සඳට බැළුම් හෙලූ අය

Mar 5, 2017

නෙත රැඳි සොඳුරු දසුන් !


ඔය පහුගිය දොහක විසිරි දාල තිබුනනේ මඟ තොටේදී දැකපු අපූරු ජායාරූප පෙළක්.ඒක දැක්කම මටත් හිතුනා මමත් ආසාවෙන් එකතු කරන පින්තූර ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න.හැබැයි ඉතින් මෙතන තියෙන හැම එකක්ම මගේ තෙවෙනි ඇහින්ම ගත්තුවා නෙවෙයි මගේ සත්තලන් ගත්තුවත් තියෙනවා.හා.. ඉතින් එයා මොකෝ මං මොකෝ නේද ..?ඔයාලා මේවා ලස්සනයි කිව්වොත් මම එයාටත් ඒ ක්‍රෙඩිට් එකෙන් භාගයක්ම දෙන්නම්කෝ.


මේ මුල්  පින්තූර  හතරම ගත්තේ Seethawaka Wet Zone  එකේදී, පුදනකොටම කාපි යකා කියලා ඔය මලයි බඹරගෙයි පින්තූර දෙකම ගත්තෙ මම නෙවෙයි කියන්නකෝ ඉතින්.ඔය කලු තඩි බඹරු දැක්කම මම පින්තූර ගන්නවා තියා පැත්ත පලාතේ හිටියේ නෑ.


                                        




 මේ කවුරුත් දන්න කියන දඹුල්ල පන්සල
                                      



හක්ගල මල්වත්තේ මල්, මල් අස්සේ හිටපු බව්වත් හරි ලස්සනයි

                                      





 යාපනේදී දුටු කපුටු ආදරය
 නාගදීප අහසේ සැරි සැරූ රාජාලියා
 නාගදීප විහාරයේ නයිපෙන හත
 නාගදීප කෝවිල
 ත්‍රස්තයන් විසින්  බිම හෙලූ කිලිනොච්චියේ වතුර ටැංකිය
                                      






නකල්ස් වල  Katool Oya Farm Resort  අවට ,මේවා මේ  පොල් ගස් වගේ  පේන්න ගත්තට එහෙම නෑ අනේ හරිම සූටී
                                       





 නුවර දළඳා මාළිගාව

                                                  



 නුවර එළිය හෝර්ටන් තැන්නේදී , ඔය දිය ඇල්ල Baker's Falls




 





      රුවන්වැලි සෑය
      ශ්‍රී මහා බොධිය
      තිසා වැව
                                     


                                        
                                        




  මේ පලවෙනි පින්තූරේ තියෙන්නෙ  නුවර  බහිරව කන්දෙ ඉදන් ගත්ත පින්තූරයක්
   දෙවෙනි එක නුවර එළියෙ පිදුරුතලාගල කන්ද මුදුනෙ ඉදන් ගත්ත පින්තූරයක්

                                        
                                        


 මේ සොඳුරු රූ යාල වන උයනෙන්
                                     





 මේ ඉන්නෙ හුණුපිටිය ගංඟාරාමයේ තාරවෙක්
                                      

      
                                        

 මාතලේ අළු විහාරයේ ඉදන් මේ පිලිමෙ ගාවට  කිලෝමීටරයක් හරි දෙකක් හරි කන්ද නගින්න ඕනේ.එතකොට  විහාරේ ඉන්න ඔය මොනරගෙ ඔහොම  පින්තූරයක් ගන්න අපිට  එයාගේ සෑහෙන්න ආඩම්බර බලන්න උනා.



 ඔය මෙතන ඉදන් පල්ලෙහාට තියෙන ඒවනම් මම නෙවෙයි ගත්තේ කියලා මම වගකීමෙන් ප්‍රකාශ    කරනවා.ඒවා මේ අපේ ගෙදරම ඉදන් සත්තලන් ගත්තු ඒවා.                          
                                        







 හ්ම්ම්ම් ඉතින් ඔය දැනට මදෑ නේද ? ඉඩ තියෙන වෙලාවක ආයෙත් දාන්නම්කෝ  ටිකක්. මේ කිසිම පින්තූරයක් එඩිට් කොරලා එහෙම නෑ ඕං හොදේ.

