සඳට බැළුම් හෙලූ අය

Aug 17, 2016

ඉයන්ගේ රැල්ලට - සිතූගේ අභියෝගයට

ඔන්න ඉතින් ටිකක් පහුවෙලා හරි මමත් දැනගත්තා මේ දවස්වල  බ්ලොග්  ලෝකේ කළඹාපු ඉයන්ගේ    කැමතිම  සින්දු දාසයේ රැළ්ල.පහුගිය ටිකේ බ්ලොග් කියවන්න විවේකයක් තිබුනේ නැති  නිසා මම මේක   දැනගත්තේ සිතුවිළි සිතූගේ බුකි පිටුවෙන්.ආයෙ ඉතින් මොකටද  මමත් ඒක දැක්ක ගමන්ම අභියෝගය ඉල්ලලාම බාරගත්තා.ඉතින් ඉයන්ටයි සිතූටයි දෙන්නටම ස්තූති කියලම  මමත් වැඩේ පටන් ගන්නෝ එහෙනම්.

 01 -  ( සිතින් අදිනවා ආපසු යන්න නොදී )  අවුරුදු හතක් අටක් තිස්සෙ හැමදාමත් එකම වගේ අහන්න කැමති ගීතයක්.මේ සින්දුව මම අහන්න ගත්තෙත්  මේ සින්දුවට ආස උනෙත් වෙන කෙනෙක් නිසා. ඒක ටිකක් දිග කතාවක්  ඒ නිසා ඒ  ලොකු කතා මෙතනට ඕනෙ නෑ. චන්දන ලියනාරච්චිගේ මම කැමතිම  ගීත වලින් හැමදාමත් මේ ගීතය ඉදිරියෙන් ඉන්නවා.
  
.




02 -  ( අම්මාවරුනේ ) හය හතර තේරෙන කාලෙ ඉදන්ම ඇහිච්ච දැනිච්ච  ගීතයක්.කොහේ කොතනදි ඇහුනත් ඇහුවත් හිතට මොකක්දෝ වෙන පද පේලි වගේම නන්දා මාලිනියගේ ඒ හඬ මාව උමතු කරනවා.




03 - ( සායම් කිරිල්ලී ) මෑතකාලෙදී  අහපු ටිකක් වෙනස් පොඩ්ඩක් නැටවෙන  සින්දුවක්.කෙල්ල දාලා යන   කොල්ලා අඬන,  මූදෙ පනින පිස්සො වෙන විශුවල් පෙන්නන  කාලෙක  එලියට දාපු වෙනස් සින්දුවක් සහ  විශුවල් එක නිසා මේකට කැමති.




 04 - ( අනන්තයක් වී ඔබේ ආදරේ ) මේ  ඉතින් හිත ඉල්ලනම ගීතයක් මැරීගෙන  ආදරේ කරන කාලේ පාලුවෙන් තනියම ඉන්න රෑට හැමදාමත් පාලු කපපු ගීතයක්.දැන් ඉතින් එයා එක්කම අහනවා ඇහුවෙ නැත්තන් අහපිය කියලා දාලා බලෙන් අස්සනවා.





 05 - ( පාරමීදම් පුරා ) මට මතක විදියට මීට අවුරුදු පහකට විතර කලින් මේක  මුලින්ම ඇහුවේ. ස්වයංජාත ටෙලියේ තේමා ගීතය.ඇත්තටම අපූරු ගීතයක්.ප්‍රේමය ගැන මම ඇහුව අර්ථවත්මකම  භාවාත්මක ගීතයක්.සුනිල් එදිරිසිංහ සමග විශාරද නන්දා මාලිනීයගේ අපූරු සුසංයෝගයක්.

ලේ නහර ඇට මිදුළු විනිවිද
රිදුම් දෙන හැඟුමක් ද ප්‍රේමය
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ....
පතා ආවෙත් එලෙසමයි

මේ වචන ඇහෙද්දී හිතට මොකදෝ වෙනවා.


