලොකුයි මගෙ මේ සෙනෙහස
කොළොම් පුරේ විච්චූරන මං ළඟ නෑ හැඩ
කුංකුම පොට්ටුව විතරයි මං සතු වත්කම....

සංසාරෙන් සංසාරෙට පතා ආපු ලෙස
සිදාදියෙන් ආපු මහත්තයෝ මාව දැක
හරස් උනොත් අපෙ ළෙංගතු කමට වරිගයම
සත්තයි මං පහල දොලේ සැගවෙමි නොකියම...

42 comments:

  1. පට්ට පට පට සුපිරිවට ලියල බන් අක්කේ...බොලාට මොකද මේ තේ දළු නෙලන ලදක් ගැන කවි ලියන්න හිතුනේ එක පාරට?

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඒවත් ලියනවා ඉතින් ඉදලා හිටලා

      Delete
  2. ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවාලූ
    මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවාලූ
    දෙමාපියන් ගමෙන් පිට ට මා දෙන්නට හදනවාලු
    සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවාලූ

    මෙන්න මේ සිංදුවයි තව සිංදු දෙකකුයි මතක් වුනා මට අක්කගේ කවිය කියවද්දි.නියමයි....

    අතට වළලු කණට තෝඩු නොලද දුගී පැලේ
    සාගිනි බිදු බත් පතකට සෙනේහයක් වැඩේ.....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් ඔයාටත් මතක් වෙන ඒවා....

      Delete
  3. මේක බොලාගෙ ටිකක් පරණ කවියක් නේද කවියො,,වෝල් එකේ තිබ්බ මතකයි
    හරි ලස්සන කවියක් කවියා අහිංසක තන්ගච්චි කෙනෙක්ව මැවෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නිශියෝ මේ දවස්වල යන්නෙම රිපීට් ටෙලිකාස්ට් තමා හි හී

      Delete
    2. මම කියවලා නැනේ එතකොට මේක

      Delete
  4. හීන නුඹෙ මනරම්
    දුන්නු මට කවිකම්
    අපිට අපි නොතරම්
    කෙලෙස පෑහෙන්නෙම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක තමා දඟකාරි මොනා කරන්නද

      Delete
  5. ම්ම්ම්... ලස්සන කවියක් යාළු..

    ReplyDelete
  6. අනර්ඝයි අක්කේ...

    ReplyDelete
  7. "ජීවිතේ නැති කර ගන්න එකනම් හොඳ නෑ ආදරේ හම්බුනේ නෑ කියල"

    ලඟදි කියවපු චිත්‍රකතාවක් මතක් වුනා "ගිනිබත් කිරීටය" දයා රාජපක්ෂ මහත්තයාගේ.

    ReplyDelete
    Replies
    1. හනේ මට ආසාවත් චිත්‍ර කතාවක් කියවන්න ලැබිලා නෑ නේ අර රජාගේ කතාවනම් කියෙව්වා

      Delete
  8. කවි ටික කියවද්දී මට මතක් උනේ සිංහල ෆිල්ම් එකක් ඔය වගේ සීන් එකක් තියෙන.ඒකෙ අහිකුණ්ඨක කෙල්ලෙක් හිටියේ.නම මතක නෑනේ මට ඒකෙ.. :(
    කවි ටික නම් එළ.. :)

    ReplyDelete
    Replies
    1. මිහිඳුම් සිහිනද ? අර මාලනී විජය ද කොහෙද ඉන්නේ හරියටම මටත් නම මතක නෑ

      Delete
    2. මතක නෑනේ.හැබැයි ඒකෙ දෙවෙනි කොටසකුත් තිබුණා

      Delete
  9. හරිම ලස්සනයි ඈ!ලෙච්චමී කෙනෙක්ගේ ප්‍රේම විරහවක්.......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් ලෙච්චමී කෙනෙක් තමා, ස්තූති පැමිණීමට හොදේ

      Delete
  10. අසම්මත කියල දෙයක් ලෝකේ නෑ ... (මට හිතෙන හැටි ) සම්මත අසම්මත ඔක්කොම තීරණය කරලා තියෙන්නේ මිනිස්සුමනේ.. ඉතින් මිනිස්සු වෙච්ච අපිට පුළුවන් වෙන්න ඕනේ ඔය අපි ගොඩනගපු රාමුව බිඳින්න

    කවියනම් ලස්සනයි ..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ ඔහොමම තමා, මිනිස්සු විසින්නේ මේ හැම සීමාවක්ම මායිමක්ම දාගෙන ඉන්නෙ. අපිමතමා කවදා හරි මේවා බිඳින්නත් ඕනේ

      Delete
  11. මේකේ අසම්මත ගතියක් නැහැ නේද? අවසාන පදයනම් ටිකක් දරුණුයි..

    ReplyDelete
    Replies
    1. මටනම් අසම්මත නෑ , ඒත් ලෝකයා කියන විදියට තමා මේකට මේ හෙඩිම දැම්මේ

      Delete
  12. අපේ අක්කගෙන් වෙනස්ම විදිහේ කවියක්... මේ කවියට සිතුවිල්ලකුත් ගොඩ නැගුනනම් කියලා හිතුනා..

    මට කෙටි කතාවකට අදහසක් ආවා මේක බලලා.. ලියන්න අවසරද මන්දා.. :)

    ReplyDelete
    Replies
    1. මගේ හිතෙත් සිතුව්ල්ලක් හොල්මන් කලා ඒත් මම කම්මැලියනේ අප්පා ටයිප් කරන්න, එහෙනම් ඔයා ලියන්නකෝ බලන්න ලස්සන සිතුවිල්ලක් ඕං අවසරය දුන්නා

      Delete
  13. ඇඩෙනවා තනි ඇහැට.. මම ඔයාගේන් මේ වගේ වෙනස් නිර්මාණයක් දැකලාම නැ කවියො.. ඔයා දැන් තුන් ඉරියව් දක්ෂතා පෙන්නනවා.. අසරණයා කිව්වා වගේ අන්තිම පේලියනම් දරැනු වැඩියි.. සමහර විට ගැනු ගතියක් වෙන්න ඇති.. මැරේන්නම දගලන එක..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් ඉතින් තුන් ඉරියව් වලට කාලේ හොදා නොවැ, හි හී,

      Delete
  14. ලස්සනම ලස්සනයි කවියෝ ඔයා කොහොමත් ගොඩක් දක්ෂයිනේ

    ReplyDelete
    Replies
    1. ස්තූති ස්තූති හැබැයි ඉතින් ඔහොම මුරුංගා අත්තේ තියන්න එපා අනේ මාව

      Delete
  15. හොද කවිපෙළක්... මට දැනුනෙ එහෙමයි... බහුතරයගෙ ඇස නොගැටෙන ඉසව්වක්...ඔබේ ඇස ගැටීම පිළිබද සතුටුයි..

    ReplyDelete
  16. කාව්‍යත් ඉදලා ඉදලා ලීනවා නේ මොලේ ඇති දෙයක්..
    හික්ස්..

    ReplyDelete
  17. හිතට වදින කවියක් යාළු..
    හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ස්තූති යාලු..... සාදරෙන් පිලිගන්නවා ඔයාව

      Delete
  18. කඳුකරයේ සුන්දරත්වයත් එක්ක සැඟවුණ මේ වගේ දුක් කතා කොයිතරම් ඇතිද..
    ලස්සනට කවි සිතිවිල්ලෙන් ගැලපුන ජීවියක නොලියවුණ කවි පෙලක් අක්කේ..
    ලස්සනයි ගොඩක්..!

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...