සඳට බැළුම් හෙලූ අය

Jul 4, 2022

තව එක සැරයක් !!



ආදරේ කියන්නෙ දරාගන්නව කියන එකට නම්,ඉවසනව කියන එකට නම් දන්නවද මං ඒක හොදටම කරන අයගෙන් කෙනෙක්.හිතේ හැටියට මහා හයියෙන් කෑගහල මං ඔයාට ආදරෙයි කියන්න හිතෙන දවස්...අනේ මේ මොහොතෙ මට ඔයා ළඟ ඉන්න ඕනෙමයි කියල හිතෙන දවස්...කෝල් එකක් අරගෙන වරුවක් විතර කියවන්න ඕනෙයි කියල හිතෙන දවස්...ඔය පපුවෙ මූණ හංඟගෙන ඉන්න හිතෙන දවස්...දුවගෙන දුවගෙන ඇවිත් මූණ ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙන දවස්...පුංචි වචනයක් අල්ලගෙන දවසම බොරුවට රණ්ඩු වෙන්න හිතෙන දවස්...කොච්චරක්නම් මං මේ වෙනකොට පහුකරල ඇතිද..තව ඉස්සරහටත් තියෙන්නෙ එහෙම දරාගන්න ඉවසගන්න දවස් විතරමයි නේද කියල හිතෙනකොට ඇත්තමයි මට හිතෙනව මේ සාම්ප්‍රදාය කඩන්න.ලෝකෙට බම්බු ගහගන්න කියල එක දවසකට හරි ඔයාගෙ වෙලා ඉන්න එන්න.

‌ඒත් සාම්ප්‍රදායික සම්මතය බිඳින එක ඔය කියන තරම්වත් හිතන තරම්වත් ලේසි නෑ කියල මං වගේම ඔයත් දන්නව.අන්න ඒ නිසා තමයි මං ඔයාට වචනෙකින්වත් ඉඟියක් නොදී ඉන්න පරිස්සම් වෙන්නෙ.ඔයා කියන දේවල් නොදැනෙනව නොහැඟෙනව වගේ ඉන්නෙ.ගහක් ගලක් වගේ එහෙම ඉන්න එක සමහර වෙලාවට මැරෙන්න හිතෙන තරමට දුකක්.ඒත් මට ඒ දුක උරුමයි.

කවදාවත්ම ළං වෙන්න අයිතිකර ගන්න ළඟ තියාගන්න බැරි බව දැන දැනම මං ඔය ඇස් වල
පැටලුනා....අතරමංඋනා...දෙනෝදාහක් ගැවසෙන අධි කලබලකාරී තැනකදී උනත් මගේ ඇස් වල ඔය ඇස් ගැටුන පළවෙනි නිමේශයේදීම හිතට මොකක්දෝ උනා.ඒත්..ඒත් මට ඕන උනේ නෑ කවදාවත් ඔයාට ආදරෙයි කියන්න....ඔය බැල්ම මගේ ආත්මයම හිරිවට්ටපු බව කියන්න.ඒත් අවසානයේදී ඒක ඔයාට නොකියා ඉන්න බැරි තැනට ඔයා මාව ගෙනාව.ඉතින් දැන් අපි දෙන්නම විඳවනවා. ඔයා මං තරම් විඳවනවද කියල මං දන්නෙ නෑ.හෝව් හෝව් ඔන්න දැන් ඔයාට තරහ ඒවි.ඔයා තමා වැඩියෙන් ආදරේ කියලත් කියාවි.

ඒත් ඔයා දන්නවද කවදම හරි අපි දෙන්නට මැරෙන්න වෙන්නෙ.අපි අපිට කොච්චර ආදරේ කලාද කියල නොදැන...අපිට අපිව කොච්චර දැනුනද කියල නොදැන...අපි අපි වෙනුවෙන්  කොච්චර හොරෙන් හොරෙන් ඇඬුවද කියල නොදැන... අපි අපිව කොච්චර බලාපොරොත්තුවෙන් හිටියද කියල නොදැන...ඔයාට කලින් මං යන්න ගියත් මට කලින් ඔයා යන්න ගියත්  අන්න ඒක තමයි අපේ කතාවේ දුකම හිතෙන අවාසනාවන්තම කොටස.

12 comments:

  1. කොච්චර නම් ආදර අන්දර ඇද්ද... රහස් අහස් තලයට පවරලා මිය ඇදුනු 💔✍️🎶

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්ම්

      Delete
  2. අඳුරු අවිනිශ්චිත යුගයක, ලස්සන සිංදුවකින් ටිකක් හරි හිතට සැනසුමක් එනවා. කතාවත් ඒකට ගැලපෙනවා.👌

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බසූ...සිංදු තමා මේ දවස්වල එකම පිහිට

      Delete
  3. ලියමන හරි හැඩයි.... මාසෙකට සැරයක් වත් එකක් ලියන්න ....

    ReplyDelete
  4. හරිම ලස්සනයි. දුකයි. මගෙත් ආසම සිංදුවක්. මෙහෙම ලියවිල්ලක් කියවල සිංදුවක් ඇහුවම සතියක් දෙකක් ඉන්න පුළුවන් ඒ ලෝකෙ. අර කිව්වත් වගේ සිංදුවල පිහිටෙන් තමා මේ දවස් ඇදගෙන යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පූ...ඒ ආදරණීය අදහසට

      Delete
  5. ආසයි ජීවිතය ගලා යනවට මෙලෙස......... කවියක් ලෙසට .............

    ReplyDelete
  6. ඔය හැටි පරිස්සං වෙන්නෙපා අප්පා....!

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...