සඳට බැළුම් හෙලූ අය

Aug 8, 2022

අහන්නකො.....

 


මං ආසයි
කවදම හරි දවසක
ඔව්..කව....අ අ අ අ අ ....දම
හරි දවසක
ඔයා ළඟින් වාඩිවෙලා
හරි හරියට ඔයත් එක්ක
වැටෙනකංම  බොන්න

(මේකි යකෝ...පිස්සු උඹට...
  ඔයා එහෙම කියයි)

ඔව් මට ඕනේ මත්වෙන්න
සිහිවිකල් වෙලා සේරම අමතක වෙන තැනට
පෝ....ඩ්ඩක් මෙහායින් නතර වෙන්න...

සීරුවට ඔතපු කංසා වැටියක්
උගුර උගුර ඔයා එක්ක බෙදාගෙන උරන්න
කංසා දුමාරේ වගේ
ඔයාවත් පපුවටම ගන්න

ඊට පස්සෙ
ඔයාව බදාගෙන ඉඹගෙන
ඉඹගෙන යන්න
පපුවට තුරුල්  වෙන්න
තොල්පෙති හයියෙන් හපන්න
ඔයාව කොනිත්තන්න...
හූරන්න...මිරිකන්න

ඔව් මට ඕනේ ඔයාව
යටත්කරගන්න
හිතේ හැටියට විඳින්න..
මගේ කරගන්න...
කොටින්ම මට ඕනේ
ඔයාව රේප් කරන්න

( ඔය...ඉතින් ...
ඔහොම කට ඇරන් මං දිහා බලන්න එපා )

ඔයා දන්නවද?

ප්‍රේමය කියන්නෙම ගින්දරක්
මත්වීම කියන්නෙම නිවීමක් !!




                                                                        පින්තූර සේරම බුකියෙන් ගත්තුවා



34 comments:

  1. මත් උනාට පස්සෙනං යටත් කරගන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම අවතක්සේරු කොරන්ට එපා 🤗

      Delete
  2. මාත් උඩින්ම කැමැති යටත් කරගන්න තිබුණ නම්. :)

    ReplyDelete
    Replies
    1. හේ..හේ..කැමති දේවල් නොකරනම් ඉන්න එපා 🤗

      Delete
  3. තේ එකත් ඉස්පොල්ලෙ ගියා.

    ReplyDelete
  4. රේප් කරන්න කියල ලියල එකම අවුල්

    ReplyDelete
    Replies
    1. පස්සේ දවසක නඩු යන වැඩක්. අනික් හරිය නම් එල

      Delete
  5. මේක නං ක්ලැසික් අප්පා🙏👌🤣

    ReplyDelete
    Replies
    1. 😋🤣 කාලෙකින් දැක්කෙ බසූව

      Delete
  6. මාව ඔය විදියට රේප් වෙච්ච වෙලාවක ලියවෙච්ච එකක් මතක් උනා....
    The Sweet Smell of Sex
    The way you left it on me
    Would it be there till
    We make love again

    අසයි සිත
    සොයයි මා හැඟුම්
    ඔබ දෙතොලෙන් විඳි
    ඒ සිහිලැල් උනුසුම 


    ඔබ කෙහෙරැළි
    පැටලුන මා දෙතොලින්
    තැබූ ඒ සිතුවම
    රැගෙන ඔබ
    මත්වූ සෙයින් හෙලූ බැල්මෙන්

    ලතාවකට අප
    එතුනේ දෙතුන් වතාවක්
    කාලය ඇයි හරස් උනේ
    නිමාවක් ඇයි
    ආලිංගනයට ඒ සොඳුරු


    The Sweet smell of Sex
    The way you left it on me
    Stays forever....

    ReplyDelete
    Replies
    1. ආ..ව් ඒක මරු...ඔයැයිගෙ බ්ලොගට ඕක ලියනකොට මං ඒ බ්ලොග කියවල තිබුනෙ නෑ ඒත් පස්සෙ කාලෙක කියෙව්ව මතකයි.ඒකයෑ වැඩේ එහෙම රේප් වෙච්ච වෙලාවකනම් නිධාන කතාව ලියල අර පුස් කන බ්ලොගේට ඔබල දාන්නකෝ අපිටත් බලාගන්න හි හි හී

      Delete
    2. ලියල අර පුස් කන බ්ලොගේට ඔබල දාන්නකෝ අපිටත් බලාගන්න හි හි හී **************************** !!!!!!!!!!!!!!!!!!!!
      *********************

      Delete
    3. එල ද බ්‍රා - ඒකනේ ඔයැයිටත් තේරනවා

      Delete
  7. "ඔව් මට ඕනේ ඔයාව යටත්කරගන්න හිතේ හැටියට විඳින්න..
    මගේ කරගන්න" බොන්නෙත් නැතුව, ගංජා ගහන්නෙත් නැතුව ඔය ටික කරන්න බැරිද.

    ReplyDelete
    Replies
    1. අපොයි පුලුවන් බැරි නෑ...ඒත් එතකොට මේ පින්තූර දෙක පාවිච්චි කරන්න බෑනේ..🤗

      Delete
    2. කැලසික් ෆිලුම්ක පොටෝ එකක් වාගේ

      Delete
  8. Replies
    1. ඒ ඔබය ඔබමය - නවකතාව - 4 ?????????????

      Delete
    2. ඒක මඟ නතර වෙච්ච එකක් අප්පා ලියන්න කම්මැලි හිතුනා හිතුනම තමා.

      Delete
  9. අප්පෙ... දැන් කාලෙ ගෑනුන්ට තියෙන්නෙ මහ භයානක අදහස් නෙ.

    හොඳට හිටියි, බීපු කෙල්ලෝ අස්සරේ කර තියෙන නිසා... බේතකට ටිකක් ඉල්ලුත් මංනම් දෙන්නෙ නෑ. එහෙම තියෙද්දී කංසා..... 😂😂

    ReplyDelete
    Replies
    1. ආං ඒකට මගේ සත්තලන් එයා මොනවද බොන්නේ මටත් දෙනෝ රස බලපිය කියල.තාම චාටර් වෙලා නැති නිසා අවුලක් නෑ...🤣🤣

      Delete
  10. ප්‍රේමය කියන්නෙම ගින්දරක්
    මත්වීම කියන්නෙම නිවීමක් !! - නියම කතාව ඈ.......

    ReplyDelete
  11. sanjeewamen5@gmail.com, 0779751111. I need a contact you regarding Food order.

    ReplyDelete
  12. මං තාම පොඩි එකා😂 කියන්න දෙයක් නම් නෑ ඉතින්;;;

    ReplyDelete
  13. ඔබේ නිර්මාණත් ලන්ඩන් කවියට සහ සිසිලට යවන්න.
    https://londonkavi.com/contact/

    නිර්මාණ ඉදිරිපත් කිරීමේ යොමුව ලෙසත් මේ විද්යුත් තැපෑලම භාවිතා කල හැකිය

    sisila.sangarawa@gmail.com

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...