06 - ( ඔබ ගින්දර දළු පිරිච්ච )ඊළඟට තියෙන්නෙත්  මෑත කාලෙදී අහපු පලවෙනි පාරම හිතට ඩෝං ගාලා වැදිච්ච වචන වගේම කටහඬක්.මේ වචන මට  ඒ තරමට සමීපව දැනුනේ මීට  ගොඩක් කාලෙකට කලින් ඒ කියන්නේ 2011 දී මම  මේ වචන වලටම ළඟින් යන  කවියක් ලියලා තියෙනවා.ඒ නිසාමද කොහෙද මම මේ සින්දුවට හරිම ආසයි. උමාලිගෙ වොයිස් එකටත් මාරම කැමති. මේ සින්දුව අහලා පල්ලෙහා තියෙන මගේ කවියත් කියවල බලලම යන්නකෝ.

හීන් හිනා මල් පිපිච්ච
රෑ හීනම සුවඳ වෙච්ච
ප්‍රේමාතුර කවි කිනිත්ත
මමයි ඔබේ දඟ පැටික්ක.........

සඳ දිය මත තරු වැටිච්ච
හීන වලට දොර ඇරිච්ච
මල් අතරේ මල් පොඩිත්ත
මමයි ඔබේ දඟ පැටික්ක......

ආදරයෙන් හිත පිරිච්ච
හීන මතින් දුර ගෙනිච්ච
ලස්සන හිරිමල් සිඟිත්ත
මමයි ඔබේ දඟ පැටික්ක....

දේඳුණ්නක හැඩ මැවිච්ච
හීන හතම පාට වෙච්ච
අනුහස් ලද සුභ නිමිත්ත
මමයි ඔබේ දඟ පැටික්ක...


https://www.facebook.com/photo.php?fbid=195046610567527&set=a.105040109568178.8534.100001865689219&type=3&theater



07 - ( මවකගෙ උණුසුම නොලබා ) මේ ගීතය ටිකක් විශේෂයි. මොකද දන්නවද ? මේක මම කැමතිම සින්දුවක් හැබැයි අහන්න අකමැති.ඒ වගේ  සින්දු ඔයාලටත් තියෙනවද ? මේකත් පොඩි කාලේ ඉදන්ම ඇහිච්ච දැනිච්ච  ගීතයක්. මේකේ තේරුමවත් නොදන්න කාලෙ ඉදලා මම මේ  සින්දුවට ආස කලා.පස්සෙ ඉතින් ටිකක තේරෙන කාලෙදී මේකේ තේරුම දැන ගත්තම පපුව කඩාගෙන වැටුනා.ඊට පස්සේ මට මේ සින්දුව ඇහුනේ හරිම මූසල අදෝනාවක් වගේ.ඒත් ඒ අදෝනාව අහන්න මම යටි හිතින් කැමති  වගේ. මේක මට අමතක කරන්නම බැරි ගීතයක් ඒත් උවමනාවෙන් අහන්නේ නෑ ඇහුනත් නෑහුනා වගේ ඉන්නවා.



08 - ( මීඳුම් දුමාරයේ ) කසුන් කල්හාරගේ හැම ගීතයකට වගේම එකම වගේ ප්‍රියයි. ඒත් මේ ගීතය ඒ අතරින් අමාරුවෙන් තෝරගත්තා මේ හොදම 16 අතරට. මේකත් මීට අවුරුදු හතරකට විතර කලින් රෑ තිස්සෙ  අහපු සින්දුවක්.



09 - ( නෙතට උළෙලක් )දිවුල්ගනයන්ගේ ගීත අතරින් මේකටත් වැඩි මනාපයක් හිමිවෙනවා. හේතුවනම් අනේ මන්දා......




10 - ( නිලට නිලේ ) ඊට පස්සෙ ආයෙමත් ඉන්නේ කසුන්.කසුන් උරේශා කියන්නේ මම කැමතිම සංයෝගයක්.ඒ දෙන්නගෙ කොයි ගීතෙත් හරිම ප්‍රේමණීයයි. මේ සිකුරු හතේ ෆිල්ම් එකේ එන සින්දුවක්  මේක නිතර  කොහෙන්වත් ඇහෙන එකක්නම් නෙවෙයි.ඒත් මම නිතරම ෆෝන් එකෙන් දාගෙන අහන  සින්දුවක්.


11 - ( ඉකිගසා හඬන ) හිත හිරිවට්ටපු ගීතයක්.අමරසිරි පීරිස් මහත්තයගෙ මේ කටහඬට මම පුදුම තරම් ආදරෙයි.

