සඳට බැළුම් හෙලූ අය
සඳවතී මං

- සොඳුරු සඳවතී
- රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...
Mar 14, 2018
සොඳුරියේ !
මේ සංසාර ගිරිදුර්ගයේ
මට මගේ ජීවිතේ
මඟහැරුණු තැන් නම් බෝ වෙතේ
මහ හුඟක් ඉස්සරම
නිදිගත් හිතේ
නුඹ ඇවිද්දේ ඇයි හිතුමතේ
දරදඬුව වැහැරුණු හිත වටේ
මුඳු සියුම් තැන් හොයමින් හද බිතේ
කහපාට සමනල් තටු දිගේ
නුඹ ලියා දුන් සෙනෙහස අගේ
හුස්මටත් හොර රහසෙම වගේ
තුරුල්ලට වී හෙමෙන් ගැහෙනා පපුතුරේ
හිම පියල්ලක් වගෙ හීතලේ
නුඹ මහද මැදමයි උණුහුමේ
ඒ උනත් මිහිරාවිය මගේ
මේ ඒ සිහිනයෙන් ඇහැරෙන වෙලේ
නුඹ දුන්නු ප්‍රේමය හිත් කොනේ
මතකයක් විතරද කිව මැනේ
Subscribe to:
Post Comments (Atom)
අපූරුයි...
ReplyDeleteස්තූතියි අගය කිරීමට වගේම මේ පැත්තේ ආවටත්
Deleteලෝකයට හොරෙන් විත් නුබ මගේ....,...
ReplyDeleteහඩන සිත සැනසුවා ලං කරන් පපුතුරේ ...
නුබ දුන්නු ප්‍රේමයයි උනුහුමේ ...
මැරෙනකම් වැලදගමි තදකරන් පපුතුරේ...
ස්තූතියි යාලුවේ..
Deleteඅම්මෝ ..... මේක ....
ReplyDeleteඔයා මාව පිස්සු වට්ටනවනේ.......
හෑ... අර මොකෝ
Deleteහ්ම්ම් /// " මතක පද "
Deleteම්ම්ම් ඒක මිසක්....
Deleteමේක නිකන්ම ගැස්සීමක් නෙමෙයි බන්... කෝච්චියටත් බොන්ඩ හිතිලා.....
ReplyDeleteහි හී එහෙමද
Deleteමේ මොකක්ද බොලේ මේ මම දාල තියෙන්නේ..... මේ කොමෙන්ට් එක දැම්මෙ අර කෝච්චියෙන් බැහැල බියර් ගත්තා කිව්ව කතාවට නේ....අනේ මන්දා මට පිස්සු සොලි....
Deleteදන්නවා දන්නවා පිස්සු කියල ඒ නිසා අවුලක් නෑ
Deleteසොලීලීලී
Deleteදුමී යයි මෙයයි හරිම රහට හෝ ගාල කවි ලියනවනෙ බහින්න ඕන මාත් ගේමට. හරිම අපූරු පද පෙලක්
ReplyDeleteඅන්න හොදයි ... මේ කියවන්න බ්ලොග් නැතුව ඉන්නෙ ලියපු අය සේරම මිසින් නේ
Deleteසතුටුයි සතුටුයි.... නෙරන්ජනුත් වැඩේට බහිනවා කියන්නෙ ලස්සන කවි ටිකක් කියවන්න පුළුවන් වෙනවා කියන එකනේ..
Deleteහුටා
ReplyDeleteහුටා නේන්නම්
Deleteවැස් ස වැහිපොද හීතලක් ගෙන හුදෙකලා හද පාරවයි
ReplyDeleteහුස් ම එකිනෙක රඟන මොහොතක දැනෙන්නේ පෙර ආලයයි
ගැස් සෙනා මගෙ පාළු හදවත පතන්නෙම ඔය රූපයයි
ඇස් දෙකට උණු කඳුළු උරුමයි ප්‍රියේ මතකය මා ළඟයි....
ලස්සනයි සඳූ....
ජයවේවා!!!
සිතක සැඟවූ සෙනෙහසක තතු
Deleteඇස් අඟිස්සක තවරලා
මතක මල්පෙති කිනිත්තක් අග
සුසුම් සුවඳක් දවටලා
අහිමි සෙනෙහස හොවා සොහොනක
මල් වඩම් තනියට තබා
ඉතින් යනු මැන එකම පාරක්
හාදුවක් නළලත තියා
නියමයි
ReplyDeleteස්තූතියි
Deleteඅගෙයි
ReplyDeleteමොනාද අප්පා අගෙයි විතරයි සේරටම
Delete