(නිමිත්ත - උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ ලලනායනය කියවා අහවර )
පරසතු උයනෙ පිපි කුසුමකි සුදු උවන
පද්දා සිහින් ඉඟ පා කිංකිණි සලන
සඳවත සඳිසි මගෙ අහසට වැඩි අඟන......
සදුන් තෙත රැඳුණු නිල් වරළ පිල් විදන
මා මනස් විල මැද්දෙ හංස තුඬු රඟන
මිණිමෙවුල නූපුරය කිංකිණිද මුදන
මහනෙලකි නුඹ මගේ සාධු සිත බිඳින......
මුවැත්තිය සඳිසි නිල් තිගැස්සෙන නයන
දුටුවිටදි ඇවිලේවි විතරාගී දැහැන
ස්වයං සංයමය දඩබිමක වෙස් දරණ
හැඟුම් සළිතව යාවි මුහු වෙලා පවන......
නෑඹුල් මලක මල් කෙමියක රස මවන
මී පැණි ගුලාවකි ලා රතු පෙති සිඹින
යෞවන මදය මන්මත් කරවන සොබන
සඳ දිය යටම සාදන්නද මධු යහන......
සුන්දරයි.....................
ReplyDeleteස්තුතී බොහොම
Deleteහරිම අගෙයි...
ReplyDeleteස්තුතී බොහොමත් ඔයාටත්
Deleteලස්සනයි.
ReplyDeleteජයවේවා!!!
අද කවියක් නැති එකනම් පුදුමයි... හි හී .. ජය ඔයාටත්
Deleteඇස් දෙක වුණත් රුව ඇති දෙය වෙත ඇදිලා
Deleteතිස් සෙම දුවයි හිමි හැම දේ අත් හැරලා
ලස් සන පද රැඳුන ශානිගෙ කවි දැකලා
ඉස් සර වගේ කවි බෑ මා වසඟ වෙලා.......
ජයවේවා!!!
දුමින්දගේ මේ හිටිවන කවි දැකලා
Deleteමොනවා ලියන්නද තව, මම යමි අත වනලා
දුමීගෙ චින්තකගෙ මේ රස කවි දැකලා
Deleteමගෙ කවි මොන කවිද මං අඬනව වැටිලා
ප්‍රභාත් පැමිණ ගියෙ ආපසු අත වනලා
Deleteශානිත් අඬයි මේ හොල්මන් කවි දැකලා
තාමත් පමා නැත අපි තිදෙනා එකතුවෙලා
ආයිත් සෙත් පතමු කවියෙන් නැහැවීලා.....
ජයවේවා!!!
සඳවතුයගේ වචන හැම මොහොතෙම ශෘංගාරාත්මකයි.
ReplyDeleteම්ම්ම් ඔව්නෙ මේ ටිකේම ලියවුනේ එහෙම එව්වා තමා.
Delete