සඳට බැළුම් හෙලූ අය

Mar 14, 2018

සොඳුරියේ !





මේ සංසාර ගිරිදුර්ගයේ
මට මගේ ජීවිතේ
මඟහැරුණු තැන් නම් බෝ වෙතේ
මහ හුඟක් ඉස්සරම
නිදිගත් හිතේ
නුඹ ඇවිද්දේ ඇයි හිතුමතේ

දරදඬුව වැහැරුණු හිත වටේ
මුඳු සියුම් තැන් හොයමින් හද බිතේ
කහපාට සමනල් තටු දිගේ
නුඹ ලියා දුන් සෙනෙහස අගේ

හුස්මටත් හොර රහසෙම වගේ
තුරුල්ලට වී හෙමෙන් ගැහෙනා පපුතුරේ
හිම පියල්ලක් වගෙ හීතලේ
නුඹ මහද මැදමයි උණුහුමේ

ඒ උනත් මිහිරාවිය මගේ
මේ ඒ සිහිනයෙන් ඇහැරෙන වෙලේ
නුඹ දුන්නු ප්‍රේමය හිත් කොනේ
මතකයක් විතරද කිව මැනේ

24 comments:

  1. Replies
    1. ස්තූතියි අගය කිරීමට වගේම මේ පැත්තේ ආවටත්

      Delete
  2. ලෝකයට හොරෙන් විත් නුබ මගේ....,...
    හඩන සිත සැනසුවා ලං කරන් පපුතුරේ ...
    නුබ දුන්නු ප්‍රේමයයි උනුහුමේ ...
    මැරෙනකම් වැලදගමි තදකරන් පපුතුරේ...

    ReplyDelete
  3. අම්මෝ ..... මේක ....

    ඔයා මාව පිස්සු වට්ටනවනේ.......

    ReplyDelete
  4. මේක නිකන්ම ගැස්සීමක් නෙමෙයි බන්... කෝච්චියටත් බොන්ඩ හිතිලා.....

    ReplyDelete
    Replies
    1. මේ මොකක්ද බොලේ මේ මම දාල තියෙන්නේ..... මේ කොමෙන්ට් එක දැම්මෙ අර කෝච්චියෙන් බැහැල බියර් ගත්තා කිව්ව කතාවට නේ....අනේ මන්දා මට පිස්සු සොලි....

      Delete
    2. දන්නවා දන්නවා පිස්සු කියල ඒ නිසා අවුලක් නෑ

      Delete
  5. දුමී යයි මෙයයි හරිම රහට හෝ ගාල කවි ලියනවනෙ බහින්න ඕන මාත් ගේමට. හරිම අපූරු පද පෙලක්

    ReplyDelete
    Replies
    1. අන්න හොදයි ... මේ කියවන්න බ්ලොග් නැතුව ඉන්නෙ ලියපු අය සේරම මිසින් නේ

      Delete
    2. සතුටුයි සතුටුයි.... නෙරන්ජනුත් වැඩේට බහිනවා කියන්නෙ ලස්සන කවි ටිකක් කියවන්න පුළුවන් වෙනවා කියන එකනේ..

      Delete
  6. වැස් ස වැහිපොද හීතලක් ගෙන හුදෙකලා හද පාරවයි
    හුස් ම එකිනෙක රඟන මොහොතක දැනෙන්නේ පෙර ආලයයි
    ගැස් සෙනා මගෙ පාළු හදවත පතන්නෙම ඔය රූපයයි
    ඇස් දෙකට උණු කඳුළු උරුමයි ප්‍රියේ මතකය මා ළඟයි....

    ලස්සනයි සඳූ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සිතක සැඟවූ සෙනෙහසක තතු
      ඇස් අඟිස්සක තවරලා
      මතක මල්පෙති කිනිත්තක් අග
      සුසුම් සුවඳක් දවටලා
      අහිමි සෙනෙහස හොවා සොහොනක
      මල් වඩම් තනියට තබා
      ඉතින් යනු මැන එකම පාරක්
      හාදුවක් නළලත තියා

      Delete
  7. Replies
    1. මොනාද අප්පා අගෙයි විතරයි සේරටම

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...