සඳට බැළුම් හෙලූ අය
Mar 1, 2018
වහින්නට හැකි නම් ගිගුම් දී !
දිගු නියං කල ගෙවා අහවර
වැටෙන මහ වැහි අනෝරාවට
හාදු දෙනවා ඉස්සි ඉස්සී
ඇහැරිච්ච සුදු ඉද්ද අහුරක්
මැලවෙච්ච ලා රෝස පෙති මත
තවරලා වැහි පොදක සිසිළස
සුළඟ අවුදින් පැද්දි පැද්දී
ඉඹිනවා මුඳු රෝස පෙත්තක්
නියං සායෙන් හඬන වෙරළක
මළානික බිම්තඹුරු කුසුමක්
රැඟුම් රඟනව නැළවි නැළවී
දැනී ළවනට හාදු වැස්සක්
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

මම ආමි
ReplyDeleteමම නේවි.... හි හී
ReplyDeleteවහින්නට හැකි නම් ගිගුම් දී
ReplyDeleteවියලි ගම් බිම් වලට ඉහලින්
පිපෙන්නට හැකිනම් දුරින් දුර
නෙලා ගත හැකි වන මලක් වී
නිදන්නට හැකිනම් දෙනෙත් තුල
සැබෑ වෙන සුබ සිහිනයක් වී
-නන්දා මාලිනි-
නන්දා මාලිනියගේ මම ආසම ගීතයක්... ස්තූතියි
Deleteවැටෙන මහ වැසි අනෝරාවෙන් ඉද්ද මල් යය සේදි සේදී
ReplyDeleteවැහි පොදට පසු ගුගුරණා හෙණ වතුර මල් පෙති සැම දවාවී
නියං සායට පසුව එන ගං වතුර ගම්බිම් සුනු කරාවි
ළවන දනවන හාදු නවතින දින නොවරදා ඔබ හඬාවි
වාව්.. ඒත්.. හාදු නවතින දවස ගැන නොහිතා ඉමු නේද? :)
Deleteවෙලාවකට ආශිර්වාදයක් වෙන දේවල්ම තමා බොහෝ වෙලාවට ශාපයක් වෙන්නෙත්...
Deleteකමී - ඔව්නේ මොකටද වේලපහම දුක හිතන්නේ
Deleteහාදු වැස්සක්
ReplyDeleteඔව් ඔව් වැස්සක්ම
Deleteසොඳුරු වැස්සක් මල් පෙති මතට...
ReplyDeleteම්ම්ම් ඔව් හැබැයි මල් වැහිම තමා අනෝරා වෙලා මල් බිම හෙලන්නෙත්
Deleteවිළි බියෙන් අව පැහැව සැඟඋන..
ReplyDeleteතවත් අහසෙක..
හැඟුම්බර වළාකුළු කැටියක්..
ගතු කියන හැටි නුබ ගැබට..
පාත් වෙනු නොහැකිව ලා රෝස පෙති මත..
පිණි සිසිලක්ව..
සිප සනසනු නොහැකිව රත් ලවන්..
බිම් තමර කුසුමෙක..
සරනු නොහැකිව ආදරෙන්..
සුදු ඉද්ද සයනෙයක..
අවැසිව ඇද හැලෙන්නට අනෝරාවක් ව..
දිය සිඳුණු කතරෙක..
හරිම ලස්සනයි කමි...
DeleteI always like walking in the rain, so no one can see me crying. - Charlie Chaplin
ReplyDeleteme also.....
Deletelassanjayi saduu
ReplyDeleteස්තූතියි දුමී
Deleteහැමදාමත් වගේ ලස්සන සිතුවිල්ලක්
ReplyDeleteඔයාටත් ස්තූතියි සමනලී
Delete