12 - (පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් ) මම  ටීනේජ් කාලේ ඒ කියන්නේ මේ පොඩ්ඩක් නරකම වයසෙදි ආත්මලා, අසංග , රූකාන්ත , නාමල් , ප්‍රින්ස් එහෙම තමා නැගලා ගියේ.නිතරම ඇහුනේ කනට මෙයාලගෙ සින්දු තමයි.ඒ කාලෙ කියපු ආත්මගේ ගොඩක් සින්දු පරද්දලා අන්තිමට මගේ හිතේ නැවතුනේ එයා මීට අවුරුදු තුන හතරකට  විතර කලින් කියපු මේ සින්දුව තමයි.


13 - (ඔබ හීනයක් වගේ ) කැමතිම ගායිකාවකගෙ කැමතිම ගීතයක්.මේ ගීතයට කැමති වෙන්න තවත් හේතු තියෙනව.ඒ මේක මගෙ ආදරණීය සර් සන්නස්ගල ලියපු එකක්  වගේම මේක සර්ගෙ වස්සාන සිහිනය ෆිල්ම් එකෙත් තිබුනා.මේ වචන වලට මම කවදත් හරිම ආදරෙයි.ඒ වගේම  මේකෙ සංගීතයත් හරිම අපූරුයි.




14 - ( ඇස රැඳුන රැඳුන තැන් වල ) පොඩි කාලේ ඉදන් මේකත් අපේ ගෙදර නිතර ඇහුන සින්දුවක්.මේ සින්දුවට අපේ අම්මා ගොඩක් ආසයි.ඉතින් අහල අහලම මේකත් මට අමතකම කරන්න බැරි සින්දුවක් වෙලා දැන්.අපි කට්ටිය සෙට් වෙලා  ට්‍රිප් යනකොට එහෙම  මගේ බලවත් ඉල්ලිම් එන්නෙ මේ සින්දුව කියමු කියල තමා  කට්ටියට.

15 - ( අනාත මාරුතේ ) ඊළඟට රූකා හිච්චි කෙල්ල කාලේ පට්ට ගැහුවේ මෙයාගෙ සින්දු.ඉස්කෝලෙ  ෆ්‍රී පීරියඩ් වල  මුන්දගේ සින්දු කියලා  පන්තියම දනගහගෙනත් ඉදලා තියෙනවා.දවසක්දා හැන්දෑවක, සඳ බැසගිය තැන නෑ, කඳුළු බිඳක් , හම්මා මතක් කරනකොටත් මාර රහයි.ඒත් ඒ ඔක්කොම පැත්තකට දාලා ලිස්ට් එකට ගන්නේ මේක.මොකද  රූකාගේ සින්දු වලින් මගේ සත්තලන් කැමතිම සින්දුව මේක.මට මල පැන්න වෙලාවට එහෙම මේ සින්දුව සද්දෙට දානවා මට ඇහෙන්න.


 16 - ( කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම් ) සරල සුන්දර ගීතයක්.මේකත් මම කැමතිම එකක්.සත්තලන් අනාත මාරුතේ කිව්වම මම මේක කියනවා හි හී

කඳුල නිවන්නම් නෙත නොතමනවා
නම් තනියට ඉන්නම් තනි නොකරනවා
 නම් මතකයේ ඉන්නම් අමතක නොමවෙනම්
 සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්
 මල් පුදින්නේ දැඟිලි අතරේ 
තැලි පෙලි මියැදෙන්න නොවේ
 සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
 හිත රිදවා ගන්න නොවේ
 හඳ පායන්නේ තරු නැති ලෝකේ 
ඝනදුර දුරු කරවා ලන්නයි
 සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වෙන 
හිතකට එළියක් ලැබ දෙන්නයි.....



හම්මේ කෝමහරි ඔන්න අදම වැඩේ ගොඩ දාගත්තා. මේ රැල්ලෙම තව රැල්ලක් ආවොත් කොහොමද නිකන් කැමතිම හින්දි සින්දු 16 වගේ ? කෝ මේ ඉයන් ? ඇහුනදෝ ....






45 comments:

  1. 1, 12, 13, 14 ගොඩක් කැමතියි.....
    :D

    ReplyDelete
    Replies
    1. ආ මෙහෙත් ඇවිත් ... බොහොම ස්තූති

      Delete
  2. great collection. 16 is one of my altime favourites

    ReplyDelete
  3. තමන් කැමති ගීත 16 සහෝදර බ්ලොග් කරුවන්/කාරියන් ( සහ බ්ලොග් මාමලා ) අතර බෙදා ගත්තු ලිස්ට් 18 ක් දැනට පබ්ලිශ් වෙලා තියෙනවා. මේ ගීත එකතු ටික එක තැනක තියන්න කවුරුහරි ඉදිරිපත් වෙනවනම් හොඳයි. එතකම් ඒ ටික මේ පෝස්ට් එකේ තියෙනවා.

