සඳට බැළුම් හෙලූ අය

Jun 25, 2019

අහසක් තරම් !






මට ආදරේද....

බොහෝ සාහසික නිහඬ දවස් ගනනාවකට පස්සෙ අහම්බෙන් වගේ කතා කරපු දවසක හිටි ගමන් ඔයා අහනව...

ඔයාට නොපෙනුනාට ඒ වෙනකොටත් ඇස් වල නලිය නලිය හිටපු කඳුළු බෝල එක පාරටම කම්බුල් දිගේ වැක්කෙරෙන්න  ගන්නව. ඒත් මං නිහඬයි...

කියපං .. මට ආදරේද..

ඔයා ආයෙම අහනව. කොච්චර  දුකක් කොච්චර  තරහක් හිතේ තිබුනත් බොරුවටවත් විහිලුවටවත් " නෑ " කියල ඔයාව අවුස්සන්න මට හිතෙන්නෙ නෑ.

කියපිය... ආදරෙයි කියල ඉතින්...

ඔයාගේ සොඳුරු තර්ජන  ළඟ  කඳුළු අස්සෙන් මට හිනා එනව.ආපහු හැරිල පස්ස නොබලා දුවන්න හිතෙන හැම පාරම ආයෙ ආයෙම මං වැඩි වැඩියෙන් ඔයාටම  බැඳෙනව...ඇත්තටම මට ඔයාව පුදුමයක්...හිතේ කිසිම තෙතක් නැති ගානට මාව රිද්දන දවන ඔයාම අසුරු සැනින් මේ ලෝකෙ  මට  දැනෙන  ආදරණීයම පිරිමිය වෙනව.

ඇත්තමයි ...ඔයා හරියට අහස වගේ...වැස්ස වගේ...හුළඟ වගේ...මීඳුම වගේ...මේ මොහොතෙ ඔව් මේ මොහොතෙත්  මට ඔයාගේ උරහිසකට වාරු වෙලා චුට්ටකට ඉන්න ඇත්නම් කියල හිතෙනව.

ඉතින් දන්නවද මං කොච්චරක්නම් ආදරේද කියල...? නෑ ඔයා දන්නෙ නෑ....මට කියන්න ඕනෙත් නෑ...ඒත් දන්නවද ඔයා මට ආදරේ කරන තරමට වඩා මහ හුඟක් මම ඔයාට ආදරෙයි...

7 comments:

  1. ලස්සන සටහනක්. ඒත් හින්දි සින්දුව තරම් මේ සිංදුව හිතට වදින්නේ නෑ. ඒ හින්දි වචන වල තියෙන ලස්සන, සිංහල වචනවලින් එන්නේ නැද්ද මන්ද.

    ReplyDelete
    Replies
    1. ඔව් පූ ඒකනම් ඇත්ත .හින්දි සිංදුව හොයද්දී ඕකත් දැක්කා කලින් අහලා තිබුනෙත් නෑ.මෙතනට ගැලපෙන නිසා දෙකම දැම්මා

      Delete
  2. මේක සිංදුවක් කරපිය....🤣

    ReplyDelete
    Replies
    1. බෑනේ ඔය කවුද මට කලින් ලියලනේ... හි හී

      Delete
  3. අහස වගේ..
    හැමදාම වෙනස් වෙන
    නීල නුවන් යුග..
    කොහොම ගොනු කරන්නද
    එකම කවියකට..

    මගේ එක යාලුවෙක් ලියල තව යාලුවේ තනුවක් දාල කියපු සින්දුවක්.. ඒ කාලේ මතක් උනා මේක කියවද්දී..

    https://www.youtube.com/watch?v=JMBYwCykmNM

    ReplyDelete
  4. ම්ම්ම් ඒකත් නරක නෑ....

    ReplyDelete
  5. හින්දි එක ලගින් යන්නවත් බෑනේ....ඒත් ලස්සනයි...ඔය ඒ කාලේ අපි මැරිගෙන අහපු හින්දී සින්දු අප්පා

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...