සඳට බැළුම් හෙලූ අය

Dec 21, 2017

ඇත්තමයි ආදරේ කියන්නෙ පපුව හූරන එකට !



යූ ටියුබ් එකේ එහෙට මෙහෙට පා වෙවී අහන්න පුලුවන් බලන්න පුලුවන් විඳින්න පුලුවන් සිංදුවක් හොයනකොට අහම්බෙන් මේ දැන් හම්බුන ගීතයක් ගැනයි අද මේ කතාව.ඇත්තමයි කාලෙකට පස්සෙ පපුව පිරෙන්න ගීතයක් ඇහුවා හිතම පිරෙන මියුසික් වීඩියෝවක් බැලුවා.  ගීතයේ පද රචනාවටත් වැඩිය  මියුසික් වීඩියෝ එක  හිත හොල්ලනවා කියන්නෙ ඒක අමුතුම හැඟීමක්.මේ පද වලින් කියන කතාවට වැඩිය මේ රූප වලින් මට මැවුනෙ වෙනමම කතාවක්.ඒ වර්මීර්ගෙ (Johannes Vermeer )  girl with the pearl earring සිතුවම ඇසුරින් ලියපු නවකතාවෙ වර්මීර් ග්‍රීට් ගෙ සිතුවම අඳින අවස්ථාව.එදත් උනේ මේ පෙන්නන දේම වෙන්න ඇති කියල මට හිතෙනව දැනෙනව.ආදරය ..ආශාව.. බලාපොරොත්තුව.. ඉවසීම... දරාගැනීම... පපුව හිරිවට්ටන එක මේ රූපරාමු වල කොතැනකවත් අඩුවක් නෑ...හිත කොනිත්තනවනම් පපුවව හිරිවට්ටනවනම් බලාපොරොත්තුව ජිවිතේ ජීවත් කරවනවනම් ආදරයක් ඈතින් තියෙන තරමට කොයි තරම් ලස්සනද...



                   ඇත්තමයි ආදරේ කියන්නෙ පපුව හූරන එකට....ඒ මැද්දෙන්  හිනා වෙන එකට  !                                                                                                                                                       



නිස්සාර සංසාර හීනේ අතීතේ..                                                                                                                                                                        ඔබ ඉන්නවා දැනෙනවා..
කවදාක හමුවෙන්න..
දැකගන්න වේදෝ..
තුන්යාමෙ මං අහනවා..

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා..
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..

උනුසුම් හාදුවන් ඇගේ..
සෙනෙහස තාම අපෙ හිතේ..
දකිනා වාරයක පවා..
මගෙ මුළු හිතම ගිණි ගනී....

මන්දාරම් පවන් රොඳේ
හිත ගැහෙනා.. මේ.. හීතලේ
සැඟවෙන් ඔබගෙ පපුතුරේ...


                                        

16 comments:

  1. මගෙත් මේ දවස්වල ප්‍රියතම වැඩේ යූ ටියුබ් එකෙන් අලුත් අලුත් සිංදු ඩවුන්ලෝඩ් කරගෙන බලන එක.. මේකත් ඩෝන් ගාල ඩවුන් ලෝඩ් කරගත්ත.. :D ඇත්තටම දැන් අලුත් පරම්පරාවේ හොඳ ගායක ගායිකාවෝ සෙට් එකක් වගේම හොඳ මියුසික් වීඩියෝ කරන සෙට් එකකුත් ඉන්නවා.. ලයිව් ෂෝ එකක උනත් අලුත් කොල්ලොන්ගේ ප්රෙසන්ටෙෂන් නියමයි.. මේ දවස්වල මගේ ප්‍රියතම ගායකයෝ තමයි සනුක වික්‍රමසිංහ, නදිමාල් පෙරේරා, සජිත් අනුත්තර.. මං ඉතීම් ඉඳල හිටලා උන්ගේ සින්දු කෑල්ලක් ෆේස්බුක් එහෙම දාපුවාම අපේ වයසේ ඈයෝ ඒකට කයි කතන්දර
    කියන එක තමයි අවුල.. ;)

    ReplyDelete
    Replies
    1. ඔය කතන්දර ගනන් ගන්න එපා ඉතින් ..මොකද සින්දු අහන්න ඒ ඒ වයසට කොටු ගහල ඉරි ගහල වෙන් කර ගන්න ඕනෙද ..

      Delete
    2. අන්කල් කමි..ඔයාගේ වයසට ඔය සින්දු ගැලපෙන්නේ නෑ අනේ....

      Delete
  2. Replies
    1. මමත් ඊයෙම තමා ඇහුවේ අහල ඉවර උන ගමන්ම මේ පෝස්ට් එක ලිව්වෙ.ඒත් දැන් හිතෙනවා කලබල නොවී හිමිහිට ලිව්වනම් මීට වැඩිය ලස්සනට ලියන්න තිබුනා කියල

      Delete
    2. ඔව්...ඔයාගෙන් මීට වඩා යමක් වෙන්න තිබ්බා මේකෙදි

      Delete
  3. මං අහල නෑ....අහන්න ඕන බලන්න

    ReplyDelete
    Replies
    1. අහන්න විතරක් නෙවෙයි අක්කි බලලා විඳින්නත් පුලුවන් සින්දුවක්

      Delete
  4. ඇත්තමයි, ඔයා කියපු විදිහට ගීතයේ වචනවලට වඩා රූප රාමු පෙළ හිතට දැනුණා. ගීතයෙන් කියවෙන කතාවේ දුක හිතෙන්නේ 'ඔබ නැතුව ඔය හිතම ඉඹින මං' ගැන. රූප රාමු පෙළින් කියවෙන කතාන්දරෙන් දුක හිතෙන්නේ සිත්තරා ගැන.

    Girl with a pearl earring පොත කියවලා නැහැ මම. ඒ චිත්‍රපටයනම් බැලුවා. සිත්තරාගේත්, ඒ ගෑනු ළමයාගේත් හැඟීම් ප්‍රකාශනය සහ ඉවසීම මේ වගේමයි.

    මමත් ඉතින් සිත්තරෙකුගේ නෝනෙක් වෙච්ච නිසා මේ ගීතය වැඩියෙන් දැනුණා. ස්තූතියි සොඳුරු සඳවතී, මේ ගීතය ගැන ආරංචියට. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුවිලි ගොඩක් කාලෙකින් ඔයාව දැක්කේ ...මම පොතයි ෆිල්ම් එකයි දෙකම බලලා තියෙනවා මට මෙතනදි මැවෙන්නෙම ඒ කතාව.

      Delete
  5. මේකෙ බලන්න බෑ.මන් පසුවට බලන්නම් සිංදුව

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...