    පොඩි කරුණක්. මම කලේ මම කැමති සිංදු ටික දාපු එක විතරයි. ඒක සුන්දර රැල්ලක් කලේ තම තමන්ගේ ලිස්ට් දාපු ඔබ වගේ අය. ඒක නිසා මගේ නම දැන් හලල මේක අපේ පොදු දෙයක් ලෙස තියමු.

    ඔබගේ කැමැත්ත බෙදා ගත් එක ගැන නම් ඉතාමත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් මම ඒ ලිස්ට් එකෙන් කිහිපෙකට ගියා , හපු නැති සින්දුත් ඇහුවා.ඇත්තටම මේක අපූරු වැඩක් මේකෙන් ගීත විතරක් නෙවෙයි අලුත් බ්ලොග් කරුවන් / කාරියන් පවා මුණගැහුනා.දැන් ඉතින් මේක පොදු දෙයක් තමා. ඒත් ඒකට අඩිතාලම දැම්ම ඔයාට ඒ ක්‍රෙඩිට් එක නොදීම බෑනේ.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. ඉයන් මාම නිසා දැන් බ්ලොග් හොයාගෙන ඇවිත් සිංදු අහනවා කියන්නකො :D අහල නැති සිංදු දෙකයි තියෙන්නෙ

    සිතිවිලි සිතූ ගෙ ලිස්ට් එකෙන් ' ඔබ ගින්දර දළු පිරිච්ච ' සිංදුව අහල දැන් ඒකටත් කැමතියි :) සොඳුරු සඳවතී ලිව්ව පද පෙළත් අපූරුයි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මෙහෙ ආවට, ඔව් මම කිව්වෙත් ඒකයි මේ වැඩෙන් නාඳුනන බොහෝ බ්ලොග් ඇස් ගැටුනා ඒක ගොඩක් වටිනවා. ස්තූති ඔබට.

      Delete
  6. "මවකගෙ උණුසුම නොලබා" අහලම නැ..ඔයා අපිව තවත් අමාරුවක දාන්න යන්නේ, හින්දි සින්දු 16 ?????

    ReplyDelete
    Replies
    1. හි හී ඔව් හින්දි සින්දු තෝරන එක සින්හල එකටත් වඩා අම්මරුවේ. කෝක තොරන්නද කියලා. මමත් ඒ ගීතය ගොඩාක් කාලෙකින් කොහේවත් යනවවත් ඇහිලා නෑ හරිම පුන්චි කාලෙ ඇහුව එකක්. ඒත් ඒක හිතේ හොල්මන් කරනවා.

      Delete
  7. ගොඩක් ස්තුතියි අක්කා අභියෝගය බාර ගත්තට!

    අක්කගේ ලිස්ට් එකේ තියෙන්නේ මං කැමතිම සින්දු ටිකක්.

    "මවකගේ උණුසුම නොලබා" ගීතය මම මුලින්ම ඇහුවේ කෝච්චියේ සින්දු කියන මනුස්සයෙක් කියනවා අහල. මම ඒ සින්දුවට ගොඩක් කැමතියි. ඒත් එක්ක අහන්න කැමති නෑ.

    "මිදුම් දුමාරයේ" ගීතයටත් ගොඩක් කැමතියි. අනිත් සින්දු වලටත් කැමතියි ඉතින්....

    ගොඩක් ස්තුතියි ආයෙමත් මේ පෝස්ට් එකට..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඉස්තූති දොස්තර නෝනේ මට මේ සොඳුරු අභියෝගය බාර දුන්නට.

      Delete
  8. ඔයාගේ කාලයේ ගීත එකතුවක්. එහෙම නේද? හොඳයි හොඳයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් අනේ මන්දා එක එක කාල වල ඇහිcච දැනිච්ච සින්දු තමා

      Delete
  9. සින්දු ටික ඔක්කොම ලස්සනයි. සමහර ඒවානම් අහලවත් නැහැ. (12, 13). මවකගේ උණුසුම සින්දුව කේ සේන ගේ නේ. එයාගේ මොකක්ද යාළුකමක් හරි නෑදෑ කමක් හරි මගේ මවගේ පැත්තෙන් තියනවා. මට මතකයි එයා ගේ බිරිඳ හිටිය කිරුලපොනේ ගෙදර ගියා දැනට අවුරුදු 36 කට විතර කලින්.