25 comments:

  1. සත්තලං ගතපු ඔයාගෙ රෙදි වැලේ ක්ලිප්ස් දෙකට තමා හොඳම පින්තූරේට හිමි සම්මානේ ලැබෙන්නේ හිටං...!
    මක්කා කොරන්නෙයි ඉතිං ඇත්ත කියන්නම එපැයි..!

    ReplyDelete
    Replies
    1. මගෙත් හිත ගියේ ඒකටම තමා

      Delete
    2. හෑ...ක් ... මේක මේ පිරිමි පිරිමින්ට ක්‍රෙඩිට් දීමේ කුමන්ත්‍රණයක්ද කොහෙද අප්පා.. හි හී

      Delete
  2. බහිරව කන්දෙ ඉඳන් පේන ඔය දර්ශනය මම පැය ගණන් බලන් ඉඳලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මමත් හරිම ආස තැනක් වරු ගාණක් ඉන්න හිතුනත් බයයි හුළඟට ගහගෙන යාවි කියලා

      Delete
  3. හරි ලස්සනයි සඳූ...නෑ නෑ ඔයා නෙමෙයි ඔයාගේ මේ පින්තූර ටික.

    ජයවේවා!!!

    ReplyDelete
  4. රට වටේම ගිය හැඩයි...ඇත්තටම අපූරු පින්තූර ටික සඳූ....හිත නාක් කොරගන්නෙ එහෙම නෑ ඕං...අර ක්ලිප්ස් දෙක තමා මරුම

    ReplyDelete
    Replies
    1. අනේ හිත නාක් කර ගන්නෙ මක්කටෙයි එයා මොකෝ මම මොකෝ ඉතින් කොහොමත් සත්තලන්ට මට වඩා අපූරු කැමරා ඇහැක් තියෙනවා මමනම් ඉතින් දකින දේ ඔහේ ගන්නවා එයා එහෙම නෙවෙයි මට නොපෙනෙන දෙවල් තමා එයාට පේන්නේ

      Delete
  5. රුවන්වැලි සෑයේ පොටෝ එකත් ක්ලිප් දෙකේ පොටෝ එකත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ඔව් මමත් හරිම ආසයි රුවන්වැලි සෑයේ පින්තූරෙට

      Delete
  6. සුපිරියි
    ජය වේවා ...!!!!

    ReplyDelete
  7. යකඩෝ..
    අපිත් යන එන තැන් උනත් මෙහෙම ලස්සන පිංතූර ටිකක් ගහ ගන්ට පුළුවන් කියලා තේරුණේ මේ ටික දැක්කම..
    ලස්සනයි..

    ජය..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මමනම් ගිය තැන පින්තූර තමා සෙල්ෆි නෙවෙයි පරිසරය, ස්තූතී මෙහෙ ආවට

      Delete
  8. ගොඩක්ම ලස්සන පින්තූර කිහිපයක් තියෙනව....
    ආ... මේ.... සත්තලන්ගේ අළුත් කතා හෙම නැද්ද....

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා වැඩේ කියන්නේ සමහර ඒවා මට ප්‍රසිද්ධියේ ලියන්න මොකක්ද වගේ.

      Delete
  9. අර බල්ලට කන්න දීලද නිදි කෙරෙව්වේ.......

    ReplyDelete
    Replies
    1. ඒකනම් දන්නෙ නෑ උන්දා වගේ වගක් නැතුව නිදිය ගෙන හිටියේ මල් අස්සේ

      Delete
  10. දඹුල්ල, අනුරාධපුරය, බහිරව කන්ද එහෙම මගේ ජීවිතයටත් ඉතාම සමීප නිසා ඉතා සතුටින් නැරඹූයෙමි. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ඔබෙ සතුට මගෙත් සතුටයි එහෙනම් ඕන්

      Delete
  11. පින්තුර ඔක්කෝම ලස්සනයි සඳු

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...