සඳට බැළුම් හෙලූ අය
සඳවතී මං

- සොඳුරු සඳවතී
- රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...
Apr 10, 2017
සොබාදම් අවුරුද්ද !
මල්වර වෙච්ච කෙවිළිගෙ මනහර සද්දේ
තුන්තිස් පැයේ රැව් දෙනවා ගම් මැද්දේ
එරබුඳු ඉද්ද පිපිලා සුවඳට බැද්දේ
ඵලබර වෙච්ච අතු ඉති සුළඟට පැද්දේ
ගැබ්බර වෙච්ච ඟං කොමළිගෙ මිහිරාව
කෙකටිය පිපිල සුදු පාටින් වරුණාව
සඳ දිය වැටිල බෝ මළුවට කරුණාව
සංකර නොවුන ගම මැද්දක සිරියාව
පෙම්බර වෙච්ච වසන්ත සැනකෙළි සද්දේ
මාදං හිඹුටු ඉදිලා බඬවැටි මැද්දේ
බක්මහ කුමරි හිනැහෙන අසිරිය බැද්දේ
බලමින් ඉදුණු පුහුලන් කෝලෙන් පැද්දේ
කිරිබර වෙච්ච ගොයමේ හරි පිරියාව
පින්නේ පිණි වැදී දිළිසෙන සිරියාව
කන්දට උඩින් පායන රැස් දහරාව
මේ හැම සොබාදම් අම්මගෙ කරුණාව
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු ජයයි වගේ ..
ReplyDeleteජය වේවා ...!!!
එහෙම විශේශ ජයක් නෑ අප්පා මේක මේ නිකමට ලිව්ව එකක්
Deleteඕවිටේ නොපිපි
ReplyDeleteරූප පෙට්ට්යේ පරවෙන
රතට රතේ
එරබදු මල් වැට දිගට
කපුටන්ගේ කූඩුවෙ
කොවුලන්ගේ බිජු
කාක් කාක් උඹ
කොහෝ කොහෝ මම
එෆ් එම් කෝකිල නාදේ
පුහුලන් නෙක පාටින්
කෑමෙන් බැරැන්ඩි උගුර
කජු කිරි විස උන
වන උන ඇඟිලි
පලාපු කජු මද පදමින්
යූ බටේ රෙසිපියෙන්
හත්මාලුව රසට උයන්
නෑගං යමු ඇඟිලි වහන්
මම ඉතින් හිතින් හිතලා මෙහෙම ලිව්වට තාම ඇත්තට පිපුණු එරබුදු මලක් දැකලා නෑ නොවැ.ඇත්තටම දැන් අවුරුදු කියන්නේ රූප පෙට්ටියෙන් අපිට පෙන්නන දේනේ.
Deleteසංකර නොවූ ගම්මැද්ද දැන් තියන්නේ මෙහෙම නිර්මාණවල තමයි .
ReplyDeleteඅපොයි ඔව් මෙහෙම ගම් තිබුනේ අපේ අම්මලගේ තාත්තලගෙ කාලේ
Deleteඑදා ගමක අවුරුදු සිරි රැඳුණු අගේ
ReplyDeleteසදා මතකයේ පමණක් තිබෙයි වගේ
යොදා අලංකාරය කවි රහයි තිගේ
මෙදා සඳුට අවුරුදු සිරි ජයයි වගේ....
ලස්සන කවි ටිකක්, සඳූ...
ජයවේවා!!!
කවියනම් අපූරුයි දුමී හැමදාමත් වගේ.
DeleteThis comment has been removed by the author.
Deleteලස්සනයි සහෝදරිය
ReplyDeleteබොහොම ස්තූතී ඔයාට
Deleteඅවුරුද්ද ජයට සමරනව වගේ සොඳුරු සඳවතී .... ජය වේවා....!!
ReplyDeleteවිශේෂ ජයක් නෑ අරූ...
DeleteOnna ithin lankawata enna hithuna meka kiyawala. Lassanayi.
ReplyDeleteලංකාවෙත් දැන් මෙහෙම පරිසරයක් හීනයක් විතරයි අක්කෝ... මේ එහෙම දැකි හීනයක්
Deleteඅවුරුදු ලීලාව
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්
Delete