සඳට බැළුම් හෙලූ අය

Aug 30, 2017

ඔව් ඒක හරි සුවඳ පපුවක් !





හිස් අවකාශය පුරා
විහිඳුන නම නොදත්
සරාගී
පිරිමි විළවුන් සුවඳක් !

ඇත්තමයි ඒ නුවන්
ළය පුරා හී විදින
සරයක් !

පය'ගිලෙන් ඇරඹි
හිස් මුදුනින් ගිලිහුන
මොකදෝ නොතේරෙන
හැඟුමක් !

සුදුම සුදු කමිසයෙන්
විනිවිදින
පෙමාතුර පපුවක් !

ලේ නහර වල පවා
උඩුදුවන
හරි මිහිරි
පැතුමක් !

ඇත්තමයි ඒ පපුව
අයිතිකර ගන්නටම
හිතෙන
හරි සුවඳ පපුවක් !


27 comments:

  1. සත්තලන්ගේ වෙන්න ඇති....:)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ පපුව සින්නක්කරේටම ලියාගෙන අවුරුදුම හයක් අනේ..මේක මේ පින්තූරෙ දැකලා ලියපු එකක්

      Delete
  2. මටත් හිතෙන්නෙ සත්තලන්ගෙ එක ගැන තමයි ඔය කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. නෑ අනේ ඔය පින්තූරෙ නිදන් ඉන්න එකාට

      Delete
    2. ඔව් හලේ සත්තලන්ට කියනවා එහෙම නෙවෙයි ඕං

      Delete
  3. ගලන්නැති හිත ඇතුලේ
    මහා පෙු්ම ගංගාවක්
    එබෙන්නට හිතන්නැති
    කදුලු කැට දෙක තුනක්

    ReplyDelete
    Replies
    1. ස්තූතී සුන්දර පද වලටත් මේ පැත්තේ ආවටත්

      Delete
  4. ගලන්නැති හිත ඇතුලේ
    මහා පෙු්ම ගංගාවක්
    එබෙන්නට හිතන්නැති
    කදුලු කැට දෙක තුනක්

    ReplyDelete
  5. අලේ මල් දල්ලෙ ලෑ.

    ReplyDelete
    Replies
    1. අලේ ඉතින් මමත් දල්ලෙ නෑ අප්පා

      Delete
  6. සෙන්ට් බීලද මංදා ඒ යකා..

    ඊස් ඇට් ඉරිසියාවේ පැලෙමින්.. ඇයි යකෝ අපිට කවුරුවත් ඔහොම කියන්නේ නෑනේ.. :)))

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා සුකොමළ ගැහැනු සිත් හිරිවට්ටන්න පුලුවන් පිරිමි විළවුන් සුවඳවල් කොච්චර ඇද්ද . එයින් එකක් අරන් උලා ගනින්කෝ. හැබැයි ඉතින් හාමිනාගෙන් ගුටි කන්නත් බලාගෙන හි හී

      Delete
  7. මට නම් හිතෙන්නේ ඕක සත්තලන්ට ලියපු එකක් නෙවෙයි , ඔයා ෆොටෝ එකට ලියපු එකක් ;-)

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද ඔයා හරියටම කිව්වා මගේ කමෙන්ට් නොබලා

      Delete
  8. Replies
    1. නෑ අනී ඔය පින්තූරෙ ඉන්න එකාට

      Delete
  9. කාලෙකින් ආවේ බ්ලොග් කියවන්න... ඔය තියෙන්නෙ ලියලා නියමෙට... සුපුරුදු ශෘංගාරය එක්කම..

    ReplyDelete
    Replies
    1. කාලෙකින් හරි ආව එක වටිනවා...

      Delete
  10. හිතගත් කෙනාගේ පපුවේන් විහිදෙන සුවඳේ මිහිර බව දැනෙන හදවත් අැති මේ ලෝකයේ, පපු තුල දැල්වෙන රාගින්නය නොදැනෙන හදවතුන්ද ඇති එකයි පූර්වේ කරුමය​.

    ReplyDelete
    Replies
    1. මගේ සිතේ තෙරපෙන දේ නොතේරෙන මගේ එක්කෙනා ගැනයි කිව්වේ.

      Delete
  11. පිරිමියෙක් ආසයි පපුවට තුරුල් කරගන්න ගැහැණියක් ආසයි පපුවට තුරුල් වෙන්න. ඒකෙත් හැටි....

    ReplyDelete
  12. සුවඳ පපුවක් .... ම්ම්ම් ...

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...