සඳට බැළුම් හෙලූ අය

Feb 23, 2017

මහලු නොවූ ප්‍රේමයක අරුමය !






ගොම්මනේ අඳුර වැටෙනකොට ගෙපළ මත
කඩාගෙන පිච්ච මල් වට්ටියක් සුදට සුද
පුරෝගෙන හිනා කට , ගොඩ වෙද්දි ගෙට
සැවැන්දරා පුසුඹයි ඉස්සර වගෙම නුඹ ළඟ

හැට පැන්නත් ඉළන්දාරි තාම මගෙ හිත
ගැස්සෙනව නුඹ ළඟදි අදත් නිතරම
හතර පෝයටම සිල් ගන්න නුඹෙ අතිනුත් ඉඳ
හිට
ඒකමයි ගිලිහෙන්නෙ නොදැනිම නවගුණ වැල

පින් පුරා නැග එද්දි පුර පෝය හඳ
අල්ලගෙන රැළි වැටුණ නුඹේ සුදු අත
කලා සොළසම පිරුණු මේ සදේ සෙවනැල්ල යට
තුරුල් වෙන්න ආසයි ඔය ළයට ආයෙම

හිස තියා ඔය ළයට පෙර පුරුදු ලෙස
විඳිනකොට මේ දිවියෙ නිරාමිස සුව
සිල් සුවඳ මුහු වෙච්ච නුඹේ පුසුඹට
ආදරෙයි මැණිකෙ මම එදා වාගෙම

ජීවිතේ මහ දුරක් එක්ව එක ලෙස
මා එක්ව ආව පින නුඹට එය ඇත
ජීවිතේ ගිම් නිව්ව නුඹෙ සෙනෙහෙ ළඟ
මේ දැන්ම මියැදුනත් එයයි මගෙ සැප

26 comments:

  1. ඔන්න අපේ මහත්තයා ආයිත් දඟ නොකර ඉන්න
    ගින්න වගේ ආලෙ බැදෙන මොකටදැ මේ තවත් බින්න
    යන්න බෑනෙ කලුවර රෑ වාහනයක් හොයා ගන්න
    දැන්ම නොමැරි එළිවෙනතුරු හුස්ම ටිකක් තියා ගන්න.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හී ඒකනම් මරු දුමී මට හිනා

      Delete
    2. සතුටුයි සතුටුයි. ඉන්න කාලේ හිනාවෙලා සතුටින් ඉන්න එපැයි.....:)

      Delete
  2. වයස හුදු ඉලක්කමක් පමණයි...
    හරිම ලස්සන නිර්මාණයක්.
    ජයවේවා..!!

    ReplyDelete
  3. අපේ තාත්තට දැන් 86ක්..අම්මට 80ක්..දෙන්නා තාමත් එක කාමරේ එක ඇඳේ නිදාගන්නේ..විනාඩියක්වත් නොපෙනී හිටියොත් හොයනවා කෝ මේ කොහේ ගියාද කියලා...අන්න ලව්...හැබැයි වෙලාවකට මරා ගන්නවා පොඩි දේවල් වලට....ඒ කිව්වේ බුලත් විට කාලා මල් පඳුරක් ලඟ කෙලගැහුවා වගේ දේවල් වලට..හැබැයි පන්සල් පල්ලි පැත්තෙවත් යන්නේ නෑ..
    අනේ මන්දා අපිටත් ඕවා බෝවෙයි කියලමයි හිතෙන්නේ...!
    සොඳුරුයි මේ සිතිවිල්ල.....!

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන් අහන්නත් සතුටුයි චෙෆාකි... මමත් ආස අන්න ඒ වගේ ඉන්න වයසට ගියාමත්

      Delete
  4. ප්‍රේමයට කොයින්ද වයසක්...හරිම ලස්සනයි සඳා

    ReplyDelete
  5. නාකිවෙලත් මේ මිනිහාගේ මනමාලකම් කියලා කියයිද මන්දා....

