සඳට බැළුම් හෙලූ අය

Oct 21, 2023

පුරාවෘත්තයක සැඟව ගිය පෙම්වතාණ !

 




හිම මිදෙන මිටියාවතක

කේතුධර වනස්පතියක් මැද

මඟ වැරදුන සිගිති වවුල් කෙල්ලකට

පොරවා උණුහුමේ ලොම් කබාය

මහ  හුඟක් ආදරෙන්

පරිස්සම් කල 

කඳුකර වෘකයාණ !


සදාහරිත නිම්නයක

නූස් කඳු ගැටක් අගිස්සක

තනිව පිපී උන් සමයක 

හරි පුංචි නිල්පෙති මලක්ව

විඩා නොබලා පියාඹා විත්

පරව පෙති මියෙන්නට පෙර

සෙනහසින් ළඟ උන්න

මිහිරි බටිත්තාන !



දුර ඈත සිතිජ ඉම මායිම

හැපි හැපී සිඳු රළ මත 

දරාගෙන මුතු ගැබ 

මියෙන්නට තනන මුතුබෙලි හද

හොවාගෙන සිනිඳු ළය මත

හුස්ම දුන්

සොඳුරු කිඳුරාණ !


*************


ආක්ටික් වෘත්තයේ 

හිම වලසුන් වෙසෙන අඳුරු

ග්ලැසියර ගුහාවක

සිරගත කල හිම කුමාරිය මම

සියල් මතක පුරාවෘත්තයකට පවරා

කිසිවක්ම සිදුනොවූ ලෙස

සිසිරතාරකා නින්දකද  ඔබ ? 

 

 

 

ප.ලි ශනිදා දහයට ලියන්නෙ මක්කදො කියල හිත හිත ඉන්නකොට තමා අර අවහන්හලේ තෝම්බුව කියවලා ජේකබ් කොලුවා මතක් වෙලා මේකෙ මුල ටික ලියවුනේ.ඊට පස්සේ ඉතින් මොනවා ලිව්වද මන්දා 🤗🤗






















33 comments:

  1. අඳුරු යටගියාවක සිට මග බැලුවා
    රුදුරු බැලුම් අත්වේදැයි සැක ඇතුවා
    මැදුරු තුළට කැන්දන් යන්නට සිතුවා
    සොඳුරු නුඹව මටනම් අමතක නැතුවා...
    ලස්සනයි සඳූ..

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මැදුරු සදළුතලයකදී ඇස ගැටුනා
      පුරුදු සුවඳකට රහසෙම හිත නැටුවා
      සොඳුරු සීන තිස්සෙම මහ රෑ දුටුවා
      කිඳුරු කතාවේ කිඳුරට හිත පිදුවා

      කවි ලියන්නම බල කරන කවි මෙව්වා.ස්තූතියි දුමී

      Delete
  2. කේතුධර වනයක
    සැඟවුණු ප්‍රේමයක
    නටඹුන් තිබේ හිත්
    කොනක තැන්පත් ව ලියනට

    ReplyDelete
    Replies
    1. කවි වලට කවියෙන් පිළිතුරු ලිවීම මරුය!
      එහෙත් මට කවි ලිවීම "මරු" ය!

      Delete
    2. ලියමු ලියමු ඩ්‍රැකියුලෙක්ට කොච්චර කතා තියෙන්න පුලුවන් ද 👍

      Delete
  3. ලස්සන කවි පෙලක් හැමදාම වාගේම!
    මොනවා උනත් ශනිදා දහයට අපි එක්ක එකට ඉඳගෙන සල්ලාපයේ යෙදෙන්න ආවාට මෙන්න මගේ හද පතුලෙන්ම නැගෙන මෙව්ව එක!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තට්ට මහත්මයාණෙනි 👍

      Delete
  4. දුමී රෙසිපි එකක් කවියෙන් දාලා!
    ලබන සතියේ සෙනසුරාදා බුරියානි රෙසිපියක් කවියෙන් දාන්නකො ඔයත්!

    ReplyDelete
    Replies
    1. දුමීට වගේ එක එක විරිතෙන් කයි ලියන්නනම් මං නොදනී 🤗

      Delete
  5. ලොකු මිසී, ඔය ආක්ටික් කලාපේ අයිස් රෝඩ් කියල ජාතියක් තියෙනවා.
    සමහර ගම්මාන වගුරු බිම් හෝ විල් වලින් වටවී තිබෙන නිසා තද සිසිරය නොවන කාලවලට අලුත් එළවළුවක් වගේ දෙයක් උනත් යවන්ඩ වෙන්නේ ගුවනින්. හිතාගත හැකිනේ බඩුමිල.
    එනිසා විල් 'ගල්' උනාම ඒ උඩින් ට්‍රක් ඒ කිව්වේ අපි වගේ ටැට්ටර් කාරයෝ යනවා. බොහෝවිට මුළු අවුරුද්දටම ඕනේ කරන අනෙක් බඩු අරං.

