අතිශය ශූෂ්ක කලාපයක
ඇනි ඇනී විස කටු තුඩු
රිදුම් දෙද්දීත් පය
ඇවිද යමි
නවතිනු බැරි නිසාම
ගිලි ගිලී කර වටක් කළල් දිය මත
හිරවෙද්දීත් හුස්ම
නො එල්ලී පිඳුරු ගස් වල
පිහිනමි
මියෙන්නටවත් අවසර නැති නිසාම
පිහිට වන්නට නොවේ
අසා ඉන්නටවත් දුක
කියන්නට කෙනෙක් නැති දා
ගොලුවෙමි
මුනිවත ඇවැසි නිසාම
හැල්මේ දුවන ජීවිතය
පුංචි ඉස්පාසුවක කෙළවර
ඉඳහිටක නැවතී
සොයමි
මූනිච්චාවට ආදරෙයි කියූ අය
මූනිච්චාවට ආදරෙයි කියූ අය.. හ්ම්ම්...දුක තමයි... ලස්සනයි සඳ ලියවිල්ල.
ReplyDeleteස්තූතියි ඔයාට පූ
Deleteහැල්මේ දුවන ජීවිතය
ReplyDeleteපුංචි ඉස්පාසුවක කෙළවර
ඉඳහිටක නැවතී සොයමි
ආදරෙයි කියූ අය....!
මූනිච්චාවට ...
Deleteලස්සනයියියියියියියියියියියියියියියියියියියියියි .... :)
ReplyDeleteතැන්කූ
Deleteතැන්කූ
මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හිංදා....
ReplyDeleteඔව් එහෙමයි..
Deleteවැදුනා දැනුනා රිදුනා...
ReplyDeleteමාව කියෙව්ව වගේ...
ස්තූතියි ඔයාට
Deleteආඩරෙයි අහස තරං ඈ...
ReplyDeleteමූනිච්චාවට කියන කතා නොවැ
Delete