සඳට බැළුම් හෙලූ අය
Nov 8, 2017
ඔබ මගේ ප්‍රාණයයි !
ඔබ මහා අනුහස් ඇති ශ්‍රී මහ බෝධිය වෙන්න
මම මළුවේ දැල්වෙන පුංචි පහනක් වෙන්නම්...
ඔබ බැතිබර හැගුම් දනවන රුවන්වැලි මහා සෑය වෙන්න
මම උවැසිය වී අනිමිසලෝචනය කරන්නම්...
ඔබ පිංසාර නුවර වැව වෙන්න
මම කුමුදු මලක් වී ඔබ පාමුල පිපෙන්නම්...
ඔබ සීතල සුදු මීදුමක් වෙන්න
මම මහරත් මල් පිපෙන හන්තාන කදු මුදුන වී දෝවනය වෙන්නම්...
ඔබ දුර ඈත ක්ෂිතිජය වෙන්න හැමදාම
මම මෑත ඉදන් බලන් ඉන්නම් ජීවිතේ පුරාම...
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
උයා රස මසවුලක් සෙනෙහසින් දල්වලා පහන් පැල බැතියෙන් අඳුර මැදින් ඔය රුව දැක ගන්නට දොරකොඩටම වී මග රැක ඉන්නට වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන විඩා ...
එ් තරම් ආදරයක්
ReplyDeleteනැතුව... බුදු අම්මේ
Deleteඅනුහස් කිව්වම මට හිතුනෙ දෙවෙනි ඉනිම කියලා
ReplyDeleteමේවා මම ඉස්සර ලියද්දි ඔය අනුහස්ල කරළියට ඇවිල්ලත් නෑ අනේ.. අවුරුදුම හතකට කලින් එකක්
Deleteඔබ මේ වගේ හැමදාම බ්ලොග් පෝස්ට් ලියන්න.. මම හෙමිහිට ඇවිත් කොමෙන්ට් එකක් දාල යන්නම්..
ReplyDeleteහාය... ඒකත් ලොකු දෙයක්ය... ස්තූතිය
Deleteහැමදාම වගේ ලස්සන පොස්ට් එකක් .
ReplyDelete* * *
ආ .... " සීතල සුදු මීදුමක් " "හන්තාන කදු මුදුන" මේ කොටස කියෙව්වම මට මතක් උනේ මගේ පරණ පොස්ට් එකක් .
ස්තූතී පෝස්ට් එක ලින්ක් කලානම් මටත් කියවලා බලන්න තිබුනානේ
Deletehttp://magelokaya01.blogspot.com/2017/11/blog-post.html
Delete++++++++
ReplyDeleteතඩියාගේ තඩි වැටට ස්තුතිය
Deleteනුවර වැව කොහොමෙයි පිංසාර වෙන්නේ ඇහැලෙපොල කුමාරිහාමිව ගිල්ලානේ...අවුරුදු හතකට කලියෙන් පහලවෙච්ච හිතිවිල්ලක් උනත් ඇත්ත කියන්න එපැයි...ශ්‍රී මහබෝධිය, රුවන්වැලි සෑය, මීදුම් ක්ෂිතිජ වගේද අප්පා නුවර වැව වෙන්න කිව්වාම...ඇති බැන්දා....:)
ReplyDeleteනුවරට මුකුත් කියන්න එපාය.ඒ මගේ සිහින නගරය.ඔය නුවර වැව කිව්වේ බෝගම්බර වැවට නොවේය. අනුරාධපුරයේ නුවර වැවටය. හි හී කෝමද මගෙ ටිකිරි මොලේ.
Deleteඑහෙනං හුටාය....!
Delete:) :)
බැඳීම් අතහරින්න කියලා නොකියා කියන දේවල් දිහා බලාගෙන බැඳීම් වැඩි කරගැනීමට ඇති හැකියාව ගැන සුභ පතමි. හරියට බෙහෙත් බීල ලෙඩ වැඩිකර ගැනීමේ විශේශ හැකියාවක් වගේ.
ReplyDeleteබඳිම් වලින් මිදෙන්න ඕන කියලා හිතුන දවසක මේ දෙවල්ම උපමාවට අරන් ලියනවා මිදෙන හැටි,බැඳිම් කියන්නෙ ලෙඩක්නම් ඉතින් ආදරේ තමා බෙහෙත දැනටනම් මට , හි හී
Deleteටිකක් සැර වැඩි වගේ නේද? මහ තඩි පතාක මුරුන්ගා ගහක් යට ඉදන් ලියලා වගේ නැත්ද?
ReplyDeleteඒ කිව්වෙ.. තේරුනේ නෑනේ...
Deletejust joking.. cheer up... නුවර වැවයි, නෙලුම් මලයි කියුවම ගැප් එක ටිකක් වැඩි වගෙයි පේනවා. කිව්දිය ගහ මුල නමි.. හබියා මුරුන්ගා ගහ උඩද?
ReplyDeleteඅපෝ මුරුන්ගා අතු හයිය නෑ කියනවනේ.. මම එයාව තියන්නේ හොද හයිය හත්තිය තියෙන අත්තක. හි හී
Deleteඔබට හැකිනම් ඇණයක් වෙන්න
ReplyDeleteමට හැකිය මිටියක් වෙන්න
එවිට ඇහැකිය මට හැමදාමත් තලන්න(මෙව්ව ඉතින් කුණුහබ්බ කියනවා එහෙම නෙවෙයි ආදරෙට කරන තරවටුවක් ගැන කියන්නෙ)
ආ... නේ හරී...ඊ ලා...ස්සන තරවටුව
Delete