සඳට බැළුම් හෙලූ අය

Jul 17, 2019

සත්තමයි ! හිත රිදුම් දෙනවා...


මේ ගෙවෙන්නේ ජීවිතයේ අසීරුම කාලයක්.සිතින් සහ ගතින් දෙකෙන්ම අඳුරුම ආගාධෙකට වැටිල ඉන්න මොහොතක්.ළඟින් උන්නු අය , ළඟින් හිටියයි කියල හිතන් උන්නු අය පිටුපාන මොහොතක්.කොටින්ම මිනිස්සු ගැන හරියටම තේරුම් ගනිමින් සිටින කාලයක්.

ඉතින් එහෙම වැටිල ඉන්න වෙලාවක සමහර චූටිම චූටි දේකුත් ඇති ජීවිතේට හිනාවක් සතුටක් එකතු කරන්න.මේ තියෙන්නෙත් එහෙම අවස්ථාවක්.ආයෙමත් මගේ අතින් මේ බ්ලොග් එක අප්ඩේට් නොවේවි කියල හිතන් හිටපු වෙලාවක ඒ තීරණය පවා වෙනස් කරන්න හිතට හිතිච්ච  වෙලාවක්.මේ මම කාලෙකට කලින් බ්ලොග් එකටයි මූණු පොතටයි එක්කහු කරපු කවියක්.ඒ කවිය අද ළයාන්විත ගීතයක් වෙලා....මගේ ආලවන්තකම ගීතය මියුසික් කරපු දීපති මල්ලි මේ කවිය දැකලා ඉල්ලුවා මුල කොටස පොඩ්ඩක් ආයෙත් වෙනස් කරලා ලියල දෙන්න කියලා.ඉතින් එච්චරයි..... මේ තමයි ඒකේ අවසන් ප්‍රථිඵලය.


ඉතින් ඇත්තටම ගොඩාක් ස්තූතියි දීපති මල්ලිටයි සුවිනි නංගිටයි මගේ අද දවස සතුටකින් හිනාවකින් පිරෙව්වට.







8 comments:

  1. ඔයාගේ ආලවන්තකම ගීතය වගේම මේ ගීතයේත් පද පෙළ පට්ට .

    හිතට දැනෙනවා . ඒ වගේම සදවතියගේ හීන නගරය මහනුවර පද පෙළ මුළුල්ලේම තිබෙන නිසා තවත් රසවත් .

    වැව රවුම , මාලිගාව , නාථ දෙවොල වගේ හිතට දැනෙන තැන් වචන වලින් තවත් රහ කරලා තියෙනවා .

    ඉතින් ජය වේවා ! දිගටම ගීත ලියන්න පුළුවන් ශක්තිය ලැබේවා .

    හිත වට්ටගන්න එපා මිනිස්සු දිහා බලලා . මිනිස්සු කියන සාධකය කවදාවත් අපිට තේරුම් කරගෙන ඉවර කරන්න බැරි සාධකයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් කලණ මේ නිර්මාණය ගැන මට සතුටු වෙන්න හේතු ගොඩයි. පලවෙනි එක අනිත් ගීත දෙකම කලේ මගේ උවමනාවට මම වියදම් කරලා. ඒත් මේක එහෙම නෙවෙයි මේ පද මාලාව ඉල්ල ගත්තට පස්සේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු එකක් තමා මම මුලින්ම ඇහුවේ. පස්සේ මට මේක අමතක වෙලත් තිබුනේ. එහෙම වෙලාවක තමා මාව පුදුම කිරීමක් විදියට මේක හදලා යූ ටියුබ් පවා දැම්මට පස්සේ මම දන්නේ.ඉතින් මේ වෙලාවේ මම ඉන්න මානසිකත්වයත් එක්ක ඒක මට ලොකු දෙයක්. අනික මේක මගේ හීන නගරේ ගැන වුන එකත් සතුටක්.

      Delete
  2. කවිය සින්දුවක් වුන විදිය ලස්සනයි. සුභ පැතුම් මගෙන්. ඉක්මනටම හිත නිදහස් වෙලා සතුට ලඟා වේවා කියාත් ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පූ රසවිඳලා අදහස් කියන එකට.

      Delete
  3. හරිම ලස්සනයි ඒක නම්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කිඹුලි ඔයාටත්

      Delete
  4. ඒක නියමයි අක්කේ..!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...