    ReplyDelete
    Replies
    1. ඔව් නේ එහෙම කියන අයත් ඉන්නවා...

      Delete
  6. "හිරු සඳු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ"
    Very nice lines Shani

    ReplyDelete
  7. සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
    සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු
    සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
    සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු

    ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වුයේ
    කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමු වුයේ

    මින් පසු මං පෙත මලින් සදන්නෙමි ලතැවුල් සෝ ගී නෑ සැනසි
    එපමණක් නොව මේ සංසාරේ හෙට දින වුව මතු සංසාරේ

    මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එළබෙන දා
    කුළුදුල් නැකතින් හමුවන පැතුමක් පතනෙමු සසරෙන් නික්මෙන දා

    සංසිදුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුළුදුල් පෙමය සිතා
    එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

    Singer :- Vijaya Kumarathunga & Chandraleka Perera
    Lyrics :- Somapala Leelananda
    Music :- Sarath Dasanayake

    ReplyDelete
    Replies
    1. ////ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වුයේ
      කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමු වුයේ///////

      ///ගොම්මනේ අඳුර වැටෙනකොට ගෙපළ මත
      කඩාගෙන පිච්ච මල් වට්ටියක් සුදට සුද
      පුරෝගෙන හිනා කට , ගොඩ වෙද්දි ගෙට
      සැවැන්දරා පුසුඹයි ඉස්සර වගෙම නුඹ ළඟ////////

      Delete
    2. ම්ම්ම් ඒකත් මරු සින්දුව මම ආසයි...
      ස්තූතී අරූ මතක් කලාට මේක දැන් අහලා බලන්න ඕනේ

      Delete
  8. මේ තරුණ විය මෙහෙම නම් ඒ මහලු විය මට කොහොම හැසිරෙයිද මන්දා.............

    ReplyDelete
    Replies
    1. ගත මහලු උනාට හිත මහලු නොවුනොත් හොදා

      Delete
  9. Naki wise
    Getat use
    😂😂😂😂

    Niyamae 👍👍👍

    ReplyDelete
  10. මම ඔයාට එදාම කමෙන්ට් කලා... බලන් යද්දි දැනුයි දන්නෙ ඒක පබ්ලිෂ් වෙලා නැහැ කියලා... තරහා වුනා කිව්ව නිසා බැලුවෙ...
    ආදරය ඇතිවීමට වයසක් අදාලම නැතිය.. ආදරය වයස සමග පැවතීම වටිනේය...මේ කියා ඇති ආදරය ඒ දෙවෙනි පන්නයේ එකක්‍ ය...

    සඳවතියගේ ප්‍රේම ලෝකයේ තවත් පැතිකඩක්

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම බැලුවේ හැමදාම මම ලියන ඒවයෙ ගුණ දොස් දක්වන කෙනා මොකද පරක්කු කියලා.මම ඉතින් හිතින් බැන බැන හිටියා මේ පැත්තේ නාවට දැන්නම් ඉතින් යාලුයිළු.. හි හී

      Delete
  11. පොඩ්ඩක් බීච් එකට ගිහිල්ලා වාඩිවෙලා හිටියොත් පෙනේවී බොහෝ අතිශය මහළු මුත් දෑගිලි පටලගෙන යන වෙරලේ යන විදෙශිකයන්.මන් අපේ රටේ අයනම් දැකලම නැති තරම් එහෙම. සමහරවිට පිටට නොපෙන්නුවට ඒ ආදරය ඔහුන්ගේ හිත් වල ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් රස්ති මමත් අනන්තවත් දැකලා තියෙනවා ඔහොම දර්ශන අපේ අයගෙනම් දකින්නම නැති තරම්.මටනම් ඔය හිතේ තියන් ඉන්න ආදරෙන් වැඩක් නෑ අප්පා මොකද වෙන්නෙ පොඩ්ඩක් ඕක පෙන්නුවම

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...