සඳට බැළුම් හෙලූ අය
Mar 8, 2018
සිනාසෙනු මැන රත්තරන් !
නීල කඳු ගැට සිරස සිඹ සිඹ සීත මීඳුම වට කරන්
දෑල දෙවුරේ පීන පීනා රහස් කොඳුරන හසඟනන්
කෝල කර කර පාන රැඟුමට ආදරේ තව එක් කරන්
ආල අනුරා දෑස විදහා සිනාසෙනු මැන රත්තරන්
පෑව සෙනෙහස ඈත භවයක හුරුකමක් හිතටම කරන්
ආව හැටි නුඹ මගේ දිවියට සෙනෙහසම දෝතට අරන්
කාව වත් වෙන දැනුනෙ නෑ ආදරේ දෙන්නට නුඹ තරන්
පාව යන්නට එපා ඈතක ආදරෙයි මම රත්තරන්
ගතින් මහ දුර ඈතකට වී ගියත් සෙනෙහස ගුලි කරන්
හදින් පිටමං කරන්නට පුලුවන්ද මතකය මට කියන්
ඉතින් දවසක යද්දි සදහට ඈත්වී නෙතුයුග පියන්
ළඟින් ඔබ උන් මතකයම මම අරන් යමි මගෙ රත්තරන්
දුමීගේ බ්ලොග් එකේ මැදින් මහ මැද සැනසුමයි මට සිනාසෙනු මගෙ රත්තරන් කවියට පිලිතුරක් ලෙස ලියූවකි.හැබැයි මේක චුට්ටක් ඒකට වඩා වෙනස් දුමීගේ එකට ලියපු ගමන්ම දැම්මා.. මේක හරි වැරදි හදලා හිමිහිට දැම්මා.
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

"ගතින් මහ දුර ඈතකට වී ගියත් සෙනෙහස ගුලි කරන්
ReplyDeleteහදින් පිටමං කරන්නට පුලුවන්ද මතකය මට කියන් "
ලස්සන නිමක් නෑ වචන ගැලපීමේ .
ඒ අගය කිරීමනම් වටිනවා...ගොඩක්
Deleteආවා +++++++++++++ ගැහුවා ගියා
ReplyDeleteතඩි වැටට ස්තූතියි තඩී
Deleteඔය තියෙන්නෙ නොම්බර එකේ කවි. මාර රහයි. මම ආස කරන ලස්සන සිංදුවක් මතක් උනා.
ReplyDeleteස්තූතියි රසවින්ඳාට ඔබට
Deleteහම්මෝ, ලස්සනම ලස්සනයි රත්තරං
ReplyDeleteහා ස්තූතියි රත්තරන්
Deleteඅහා.. සුන්දරයි සඳවතී!
ReplyDeleteස්තූතියි ගොඩක්ම
Delete"ඉතින් දවසක යද්දී සදහට ඇත්වී නෙතු යුග පියන් ලගින් ඔබ උන් මතකයම මම අරන් යමි මගෙ රත්තරන්" හදවතට ගොඩක් සමීපයි සදු මේ කවිය.
ReplyDeleteස්තූතියි ඒ ඇගයුමට
Deleteඅපූරුයි සඳූ. දෙවෙනි කවියේ 3 පේළිය ටිකක් වෙනස් වුනානම් හොඳයි වගේ. ඒ නැතත් පිළිතුරු කවියනම් රහයි. හොදටම දැණුනා.
ReplyDeleteකවියකට මේ වගේ පිළිතුරු කවියක් ලියලා තියෙනවා දැක්කම දැනෙන්නේ සතුටක්.
ජයවේවා!!!
කවිය රහනම් ඒ රසින් බාගයක් ඔයාටත් අයිතියි ඉතින්...ඒ කවිය නැත්තන් මේ කවිය නැත.ම්ම්ම්ම් ආයෙනම් පද වෙනස් කරන්න කම්මැලී අප්පා...ස්තූතියි ඔයාට
Deleteලස්සනයි සඳු
ReplyDeleteස්තූතියි පොලියානා
Deleteපිළිතුරත් අගෙයි
ReplyDeleteඑහෙනම් කමක් නෑ....
Deleteහරිම ලස්සන නිර්මාණයක්
ReplyDeleteබොහොම ස්තූතියි ඔයාට... ඔන්න මමත් ආවා කේෂම භූමිය පැත්තේ
Deleteහම්මේ රස ගගුලක් දැන් නොවැ දැක්කෙ
ReplyDeleteඑහෙමද... ස්තූතියි
Delete