සඳට බැළුම් හෙලූ අය

Mar 4, 2018

දැවී ගිය සඳ !



ප්‍රේමයේ අකුණු සර
සුන්නත්දූලි කල පසුද හදවත
ඔය තරම් දුර සිට
හිනැහෙන්න එපා හිතවත
.
අහිමි කල පසුව
මුව මදහස
කඳුළු වලටමයි
නෙත අවසර
.
කැන්දගෙන ගිහින්
මහ ගිරිදඹ
අත හැරිය විටදි
අත අතරමඟ
.
ගිරිකුලේ හිස ගසා
මියෑදුන සඳ දැක
ඉතින් දැන් ඔබට
සතුටුයිද කිව මැන !

16 comments:

  1. මේක කලින් කියවපු එකක් වගේ මතකයක් තියෙනවා. ලස්සනයි සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්නේ මේක ඉස්සෙල්ලම එෆ්බී දැම්මනේ ... ස්තූතියි දුමී

      Delete
  2. එහෙමම තමයි බිඳුණු හදවත්
    ගණන් ගන්නට එපා සොඳුරු හදවත

    ReplyDelete
    Replies
    1. ඒකනේ.... හදවත් තියෙන්නෙත් බිඳෙන්නනේ.... හි හී...සොඳුරු හදවතටනම් ගානක් නෑ ඉතින්...සිතුවිලි පමණක් නිසා... ස්තූතියි ඔබට

      Delete
  3. කැන්දගෙන ගිහින් මහ ගිරිදබ , අතහැරිය විටදී අත අතරමග, හදවතට දැනෙන මේ වේදනාව, විදගනිමි තනිව මම, පෙර කරපු කරුමයට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරෝමි රසවින්දාට

      Delete
  4. කැන්දගෙන ගිහින් මහ ගිරිදබ , අතහැරිය විටදී අත අතරමග, හදවතට දැනෙන මේ වේදනාව, විදගනිමි තනිව මම, පෙර කරපු කරුමයට.

    ReplyDelete
  5. යැපිලට ශතුටුයි.......ඒ..ස්..වා..පුහ්

    ReplyDelete
    Replies
    1. අනේ හොදා... සතුටුනම් ඉතින් එච්චරයි...

      Delete
  6. අනේ .... සද ,

    මේකට නම් ගොඩක් රිදෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒ කියන්නේ මගේ සිතුවිල්ල සාර්ථකයි කියන එක නේද .... හි හී

      Delete
    2. ඒකනේ....සිතුවිල්ල සාර්ථකයි :)

      Delete
  7. ජයග්‍රහණයට සුභ පැතුම්! ඒ ජයග්‍රහණය කල කාව්‍ය සංකල්පනවත් එක්ක ඒ ගැන පොස්ට් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කමී.... ඉස්සරහට ලියන්නම්කෝ...ඒ ගැන

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...