    වෙලා තියේ නං බලන්ඩ https://www.youtube.com/watch?v=IV18hUO0VrU

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හප්පා කියවන්න ආස හිතුනා...අනිවා කියවන්න යනෝ

      Delete
    2. කියවන්න නෙවෙයිනෙ බලන්න...දෙයියනේ මටනම් හීනෙන්වත් දැන් ඒ වගේ පැත්තක ඉන්න ඕනේ නෑ වගේ 😊 මට හිතුනෙම ට්‍රක් එක හිම කඩාගෙන පතුලට වැටෙයි කියල 😲

      Delete
  6. බොහෝම අලංකාර පදපෙලක්, උපමා උපමේය ගොඩාක් ලස්සනයි වගේ හරබරයි. කීපවතාවක්ම කියවලා රසවිඳින්න පෙරැත්ත කරන කවිය.
    කවිය, පටන් ගැන්මට නිමිත්ත බීජය දුන් විට ඉතිරි ටික ලියන්නෙකුට තව මොනව ද. අගේ ඇති සටහන.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ අගයකිරීමට.ඔව් ඇත්තටම හිතම හිස් වෙලා තියෙන වෙලාවකටත් මේ වගේ පුංචි නිමිත්තෙන් ඇති ලියන්න සමහර වෙලාවට

      Delete
  7. වෘකයා බටිත්තෙක් වෙලා කිඳුරෙක් උනේ කොහොමද මන්දා.

    ReplyDelete
    Replies
    1. හි හී මටත් එහෙම හිතුනා.පස්සෙ හිතුවා ඉතින් පෙම්වතානේ මේ සේරම් උනේ කියල.ඒකාටනම් ඉතින් මොකා වෙන්න බැරිද 🤗😀

      Delete
  8. ගියෙමි ,කියෙව්වෙමි,කමෙන්ට් කලෙමි

    ReplyDelete
  9. චැහ්.. වවුල් කොල්ලෙක් උනානං අර වෘකයට ඌව කාල දාන්න තිබ්බ යස අගේට.
    කොහෙද ඒ යකා ඉන්නෙ ලංකාවෙනෙ.

    ReplyDelete
    Replies
    1. හුරේ හොයා ගත්තා ස්පෑම් වලනෙ තිබුනෙ.

      Delete
  10. මේකෙ කොමෙන්ට් අතුරුදං වෙනවද?

    ReplyDelete
    Replies
    1. අනේ මංදා මොකක් හරි අවුලක් නේද මම සමහර බ්ලොග් වලට දාන ඒවත් එහෙම වෙනවා

      Delete
  11. ඔයැයි ඔය ලියල තියෙන්නෙ ලේ බොන වවුලෙකුයි වුර්ක තඩියෙකුයි ගැන නේත. බලන්න ඉතිං ඔයත් කරන වැඩ . ඒ ඈයො හොරෙං කරන එව්ව හැංගිල ඉදල අහං ඉදල සමාජයට මුදා හරිනව නේත. පව් අප්පා. 🤭🤭🤭


    ලස්සනයි කවිය.. ❤❤

    රිප්ලයි කයියක් ලියන්න තරං නිදහසක් නෑ. ට්‍රයි කරල බැරි තැන තමා මේ අබුංගාතෙ කෙටුවෙ 😁😁

    ReplyDelete
    Replies
    1. වවුලෙක් නෙවෙයි අනේ හුරතල් වවුලියක් 😜

      Delete
  12. නින්දක ඉන්න අය ඇහැරවන්න අමාරුයි අනේ , නිදාගන්න ඇරලා වෙන අතක් බලා ගන්න

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා නිදි අයට කරදර කරන්න හොදනෑ🤗

      Delete
  13. හුම්... සිසිර තාරකා නින්ද දෙපිටිං යන්න දෙන්න තියෙන්නෙ... චූ පැත්තට බේස්බෝල් පිත්තකිං වාගෙ කෙලියනම් 😁😁

    සීත හිමයි, වෙයාවුල්ෆ් කතායි, වවුල් සීන් ඇතුලු ප්ලොට් හෙම නැගල ගියානෙ කාලයක්.
    කයිය මරැ 👌

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...