සඳට බැළුම් හෙලූ අය

Jan 3, 2018

සිරකාරී !







ඉතින්
ඒ මා කෑගසා
හැඬිය යුතු මොහොතකි

අතට අසුවන සියල්ල
පොලවේ ගැසිය යුතු  තැනකි

ගලා යන හැම දු'කඳුළකින්ම
ඔබට දමා ගැසිය යුතු මොහොතකි

ඔබේ රුදු වදන් යලි යලිදු
සිහිපත් කර හුස්ම
හිර කර ගත යුතු තැනකි

අවසන
ඔය ළයෙහිම හිස හොවා
නිවී සැනසිය  යුතු ඇසිල්ලකි

ඉතින්
එකී සියල්ල අහිමි වූ තැන
මා උමතු විය යුතු
මේ ඉකිය සිරවී හුස්ම නැවතිය යුතු !

13 comments:

  1. සිතුමට පවා
    වෙර නොවෙතත්
    කිවිසුමක් කෙලවර
    මිලි තත්පර ගණනකට
    නැවතී හදවත
    යළිත් පණ ගැහෙන බැව්
    අසා ඇත්තෙමී.....
    විරහවක කෙළවර
    එලෙසින්ම නවතිවී
    "හදවත"
    නමුදු යළි පණ ගැසේ
    එසැනින්ම.....
    ඉතින් නොතැවෙන්න
    සඳවතී....

    ලස්සනයි ශානී

    ReplyDelete
  2. කදුළු වල ගැබුර තුල කිමිදී ......

    ReplyDelete
  3. ඔබේ අනුහස සරණ නොමැති දා
    කාටද මා අයදින්නේ..
    සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද
    හිරුගෙන් සිහිල පතන්නේ..

    මම දෙවිඳුනි දෙවොලට ආවේ...

    ReplyDelete
  4. ඔය පොඩි එකාට ඔන්න ඔය ටෝයි එක අරන් දෙන්න දරුවෝ..මොනා හරි ඉල්ලලා අඬන කොට නොදී ඉන්න එපා..පව්...!
    අරන් දුන්න ගමන් ඔය කෑමොරගහන එක නවතීවි..බලන්න බොරුද කියලා...!

    ReplyDelete
  5. මොනවා කියන්නද මන්දා

    ReplyDelete
  6. උමතුවක්ම වේය මේ සෙනෙහස.
    සෙනෙහසක්ම වේය මේ උමතුව.
    උමතුව සුව වනදා සෙනෙහසද සිඳී යන්නේය.
    සෙනෙහස අතුරුදන් වනදා උමතුවද සුව වන්නේය.

    නියමයි මැඩම්! ++++++++++++++++++

    ReplyDelete
  7. සෙනෙහසක් නොමැති තැන සෙනෙහසම ගැන සිතූ
    හදවතක් කිසි දිනෙක නොමැත සුසුමන් පැතූ
    ඇස්දෙකක් රතුවෙලා වැටෙන කඳුලක් මුතූ
    නැවතුමක් සෙව්ව මුත් ඇරඹුමක් ඇතිවෙද මතූ....

    ලස්සනයි සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
  8. ගෙන හර තබා
    දුක බිම තබා
    උඩට නැගලා එලිය
    දීපිය

    අද පෝය මෙතන අඩ අඩ ඉන්නෙ නැතිව. :)

    - ජෑ මා -

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...