සඳට බැළුම් හෙලූ අය

Jan 27, 2017

පරණ ගෑණු ගන්නවද ?




ඉස්සරනම් බ්ලොග් එකට කවි විතරක් නෙවෙයි ආගිය කතා මගේ කතා කෙටි කතා නවකතා ලෝකෙ නැති කතා ලිව්ව.ඒ දවස්වලට වඩා දැන් පොඩ්ඩක් විතර ජීවිතේ කාර්යබහුල වෙලා නිසා කවියක් දාලා ශෙප් උනාට  ලියන්න දෙවල් කෝටියක් හිතේ තියෙනො.ඔන්න ඉතින් අද කාලෙකට පස්සේ මේ  ලියන්නේ සඳවතීගෙයි සත්තලන්ගෙයි කතාවක්.ඔව් ඔව් මේවා මේ ඇත්තම ඇත්ත කතා.ඉස්සර බ්ලොග් කියවපු සෙට් එකටනම් මේ සත්තලන්ගේ කතා පුරුදුයි.

කතා අංක එක :

මගේ ඔය සත්තලන් ගොයියාට  ඔෆීස් කනෙක්ශන් වලට වෙනම ෆෝන් එකක් තියෙනවාආයතනයෙන් දුන්න ඕක D to D  ෆ්‍රී . ඉතින් ඒ නිසාම වැඩි හරියක් ඒක පාවිච්චි කරන්නෙ මම. වැඩිපුර කතා කරන්නෙත් ඉතින් එයාගෙ අම්මට එයාගෙ මල්ලිට මගේ අක්කට තමා.එයා ඒකෙන් වැඩිපුරම කතා කරන්නේ මට. ඒ උනාට ඔෆීස් එකට අදාල නොම්මර විතරයි මුන්දා සේව් කරලා තියෙන්නේ.එයාට සියලු නොම්බර කට පාඩම් නිසා අවුලක් නෑ.ඒත් මට පාඩම් එකම නොම්බරේ සත්තලන්ගේ නොම්බරේ විතරයි.ඒ නිසා මට ඔය නොම්බර සේව් කරලා නැති එක හරිම වදයක් මම ඉතින් දවස් ගානක් කිව්ව අනේ ඔය ටික සේව් කරන්නකෝ කියල.ම්හ්ම්.. කොහෙද මේකා කනකට ගත්තේ නෑ  මම ඉතින් මේ ළඟදි දවසක ඔය නොම්බර දෙක තුනක් සේව් කලා.මගේ නොම්බරේ (Ube gani ) එයගෙ මල්ලිගෙ එක (Ube malli ) අම්මගෙ එක ( Ube amma)ඔන්න ඔහොම තමා කලේ. පහුවදා උදේ පාන්දර ඔන්න පුරුදු විදියට එයා Gym ගියා. එන කිට්ටුව වෙනකොට මම කෝල් එකක් ගත්තා පත්තරයක් අරන් එන්න කියන්න.මෙන්න බොලේ කවදාවත් නැතුව එයාගෙන් කිසිම ආන්සර් එකක් නෑ. මම තව පාරක් ගත්තා..ම්හ්.. ඒත් නෑ.. තව එක පාරක් ගත්තා ඒත් නෑ..  
මට දැන් හරිම අවුල්. මගදී මොකක් හරි කරදරයක් වෙලාද .. එහෙම නැත්තන් පාරේ එන ටිකට මොකක් හරි වෙලාද..මම ඉතින් ඊළඟට මොකද කරන්නේ කියලා ඉස්සරහ දොර ගාවට වෙලා කල්පනා කර කර ඉද්දි මෙන්න වාහනේ ගේට් එක ළඟ.එතකොට තමයි මගේ ඇඟට ලේ ඉනුවේ.ඒ එක්කම ඉතින් අද වරෙන්කෝ ගෙට කියන සයිස් එකෙන් හිතෙන් බැන බැන හිටියේ.මම වෙනසක් නොපෙන්නා ගේට්ටුවත් ඇරියා එයා ඇතුලටත් ආවා.වෙනද වගේම වාහනෙන් ලට්ට ලොට්ට ටිකත් ගත්තා. ඔන්න එතකොට,


 එයා - කවුද බබා උබේගනී කියන්නේ දැන් දෙතුන් පාරක්ම ගත්තා.මම දන්නෙ නැති කෙනෙක් නිසා  ආන්සර්   කලේ නෑ...

මම - උබේගනී....? ( ඔන්න එතකොටයි මටත් වැඩේ මීටර් උනේ )
උබේගනී නෙවෙයි  අනේ..... උඹේ ගෑණී

එයා - මොකක් ? කවුද මගෙ ගෑණී ...?

මම - උඹේ ගෑණි මම මිසක් වෙන කවුද ආ...

එයා - හුටා... එතකොට ඒ මගේ ගෑණිද

හයියූ සංසාරේ ඔන්න ඔහොමලු උනේ.




