සඳට බැළුම් හෙලූ අය
Jul 23, 2018
හදවත නැති මිනිසා ඔබ !
ඒ මහා කුණාටුවට පසුවත් ,
ඔබ අර ඉස්සරෝම දුන්න
සෙනෙහසේ සුවඳ දැනෙනවා
ආදරෙයි නුඹට මම මහ හුඟක්
කිව්ව හැටි මැවෙනවා
මනමාල පාට ඔය ඇස් වලින්
මගේ ඇස් අල්ලන්න හදනවා
ඕනේ නෑ ඕනේම නෑ තවත්
මම මගේ හිතට බල කරනවා
ඒ මහා වැස්සටත් පසුව ,
ඇහි දාර අඟිස්සක ගැහි ගැහී
තවම ඇවිලෙන කඳුළු තියෙනවා
ඒ කඳුළ නුඹට නොවටිනා බව
දැන දැනත් හිත නුඹව අහනවා
නෑ එපා එපාමයි හිතට තරවටු කර
ප්‍රේමයේ සොහොන් කොත බඳිනවා
ඒ සැනින් ආයෙ යලි ගොඩට ගෙන
ආදරේ හුස්ම තව පිඹිනවා
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

❤❤
ReplyDeleteස්තූතී
Deleteඅපුරුයි ඒ වේදනාවත් රහයි කියන්න හිතෙන්නේ මේ කවි දකිද්දි තමයි ❤️
ReplyDeleteම්ම්ම්ම්ම් ලුණු රසයි...
Deleteඑහෙම තමයි ප්‍රේමයක් තියෙන්න ඕනේ.
ReplyDeleteජයවේවා!!!
එහෙනම් ඉතින් එහෙම තියමු
Deleteකුනාටුවට පසුත්, මහ වැස්සට පසුත්, සිරි සිරි පොද වැස්සට පසුත්, ගොරතර නියගයේ හමන වියලි සුලගට පසුත්....ආදරය නම් ආදරයමය...
ReplyDeleteඔව් ඒකනම් එහෙමමයි.... ස්තූතියි
Deleteමේ තරම් සිත පාරවන්නේ.. මගෙන් වරදක් උනිද මංදා නේ... :)
ReplyDeleteඅනේ මන්දා ඕවනම් ඉතින්
Deleteනොඉඳුල් තොල්පෙති අතරින් උදුරාගෙන සිනාව හදවත නැති මිනිසා ඔබ නෙත කඳුළැලි ගෙනාව.
ReplyDeleteහ්ම්ම්ම් ඒකනේ
Delete++++++++++
ReplyDeleteකොහොම උනත් හදවතට දැනෙන සැබෑ ආදරය අමතක කරන්න බෑ කවදාවත්.
ReplyDeleteඔව් ඇත්තටම
Deleteපිඹින්නෙ නයෙක්ද
ReplyDeleteනෑ හැපින්නක්
Delete