සඳට බැළුම් හෙලූ අය
Sep 13, 2017
මේ හොදම රැය !
අසෙනි වැහි ඇද වැටෙන මේ සීත රෑ යාම
කොයි තරම් සොඳුරුයිද ඔබ ළඟින් උන්නාම
උස බීර බඳුන මත රළු දෙතොල් තෙරපාන
අඩක් වැසු නෙතු පියන් බිඳින්නෙම මගෙ දැහැන
රූර රූරා වැටෙන වැහි බිඳිති නගන හඬ
කියන්නෙම පිරිමදින්නයි අනුරාවෙ ස්වර
නොලා ඇහි පියල්ලක් ඉතින් තව පමා කිම
තබා දිගු ඇඟිලි වීණාව බඳ
සුසර කරවන්න මේ හොදම රැය !
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
උයා රස මසවුලක් සෙනෙහසින් දල්වලා පහන් පැල බැතියෙන් අඳුර මැදින් ඔය රුව දැක ගන්නට දොරකොඩටම වී මග රැක ඉන්නට වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන විඩා ...
ලස්සනයි සඳූ අක්කේ
ReplyDeleteස්තූතී කටකාරියේ
Deleteකොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු
ReplyDeleteකොයිල් වෙනවා අප්පා...
මේ වැස්ස අස්සේ පිච්චු නම් කියවන්න එපා
හෑ..... ඔය සීතල රෑක බීර එකක් බීලා වීණාවක් , ගිටාරයක්, සිතාරයක් play කොරන එකට කොටු දාන්න එපා මෙයා...
Deleteමහ රෑක මොකක්?
Deleteහත්වලාමේ මහා රෑ සිතාර්, ගිටාර් ගහනවා කිව්වා??? කොටු නෙවෙයි පොලිසියෙන් තමයි එන්නේ එහෙනම් :-D
වහින නිසා අවුලක් නෑ අසල්වැසියන්ට ඇහෙන්නෙ නෑ
Delete//අසෙනි වැහි ඇද වැටෙන මේ සීත රෑ යාම
ReplyDeleteකොයි තරම් සොඳුරුයිද ඔබ ළඟින් උන්නාම//
තනිකඩ අපේ සිනිදු සියුමැලි හිත් පාරන්ඩ එපා අප්පා...... අපිටත් වහිනව අපි පව්
වහින වෙලාවට සමාගමට වඩා තනිකමත් හරි සොඳුරුයි මිහිරියි වෙලාවකට
Delete//තබා දිගු ඇඟිලි වීණාව බඳ
Deleteසුසර කරවන්න මේ හොදම රැය !//
තනියම හිටියොත් තනියම තමයි වීනාව සුසර කොරගන්ඩ වෙන්නෙ.....හිහිහිහිහිහි
තඩියො උඹනම්
Deleteමට යටි පෙල අරුතමයි කියවෙන්නේ මේ වගේ කවි වල දැන්.. සෙහ්.. මේ රවියා කරපු වැඩක්.. :)))(
ReplyDeleteකැත හිත කියන්නෙ ඕකට තමා
Deleteනෙත් දිගටි අඩවන්ව මා හිතට බලපාන
ReplyDeleteඇත් තමයි ඔය සුසුම් පෙම් ස්වරය පතුරාන
හිත් තුළට පෙම දමා දුක නිතර වලදාන
සත් තමයි මේ රැයම ආදරේ උතුරාන.....
ජයවේවා!!!
මේක කියවලා මාත් සුසර වුණා කියහන්කො...මරු හොදේ....ළගකදි ලියපු ඒවයින් හොදම එකක් කිව්වත් වරදක් නෑ
ReplyDeleteඔය පින්තූරෙට දාන්න වෙන එකක් තිබුනෙම නැද්ද. කෙල්ලට මන්ද පෝෂණයද
Deleteස්තූතී රස්ති මේ ඇගයීමට....කෝම හරි ඉතින් සුසර උනානම් ඒ මැදැ..මේකට මාර විදියට මම පින්තූර හෙව්වා ඒත් හිතට ඕන පින්තූරෙ ලැබුනේ නෑ පස්සෙ එපා වෙලා මේක දාලා දැම්මා.
Deleteඅප්පේ... මං ආසයි හොඳේ ඒ කවියට..
ReplyDeleteස්තූතී අරූ
Deleteපින්තූරයට හොඳ කවිය
ReplyDeleteඑහෙමද... ඒත් මමනම් සෑහීමකට පත් උනෙ නෑ
Deleteමනස අවුස්සා පසුතැවිලි වනවාට වඩා සැපයි සීතල වැස්සේ පහස විඳගෙන පොරෝගෙන නිදා ගන්න එක.
ReplyDeleteහි හී වැස්සක් එහෙමත් විඳින්න පුලුවන් ඉතින්
Deleteහී..හී.. මං කිව්වේ බැරි තැන ඒ පහසවත් විඳගමු කියන එකයි
Deleteම්ම්ම් .....
ReplyDeleteම්ම්ම් .....
ReplyDeleteසඳවතිය ගොඩක් කාලෙකින්
Deleteහරි වනචරයි නේ අප්පා
ReplyDeleteඅප්පා.. එහෙමද ..කමක් නෑ ඔන්න ඔහෙ
Delete