 කතා අංක දෙක :

  මේ පහුගිය ඉරිදා වෙලාව උදේ හතට විතර අපි එතකොටත් දොයි.දොයි කිව්වට දොයිම නෙවෙයි නැගිටින්න කම්මලි කමට ඉන්නවා. ඔන්න මහා සද්දෙට මයික් කටකින් ඇහෙනවා,

පරණ  ටීවී ගන්නවා... පරණ වොශින් මැෂින් ගන්නවා... පරණ ගෑස් ලිප් ගන්නවා... පරණ බ්ලා ... බ්ලා.. බ්ලා...

මේක ඇහුනා විතරයි මෙන්න මුන්දා ඇදෙන් බිමට පැන්නා දඩිබිඩියේ.

මම - ඇයි අනේ...

එයා - අන්න අර ලොරි බෑය නවත්ත ගන්න ඕනේ

මම - ඒ මොකටද මෙහෙ දෙන්න මුකුත් නෑනේ

එයා - මොකෝ නැත්තේ  ඔය සේරම ගන්න එකේ පරණ ගෑණු නොගෙන ඉන්න එකක් නෑනේ.

එහෙම කියලා මම මුකුත් හිතන්නත් කලින් බාත් රූම් එකට  දුවල ගිහින් දොර වහගත්තා.මමත් අත ඇරියෙ නෑ ඉතින් ලොක් කලා බාත් රූම් එක එලියෙන් අන්තිමට ඉතින් පැනි බේරෙන කතා දාහක් විතර කියලා දවල්ට කන්න එලියටත් එක්කන් යන්න පොරොන්දු උනාට පස්සෙ තමා ලොක් එක ඇරියේ.


ඉතින් පින්වතුනි ඔන්න ඔහොමලු උනේ.තව කතා ගොඩක් තියෙනවා කම්මැලී අප්පා ටයිප් කරන්න.



41 comments:

  1. Replies
    1. කියන්න වදන් නෑ වගේද චෙෆ්තුමෝ

      Delete
    2. තනියම හිනාවෙනකොට මාව ආයෙත් අංගොඩ එක්ක යයි කියල බයේ හිනාව ලිව්වා..(අපි ඉස්සර හිටියේ අංගොඩ, දැන් ඊට පොඩ්ඩක් එහායින් මාදින්නාගොඩ )
      :)

      Delete
    3. හෑ... එතකොට ඔය මදින්නාගොඩද අර ලේක් ෆ්‍රන්ට් පොල් වත්ත තියෙන්නේ

      Delete
    4. මාදින්නාගොඩ කොහෙද අනේ පොල්වතු...ඒවා බලන්න හයිවේ එකේ යන්නෝනි...!!

      Delete
  2. Ube miniha Gym යනකොට යමන්කෝ maghe gani Gym ගියානං මාත් එල්ලිලා යනවා

    ReplyDelete
    Replies
    1. යකෝ මාත් ඕකම කලා ...ගෑනිට නෙමෙයි නැන්දම්මට

      Delete
    2. මමත් යනෝ හැබැයි එයා යන එකට නෙවෙයි එයා යන වෙලාවටත් නෙවෙයි එයා යන්නේ කුකුළා අතින් අරන් පාන්දරජාමේ.දැන් මොකක්ද ඔය අටං අයියා කලයි කිව්වෙ නැන්දම්මට

      Delete
    3. ලියනවා ලගදිම ටිකක් හිටු , ජංගමයගෙන් බැ පොස්ට් දාන්ඩ ...බෙල්ල රිදෙනවා

      Delete
  3. කතා දෙකම ආසාවෙන් කියෙව්වේ සඳූ........
    දැන් ඉතින් කවිවලට තිත වැටෙයිද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නැතිවෙයි නේද බං ... උඩ තියන කතාවල හැටියට ආතල් ඩයල් එකක් වාගේ ...අපිට වගේ පොඩි නුහුගුන ගතියකුත් තියන පාටයි ... නැත්තං මෙහෙම බරබාගෙකට කර දෙයිද

      Delete
    2. දුමී - නෑ නෑ කවි ලියන එකනම් ඉතින් නතරවෙන එකක් නෙවෙයි

      අටං - හප්පා එයා දෙන ආතල් වලට වෙලාවක මම හිනා වෙලාම මැරිලා යනවා.

      Delete
    3. ඉතින් හොදයි ....ආතල් දෙන සැමියෙක් ලැබුනට සතුටු වෙන්න ....කොහොමද බම්මන්නා වගේ බුම්මාගන ඉන්න පොරක් උනානං

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. අටං - ඔව් ඔව් ඒකනම් හැබැයි

      දුමී - ඩිලීට් කලාට මම දැක්කා ඔයාත් මට බරබාගේ කිව්ව දුමී ඉහි ඉහි

      Delete
    6. අටංගේ බරබාගේ කමෙන්ට් එකට රිප්ලයි කරන්න ටයිප් කෙරුවේ. ඊටපස්සේ තවත් රිප්ලයි දෙකක් තිබ්බ හින්දා ඩිලීට් කෙරුවා.
      අටංගේ කතාව ඇත්තක්ද සඳූ....

