සඳට බැළුම් හෙලූ අය

Jun 11, 2018

Goodbye Forever !




කඩා වැටෙනකොට රෑ අහසකින් තනි තරුව
දවස් කොයි තරම් වෙද ඔබ ගැනම නිදි වැරුව
කියන්නට බැ‍රි උනත් සෙනෙහසම හිත දැරුව
නුඹ දන්නෙ නෑ නුඹයි මගෙ අහසෙ හඳ පලුව

මහාමේරුව වගේ නොසෙල් වෙන ගල් හිතට
මහද සෙනෙහසේ කැටයම කැපුවෙ සුරුවමට
නොතිබුනත් ළතෙන් හැඟුමක් හිතේ මගෙ නමට
මේ කවත් ලියන්නේ සත්තමයි නුඹෙ නමට

වචනයෙන් වචනයට අල්ල ගෙන කොනක්
හැමදාම පහුරු ගෑවම එකම තැනක්
ආදරේ උනත් වෙනවලු විටෙක වසක්
දන්නවද මට තියෙන්නෙත් පුංචි හිතක්

හඳට තනි රකිද්දි ළඟ ඉදන් තරු ඇසක්
බලන් හිටියා මමත් රෑ අහස වරු ගනන්
මගේ නොවුනත් හිතට දැනුනෙ නෑ ඒ වගක්
මුලු අහස පුරා මම හෙව්වෙ එක ඇස් දෙකක්

එකම ඉත්තක වැහුව කුරුල්ලන් නොවු පවට
නුඹට මා මට නුඹව නොතේරෙන තැන් එමට
ඉතින් තව ළඟට වී හිත් රිදවගෙන කුමට
ලෙහන්නම් හිතේ බැමි ඉගිල්ලෙනු මැන දුරට
 

12 comments:

  1. මත් නොවුණු බඹරෙක්ව තනි මලක් පතමින්ද
    නෙත් බැල්ම වපසරියෙ නුඹෙ රුවම සොයමින්ද
    හිත් පුරා හැඳුනුමට අප ගැනම මම ඔබද
    හත් දිනක් තව මෙමට කල් දෙන්න පුලුවන්ද....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දැනටමත් පහුවෙලා දින හතෙන් දින තුනක්
      නුඹට නෑ වගක් මට තේරිලා ටික දිනක්
      ඇස් වලින් දුටුව පෙම නෑ හිතේ කොතනකත්
      කමක් නෑ හිනැහියන් ඔය හිතේ මම නැතත්

      Delete
  2. රෑ අහසේ තනි රකින තරුවක් වගේ

    ReplyDelete
    Replies
    1. ඔබ ඉන්න මල් මාලියේ .... ද

      Delete
    2. අන්න හරි .... තාම මතකයි නේද ?

      Delete
  3. හරිම ලස්සනයි සදු කවි ටික. තේරුමත් අපූරුයි.

    ReplyDelete
  4. යන්නම යනවනම් කට වහගෙන යන්න ඕනි.. මෙහෙම කවි ලියුවම ආයේ ආයේ මතක් වෙනවනේ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. යන්න කලින් කියලා යන එක නොවැ මනුස්ස කම.... ගොඩ දවසකින් මේ පැත්තදි දැක්කේ

      Delete
  5. අහසේ ඇස් හෙව්වට හොඳ දඬුවම...😂

    ReplyDelete
    Replies
    1. ඔව්නේ... තේරෙන්නෙ දැන් තමයි

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...