සඳට බැළුම් හෙලූ අය
Feb 26, 2018
නොරිකො සං අසාපන් !
තමබොචි සොහොන යට තනිකමට හුරුවෙච්ච
හදවතක් ඇති නමුත් හීතළට ගල් වෙච්ච
පෙම්බරිට නොකියාම ඇවිත් සොහොනට වෙච්ච
පෙම්වතකි මමත් ප්‍රේමයෙන් ආතුර වෙච්ච......
සකේ උගුරක් බොමින් ප්‍රේමයෙන් මත්වෙන්න
තතමි පැදුරේ නුඹට ළංවෙලා වැතිරෙන්න
හීන මැව්වට නුඹත් එක්ක මහ දුර යන්න
අපි වෙනස් කුරුල්ලන් බෑ එක්ව පියඹන්න......
ජීවිතේ සුන්දරම දවස් නුඹ හා එක්කව
ගෙවූ හැටි අමතකව නෑ තනිව උන්නාට
හිතට තව වාරු නෑ මැරි මැරී උපදින්න
ඒ නිසයි අත්හලේ නුඹේ අත නොකියාම........
මළවුන්ගේ අවුරුද්දෙ අදයි ඒ හැන්දෑව
මොහොතකින් නුඹ ඒවි දිගු දෑස හංඟාන
වාරු නැති මුත් ඇවිත් අල්ලන්න ඔය දෑත
මං තාම ආදරෙයි මගේ මල සකුරාට......
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

කීවත් කෙනෙකුට අදහා ගන්න බැරී
ReplyDeleteකියන්නේ කෙලෙසද මටවත් සිතනු බැරී
රන්හුය පටලා කෙලවර දකිනු බැරී
උයන් කොනක හිද සිසිලස විදිනු බැරී
අවන්හලක ළග දොඩමලු වන්න බැරී
පවන් රොදක නැග සිහිනෙක වෙලෙනු බැරී
මේක සිංදුවක්ද.... කවියක්ද...
Deleteලස්සන නිර්මානයක් සඳූ..
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Deleteඅගෙයි අගෙයි
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්
Deleteනොරිකෝ සං වෙමි
ReplyDeleteමළවුන්ගේ අවුරුද්දේ ආවෙමි
සකුරා මල් ඇහිදිමි
දෙවෙන්දරා සං
නුඹේ සෙනෙහස විඳිමි
ස්තූතියි මලී මෙහෙ ආවටත්.... කවිය වින්ඳාටත්
Deleteවාව්....!
ReplyDeleteතැන්කූ
Delete"මං තාම ආදරෙයි මගේ මල සකුරාට " දුක හිතෙන ලස්සන කවියක් සදු!!
ReplyDeleteස්තූතියි
Delete//සකේ උගුරක් බොමින් ප්‍රේමයෙන් මත්වෙන්න//
ReplyDeleteබොනවනම් බොමු.....
බොමු බොමු ඔන්න ඔහෙ
Deleteනොරිකෝ...
ReplyDeleteමගේ රස වින්දනය අන්තිමයි කියලා හිතෙන්ට හේතු වෙච්ච චරිතයක්...
දොවොන්දරා නිසා එහෙම උනා කියලයි මටනම් හිතෙන්නේ... දෙවොන්දොරා කියන්නේ හරිම පසුගාමී කම්මැලි චරිතයක් මටනම්...ස්තූතී මෙහෙ ආවට ඔයාට
Deleteආ ඔව්... එහෙමද මන්දා...
Deleteකට්ටිය කියන තරම් රසයක් තිබුණේ නෑ ඒ පොත් වල මට නම්...