    ReplyDelete
    Replies
    1. ගීතය අහලා මිසක් ඒ ගැන විස්තරනම හොයලා නෑ, බ්ලාගෙන යනකොට මේක බොහොම පැරණි ගීයක් වගේ. පොඩි කලෙ නිතර ඇහුන මතකයක් තමා මේ තරම අමතක කරන්න බැරි විදියට ඒ ගීතය හිතට වැදුනේ.අම්මෝ 12, 13 සින්දු ඇයි අහලා නැත්තේ?

      Delete
  10. මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ... මේක 70' ගනන්වල ඉදලා අහන ගීතයක්. අහන හැමදාකම මගේ ඇස් වලින් කදුලු ගලනවා. වචන විතරක්ම නෙමෙයි තනුව, සංගීතයත් ඒකට හේතුවක් කියලයි හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් හරිම සංවේදී ගීතයක් හැම පැත්තෙන්ම.ඒ සින්දුවේ තේරුම හරියටම තේරෙන කාලෙ වෙනකොට මම ඒක ඇහෙන හැම වෙලාවෙම හිතුවේ අනේ ඒ වගේ දෙයක්නම් කිසිම කෙනෙකුට නොවේවා කියලා.

      Delete
  11. Replies
    1. වාව් මේක දැන් රැල්ලක් නෙවෙයි කැරල්ලක් වගේ හී හී

      Delete
  12. සින්දුත් හොඳයි අපි අඳුරගත්ත එකත් හොඳයි . ජය !

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් ගොඩක් අයව හදුනා ගත්ත මේ සින්දු රැල්ල නිසා. ස්තූති ඔබට

      Delete
  13. 3,5,6+උඹේ කවිය.

    ඔන්න ඔය ටික තමයි උඹේ ලිස්ට් එකෙන් මම කැමතිම ටික...

    ]ජය වේ..[

    ReplyDelete
    Replies
    1. අනෙ ස්තූති මගෙ කවියටත් මනාපයි කිව්වට.

      Delete
  14. මීට අවුරුදු 5-6 කට කලින් සහ්තලන් එක්ක පට්ට ලව් එක තිබ්බ කාලේ නේද වැඩිහරියක් සින්දු ඇහුවේ හා සින්දු මතක හිටියේ.. හි..හි.. ඕව ඔහොම තමයි..හි හි..

    3, 7, 12, 13, 15, 16 සින්දු වලට විශේෂ කැමැත්තක් තියෙනවා.. චන්දන ලියනාරච්චිගේ සින්දුවේ 'කෙටි පණිවුඩ ඇයි එව්වේ අලුත් වේවි' කියන කෑල්ලට හැර අනිත්වට කැමතියි.. ඒක සින්දුව කාලානුරූප කර ගන්න බලෙන් ඔබපු නොගැලපෙන පද පේලියක් කියලයි මට හිතෙන්නේ..

    ෂාහ්.. දඟ පැටික්කිත් හොඳයි සිංදුවකට ගන්න. :)

    ReplyDelete
    Replies
    1. හි හී ඔව් ඔව් ඒ කාලේ සින්දු අනුභව කොලා, දැනුත් ඉතින් ඒක අඩුවක් වෙලා නෑ හොද සින්දුවක් ඇහුනොත් එසේම තමා.ස්තූති මගෙ අනිර්මාණය අගය කිරීම ගැනත්.

      Delete
  15. දවස් තුනකට පස්සෙ අන්තර්ජාලෙට ගොඩවැදුනේ හිමිහිට බලන්නම්

    ReplyDelete
  16. ඔන්න අවුරුදු ගානකින් මමත් බ්ලොග් එකක් කියෙව්වා. නියමයි ආ. සිංදු නම් ඉතිං මං එතන තමයි. :D ස්තූතියි ලොකු මැට්ටි.

