සඳට බැළුම් හෙලූ අය

Jan 23, 2018

ඔබ යන්නම යන්නම යනවානම් !


සඳමල පිපුණට තරු පොඩි දිලුනට
ලස්සන නෑ පෙරදා වගේ
පින්සර සෙනෙහස අහක බැලූ දා
අමාවකයි ඝන'දුරු අහසේ

මීඳුම ගැලුවට පිනි පොද වැටුනට
සිසිළක්  නෑ ඔබ ළඟ වාගේ
සැලමුතු පෙම් හිත උදුරන් ගිය දින
ගිනි කඳු දහසක් හිත ඇවිලේ

සිත සුව සදනට පිරිවර උන්නට
අගයක් නෑ මට ඒ උන්ගේ
ඔබ මා අතහැර වෙනතක ගිය ඒ
හිස් තැන පුරවනු බෑ ආයේ





26 comments:

  1. Replies
    1. හ්ම්ම්ම් පලමු පෙමින්ම පෙම අහවර කරන්න බැරිවෙන එක නෙව වැඩේ

      Delete
  2. ඔබ මා අතහැර වෙනතක ගිය ඒ
    හිස් තැන පුරවනු බෑ ආයේ

    <3 <3 <3

    ReplyDelete
  3. මොකෝ කියන්නෙ පුරෝල දෙන්න ද??
    සිමෙන්ති කොට්ට බාගයයි වැලි තාච්චි පහයි මැටල් තාච්චි දෙකයි ගෙනත් දෙන්ඩ.. වැඩේ කොරල දෙන්නම්

    ReplyDelete
  4. ආපහු කඳුළු වලට ගිහින් මොකෝ මේ....?

    ReplyDelete
    Replies
    1. කඳුළු අහවර වෙන්නෙ නැති එක නොවැ කරුමේ

      Delete
  5. සිංදුවකට හොඳයි

    ReplyDelete
  6. සඳ මල කුමට හිරු ගිනි වැද දවන සඳ
    තරු පොඩි තවම අසරණ කදො'කිමි නො වෙද
    මිහි දුම පවා නෙත කඳුලැලි දේ නිබඳ
    සිත සුව සොයා ඉගිලුනේ පෙර දින කවුද...

    ReplyDelete
    Replies
    1. මේකේ දෙවෙනි පදේ තරු පොඩි තවම කියන තැනට තරු පොඩි නොවේ උනානම් හොදයි කියලා හිතෙනවා.... කවිය අපූරුයි කමී...

      Delete
    2. හිත තුළ පීදුනු පෙම් මල් මතකය වරින් වරට සිහිවෙලා ඇතේ
      ඇත මා සලිතව විරහ දුකින් තව කඳුලු දෙනෙත් හැරවේවි රතේ
      නිත රම අමතක කරලනු හැදුවත් කිනිසි වදී ගැඹුරටම හිතේ
      කත රක තනි වුනි නුඹ හැර ආ දින දුකම මා දිවි වටා එතේ....

      ලස්සනයි සඳූ...

      ජයවේවා!!!

      Delete
    3. 'තරු පොඩි' කියන එක තනි වචනයක් විදියට ඔයාගෙ කවියෙන්ම ගත්තේ.. අදහස තේරුනේ නෑ කියන්නේ ඒ යෙදුම අසාර්ථකයි කියන එක.. :)

      Delete
    4. දුමී... ස්තූතියි පිලිතුරු කවට

      කමී... තේරුනේ නෑ නේන්නම්

      Delete
  7. කදුල ඉතින් සමාවෙයන්

    ReplyDelete
  8. තද තද මල් සීන් එකේ

    - ජෑ ම-ල් -

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ela

    තවත් සින්ඩියක් http://sithuwilisatahan.com

    ReplyDelete
  11. සැලමුතු පෙම් හිත - වෙරළත සිඹ සිඹ

    දියඹ සොයන - මහා රෑ යාමේ

    ඉකි බිඳී සඳවත - සැලූ කදුළු පොද

    ගිලී ගියා කළු ගං නැම්මේ ..................

    ReplyDelete
  12. වේදනාව හොඳින්ම දැනෙන්න ලියලා...touch වෙනවා

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...