      Delete
  4. සත්තලන් එල කොල්ලෙක් නේ...
    මමයි මගේ ගෑනියි gym ගියා කාලයක්. ගෑනි නැවතුනා...මාත් නැවතුනා ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් දැන් බරබාග දෙකක් වගේ ඇති හික් හික්. මමනම් නවතින්නේ නෑ හැබැයි මෙයානම් කම්මැලියා වෙලාවකට මගේ බලේට යවන්නේ

      Delete
    2. බර බාග නෙවෙයි....බර ගොඩවල්

      Delete
  5. ඒව්වා ටිකනම් මරු සදවතියෝ....ඉදිරිපත් කිරීමේ විලාසෙ පට්ට ඈ........අතර මැද ඕවත් දාන්ට.මරුම ඈ......

    ReplyDelete
    Replies
    1. දාන්නනම් කතා එමටයි ටයිප් කිරීමේ කම්මැලි කමකුත් තියෙනවා පොඩි පහේ.
      මෙන්න මේකත් බලන්නකෝ ගිහින් සත්තලන්ගෙ වැඩ.

      http://kavisandalla.blogspot.com/2012/09/blog-post.html

      Delete
    2. හම්මේ ගිහින් කියෙව්වා...මරුම ඈ......

      Delete
    3. ම්ම්ම් ඔව් ඔව් මම දැක්කා ඒ පැත්තේ ගිහින් තිබුනා

      Delete
  6. මම හිතාගත්තු එකම දේ වැඩට ගිහින් නම් සඳවතියාගෙ බ්ලොග් පෝස්ට් කියවන්නේ නෑ කියල.....හිනා වෙලා ඉල ඇදුනා..අනේ ලියන්න නංගී...ඒ කතා අපූරුයි

    ReplyDelete
    Replies
    1. http://kavisandalla.blogspot.com/2012/09/blog-post.html

      ඔන්න ඔහෙ ඔෆීස් එකේදිම මෙන්න මේකත් කියවලා දාන්න අනේ

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. හප්පා.... 'පරණ යකඩ වලට දෙනවා අළුත් බේසා..න්,වෙශින් මෙශින් හට්ටි මුට්ටි...' ඕක කොහොමත් දවස් දෙකෙන් දෙකට වත් අහන්න වෙන සද්දයක් අප්පා..
    හෙහ් හෙහ්.. මරු වැඩේ.ගස් ලබ්බි නම් ෆෝන්,ලැප් වැඩිය අදින්න කොරන්න යන්නෑ තාම.ඇද්ද දාට තමයි බලන්න වෙන්නෙ මක්ක වෙයිද කියල හිටං.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් මේ පැත්තෙත් එනවා සුමානෙකට දවසක්වත්.හි හී මෙහෙනම් එහෙම නෑ එයාගේ සේරම මගේ වගේ තමා

      Delete
  9. //මොකෝ නැත්තේ ඔය සේරම ගන්න එකේ පරණ ගෑණු නොගෙන ඉන්න එකක් නෑනේ.//

    +++++++

    ReplyDelete
    Replies
    1. ගෑණු විතරක්යැ පිරිමිත් ගනී නේද ඉයන්

      Delete
  10. බඳින්නත් බය හිතෙනවා අප්පා මේවා දැක්කම :) :)

    ReplyDelete
  11. මරු සඳු කතා ටික...බලන්න සත්තලන්ගේ පතිනි භක්තිය...සතුටු වෙන්න ඕනේ ඔහොම සත්තලන් කෙනෙක් ලැබුනට...කොයි "ගනී" කතා කලත් ආන්සර් නොකරන එකම මදිද..හිනා වුනා ඇති වෙන්න...රහට ලියල තියනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒකනම් ඇත්ත පොකුරු එයාගේ ෆෝන් එකේ එයාගේ නම්බර්ස් වලට වඩා තියෙන්නෙ මගේ නම්බර්ස් ඒත් දන්නම කෙනෙක්ට ඇරෙන්න එයා ආන්සර් කරන්නෙ නෑ.

      Delete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. මේක කියවලා මට හිනා. sounds familiar ඉතින්. ඔය වගේ කට්ටිය මේ පැත්තෙත් ඉන්නවා. නියම ලියවිල්ල. පුදුමයි මට මේ බ්ලොග් එක මඟ අරුනා මෙච්චරකල්!

    ReplyDelete
    Replies
    1. ස්තූතී මේ පැත්තට ආවට ඔයාට දිගටම එන්නකෝ එහෙනම්. ඔයාට බ්ලොග් එකක් තියෙනවද

      Delete
    2. :)

      http://hotchocolatedays.blogspot.com

      Delete
  14. හම්මෝ හිනා වෙල මැරෙනව සඳවතියො. ඔයාගෙ සත්තලනුත් හෙන ආතල් කොල්ලෙක් වගේනෙහ්.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...