සඳට බැළුම් හෙලූ අය

Jan 28, 2020

මට මල් සුවඳ දැනෙනවා....



 කඩරොළු බුනීල කපුරු
රෝස මුසැන්ඩාස් බාබන්ඩේසියා
හරි හරියට මල් පුරෝගෙන
මට හිනා වෙනවා

ඇත්තටම ඉස්සර
කොහොම හිටිය එකියක්ද.....
මල් වවන්න තියා හරියකට
කන්න බොන්නවත් වෙලාවක්
තිබුනෙ නෑ ඕකිට.....
 කහ බාබන්ඩේසියාවක් රතු බුනීලෙකට
රස කර කර කියනවා
මං ඇහුනෙ නෑ වගේ ඉන්නවා.....

ආදරේ ආදරේ කිය කියා
දවල් හීනමනෙ දැක්කෙ
කවි කතා විතරමනෙ ලිව්වෙ
අපි ඕන් නෑ කියලමනෙ කිව්වෙ.....
දම් පාට කපුරු මලක්
තැඹිලි පාට දාස්පෙතියාවකට
කනට කර කියනවා
මං ඇහුනෙ නෑ වගේ ඉන්නවා.....

ඔව් එයාලා හරි
ඔයාව අමතක  කරන්න හිතාගෙන
මං දැන් මල් වවනවා.....

ඔයා මං ළඟ නැති වුනාට
දැන් අපේ මිඳුලෙත් මල් පිපෙනවා
මට මල් සුවඳ දැනෙනවා.....

10 comments:

  1. මේක කියවනකොට මටත් මල් සුවඳ දැනෙනවා වගේ

    ReplyDelete
  2. ආ...හරි හරි...මල් සුවද දැනෙනවා කියන්නෙ තාම කොරෝනා නෑ....වෙන ලෙඩක් ඇත්තෙ...අර අතන ඉන්න සයිකියෑට්‍රිස්ට් ගාවට ගිහිං බලන්ඩ. කෝ ඊගාව ලෙඩා එන්ඩ....!!!

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් බෑනේ මෙයාලා එක්ක

      Delete
  3. පරණ ගෙදර කැඩුවත් හරි, ආය මල් ගහක් පලාතක වැව්වේ නැහැ. දැන් අලුත් ගෙදර හදලා උනත්, හිටවන්න හිතෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව්...හිත නැතුවනම් මොනාත්ම කරන්න බෑ තමයි

      Delete
  4. ඔබ නැති වුණත් මල් පිපෙනවා..

    ReplyDelete
  5. ඔයා මං ළඟ නැති වුනාට
    දැන් අපේ මිඳුලෙත් මල් පිපෙනවා

    පට්ට .... හිතටම වදිනවා සුදූ

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...