සඳට බැළුම් හෙලූ අය

Nov 5, 2016

ඉල්මහේ කඳුළු !





එදා වාගෙම අදත් පිණි වැස්ස වැටෙනවා
නිල් කුඩේ යට ඉදන් මං පාර බලනවා
ඉල් මහේ මල් සුවඳ සුසුමක්ව හමනවා
මේ මහා හීතලෙත් මගේ හිත දැවෙනවා

හිතේ අහුමුලු අස්සෙ මතක ඉකිබිඳිනවා
වැහි දියට මං මගේ කඳුළු අතහරිනවා
ඔයා එන්නෑ තමයි හිතට තනි දැනෙනවා
පෙති හැලුණු පොපි මලක් තව හුස්ම ගන්නවා

10 comments:

  1. අළුත් මල් හැම තැනම පිපිලානෙ තියෙන්නේ
    පෙති හැළුන පොපි මල් වලට නෑ වහන්නේ
    බඹරුන්ට වසන්තය හරි බිසී කලක්නේ
    හැමදේම අස්ථිරයි සැනසෙන්න ලඳුන්නේ

    ReplyDelete
    Replies
    1. හිත රිදෙන කතා කියන්න එපා අනේ.. හි හී

      Delete
  2. “I always like walking in the rain, so no one can see me crying.” ― Charlie Chaplin

    PS - ඉල් මහේ කඳුලු කිව්වම මම මුලිම්ම හිතුවෙ ඉල් මහ විරු සැමරුමක් කියල...:)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් නේද එහෙම සමරුවකුත් තියෙනවනෙ...චැප්ලින්ගේ කතාවටනම් මමත් එකඟයි...

      Delete
  3. පැල් බැඳන් වැහි කුමරි නුඹේ දුක අහනවා
    කල්පනා අතීතෙක මටත් දුක දැනෙනවා
    නිල් කුඩේ තුරුලකට එන්න හිත අඬනවා
    මල් සුවඳ මා නමින් නුඹෙ ළඟින් ඉන්නවා......

    ජයවේවා!!!

    ReplyDelete
  4. ඉල් මහේ මල් සුවඳ පෙර ලෙසින් දැනෙන්නට
    වැහි හීන වල සුවය ආයෙමත් විඳින්නට
    දැන් ඉතින් ආයුබොවන් කියමු හිත රැඳි දුකට
    වසන්තය යලිත් එයි සිනාසී නුඹ ලඟට
    ඔන්න මමත් මේ පැත්තට ආවා. ලස්සන කවි ගෙත්තමක්. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිලිගනන්වා කටකාරී ඔයාව....ස්තුතී ලස්සන පද වලටත්.

      Delete
  5. හරිම touching. ඇත්තෙන්ම විඳපු දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ අප්පා එහෙම එකක් නෙවෙයි

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...