    ReplyDelete
    Replies
    1. හම්මේ... මෙන්න මෙයා... හා හා ආව එකේ බ්ලොග් එකේ මකුලු දැල් එහෙම කඩලා සින්දු අභියෝගෙත් බාරගත්තනම් හොදා

      Delete
  17. මේ තේරීම් වලින් නම් කැමතිම කඳුල නිවන්නම් සින්දුවට.

    අලුත් අය කියන සින්දු අහන්න අකමැත්තක් නෑ. එත් ඒවගේ තියෙන ඉලෙක්ට්‍රොනික සංගීතයට මගේ දැන් කැමැත්ත ටිකක් අඩු නිසා ඒවා රස විදින්න අමාරු නිසා අහනවා අඩුයි. මම 8 වසරේ ඉන්න කාලේ අපු සන්ෆලවර් රැල්ල අවුරුදු 3ක් විතරම ඒකාලේ සොය සොයා අහලමද මන්දා දැන් ඒවාට ආසාවක් නැත්තේ.

    ReplyDelete
    Replies
    1. සතුටුයි මෙහෙටත් ගොඩ උන එක ගැන සාදරයෙන් පිළිගන්වා....ඔව් මෑත කාලේ ගීතනම් එකම වට්ටෝරුවේ, අපි පොඩිම කාලේ සහ යොවුන් වියේදි අහපු ගීත තමා අදටත් අපිට මතක තියෙන්නෙ.

      Delete
  18. නෙතට උළෙලක් සහ ඇස රැඳුන රැඳුන තැන්වල ගීත මගේ කැමතිම...:)

    ReplyDelete
  19. නෙතට උළෙලක් සහ ඇස රැඳුන රැඳුන තැන්වල ගීත මගේ කැමතිම...:)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් බොහොම ස්තූති මෙහෙටත් ආවට.

      Delete
  20. ඔබ ගින්දර ගීතය මුලින්ම ඇහුවෙ අද.. මීදුම් දුමාරයේ සිංදුව අහන්න ඕනෙ රිවර්ස්ටන් වගේ පැත්තකට ගිහිං.. ජීවිත අත්දැකීම් එක්ක සම්බන්ධ නිසා අමතක නොවෙන ගීයක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හා... හා... මමත් මේක අහන වෙලාවට හිතින් ඉන්නේ නුවර එළියේ ග්‍රෙගරි වැව ගාව එහෙම නැත්තන් පිදුරුතලාගල කන්ද උඩ, රිවස්ටන් තාම ගිහින් නෑ.

      Delete
  21. මීදුම් දුමාරයේ සහ ඇස රැඳුණ රැදුණ මං ආස සින්දු.. අනිත් ඒවා නම් මගෙ චොයිස් එකෙන් තරමක් දුරයි..

    ඔබ ගින්දර දළු පිරිච්ච.. ආස ම නූනත් ආසාවෙන් අහපු ගීතයක්.හැබැයි ඒ ගීතයට වඩා ඔයාගෙ ගීතය ලස්සනයි.

    නරකද ආයෙ දෙනුවන් අනුහස වාගෙ කතාවක් ලිව්වොත්..????

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් බාගෙට ලියලා නවත්තපු ඒ ඔබම ඔබමය ඉවර කරන්න අඩහසක් තියෙනවා. වෙලාව තම ප්‍රශ්නෙ. ඔයා දෙනුවන් කියෙව්වද?

      Delete
  22. ඔන්න අපිත් ආවෝ. පෝස්ට් එක කියවන එක පොරොත්තු ලේඛනේට දැම්මා. බලමු තව වැඩ ගොඩක් තියෙනවා.

    ReplyDelete
  23. අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ

    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

    ඔයා මට අයෙත් මතක් කරා...... එදා "අපි ඈතට ඈතට පා නගලා" ලෝකාන්තයේ ඇවිදින්න ගිය හැටි "ඝන වනන්තරේ". බේකර්ස් ඇල්ලට යන පාරේ "වසන්ත මල් ගොමුවේ" අතරමං උන හැටි තාම මතකයි මට .

    ReplyDelete
  24. පුංචි හරි ඉඩක් නෙවෙයි , ලොකු ඉඩක් තියනවා . කියවන හැම වෙලේම මම හිතෙන අඩනවා . මේ හැම අකුරකම පළමු ආදරය වේදනාව තියෙනවා මට දැනනවා . කොහොමද ඔයා මෙහෙම ලියන්නේ ...............

    මම සුභ පතනවා ! දිගටම ලියන්න ලැබේවා !

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...