සඳට බැළුම් හෙලූ අය
Aug 2, 2018
තාත්තේ ඔයා නැතුව දැන් අම්මට ඉස්සරටත් වඩා පාලුයි !
එතකොටත් මගෙ වයස යාන්තං දාහතයි
අම්මටත් ඒ හැටිම නෑ වයස හතළිස් තුනයි
හිරවෙලා ලේ කැටිය නැවතුනේ හදවතයි
තාත්තා ගිියෙත් හරි ඉක්මනට හතළිස් හතයි
එදා අම්මා උහුල ගත් කඳුළු ගංඟාව
අදත් දියවෙලා වැක්කෙරෙනවා මහ රෑට
ඒ තරම් ඉක්මනට හිස් උනත් යුග යහන
අදත් ඈ පෙරවන්නේ ඔයාගේ කොටු සරම
තාත්තා කෝ කියල කවුරු හරි ඇහුවාම
කොච්චරක් කල් ගියත් ගැස්සෙනව හිත තාම
අඩුවෙන්ම ලියන්නේ මං ඔයා ගැන මෙහෙම
අඩු වෙලා නෙවෙයි ආදරේ ඔබ දන්නවා ඒක
උහුලලා බැරිම තැන නාය යන මහ කන්ද
වගේ සද්දයි විටෙක අම්ම හංගන හුස්ම
තනියෙන්ම දිය වුනත් ජීවිතේ හොද හරිය
අදත් අපි තුන් දෙනා තමා අම්මට හයිය
දැනුත් පහු කරද්දී ඔයා නැවතුනු සොහොන
එදා වාගෙම පාලු මූසලයි හැන්දෑව
පැන් වඩන්නට කලින් ඇස් කඳුළු ඉස්සාට
තාත්තේ මතක බණ හෙටයි ඔබ එනවාද
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
ගොඩාක් දුකයි සදු. මේ වගේ හැමදේම දරාගෙන ජීවත් වෙන කී දෙනෙක් නම් ඉන්නවද??
ReplyDeleteඑතකොට මට 32. අම්මට 58. අප්පච්චි නැති පාලුව අම්ම දරාගත්තෙ අවුරුදු පහයි...ආයෙත් නොලැබෙන ඒ ආදරය වෙනුවෙන් වැටුනු / වැටෙන කදුලු නිමක් නෑ.මට ලියන්නට නොහැකි වූ කවිය ලිව්වාට ස්තූතියි සොයුරිය ...
ReplyDeleteහ්ම්ම්... මගෙත් කතාව :(
ReplyDeleteඔය කතාවමයි මටත්,වෙනස ඒ වෙනකොට ඔබට වඩා වසර හතරක් මට වැඩිවීම පමණයි.
ReplyDeleteලස්සන නිර්මානයක් සඳූ.
ReplyDeleteජයවේවා!!!
හැමෝගෙම ආදරේ.....
ReplyDeleteදුවණියන්ගේ ලෝකයේ
ReplyDeleteහැබෑ වීරයා
වෙනුවෙන්
කදුළුබර
වදන් සිත්තම .
නිවන්සුව ලැබේවා තාත්තේ !
//තාත්තේ මතක බණ හෙටයි ඔබ එනවාද // පපුව ටික වෙලාවකට නැවතුනා.. :'(
ReplyDeleteමේ කවියට වෙන වෙනම කමෙන්ට් දැමීමට හැකියාවක් නැත. කමෙන්ට් කල සියලු දෙනාටම ස්තූතියි.
ReplyDelete