සඳට බැළුම් හෙලූ අය

Nov 18, 2023

මේ දවස්වල ඇහෙන එව්ව !!

 ඔන්න මේ සතියේ නම් බ්ලොග් එකට කවි කතා ලියන්න වෙලාවක් නෑ.ශනිදා දහයට හෝ ගාලා වැටෙන පෝස්ට් කියවල මහන්සි නම් මේ පැත්තෙ ආවොත් අද පුලුවන් ලස්සන සිංදු ටිකක් අහන්න.සංගීතය කියන්නෙ කැම බීම වගෙම මනුස්සයෙකුට ඕන දෙයක් කියලයි මටනම් හිතෙන්නෙ.අනික ඉතින් ඕනම මූඩ් එකකදි ගීතයක් කියන්නෙ ඒ ඒ මූඩ් එකට අනුවර්තනය වෙමින් රස විඳින්න පුලුවන් දෙයක් නෙ.ඔය කවුදෝ කෙනෙක් කියලත් තියෙනවනෙ

" when you are happy you enjoy music but when you are sad you understand  the lyrics "

ආන් ඒ නිසා මේන් මේ දවස්වල මම නිතර අහන මට නිතර ඇහෙන සිංදු ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා.හැබැයි මේ තියෙන්නෙ අර all time favorites කියන මගේ ලිස්ට් එකේ එදා මෙදා තුර සදාකල් තියෙන එව්වා නෙවෙයි.එහෙම එව්ව බොහොමයක් බ්ලොග් එකේ මීට කලින් දාල තියෙන නිසා ඒවාම ආයෙත් දාලා වැඩක් නෑනේ.ඔන්න එහෙම කියනකොට මට මතක් උනේ මීට අවුරුදු ගනනාවකට කලින් බ්ලොග් ලෝකය මේ කාලේ වගේම නිද්‍රාවකට අහුවෙලා ඉන්න සමයක ඉයන්ගෙ ගීත 16 ක සිංදු රැල්ලක් ආවා.ඒ කාලෙත් නිදාගෙන හිටපු අපි ඇහරවලා බ්ලොග් වල මකුළුදැල් කඩා දාලා ගන්න ඒ රැල්ල සමත් උනා.මගේ ඔය හිත ඉල්ලන සිංදු කියන ලේබල් එකට ගියානම් ඒ පෝස්ට් එහෙමත් බලාගන්න පුලුවන් වෙයි.

හරේ..ඔන්න දැන් පටන් ගමු වැඩේ.

 1 -  ( guli mata )මේ දවස් වල නිතර ඇහෙන ගීතයක්.ටික්ටොක් වලට නැතුවම බැරි එකක් වගේ ඒ ඇප් එකට ගියොත් ඇත්තන් මේක තමා ඇහෙන්නෙ.මේ දවස්වල මගේ කටෙත් මේක නිතර මිමිණෙනවා.ආ ඕකට සිංහල එකකුත් තියෙනවා.ඒකත් ලස්සනයි





2 - ( වැහි නොඑනා ඉඩෝරෙකි ) කාලෙකට පස්සෙ හිතට වැදුන පද පෙලක්.අලුත් ගායකයො ගායිකාවො හතු පිපෙනව වගේ බිහිවෙන නිසාම ඉස්සරවගේ නම් ගම් මුහුණු මතක තියාගන්නත් අමාරුයි.සේරම එක වගෙයි.සිංදුත් එක වගෙයි.දිනේශ් තරංග කියන්නෙ මං කැමති ගායකයෙක් නෙවෙයි ඒත් මේක නම් මගේ හිතට වැදුනා..





3 - ( පිහිතුඩෙන් ආදරේ ලිව්වේ )මේ දවස් වල ට්‍රෙන්ඩ් එක අමු කල්චර් එකේ අමු සිංදු.ඒ වොයිස් එක මරු.එයාගෙ සමහර සිංදු වලට මාර කැමතියි.ඒත් සමහර එව්ව අමු වැඩී වගේ.කැමතිම ඒවායෙනුත් කැමතිම එක මේක.පිහිතුඩෙන් ආදරේ ලිව්ව අය අපි හැමෝගෙම ජීවිත වල ඉන්න පුලුවන්.අපේ ලියපු අය වගේම අපි ලියපු අයත් ඇති.






4 - ( නුඹ මට නොකියනා )මේකත් ටික්ටොක් වල ඇහිලා ආස වුන නිසා හොයාගෙන අහපු එකක්.මේක ඩ්‍රාමා එකක සිංදුවක්.ඩ්‍රාමා එකනම් බලන්නෙ නෑ ඒත් සිංදුවට කැමති.අහන්න හිතෙන සිංදුවක්.





5 - නොපෙනෙන සේ රැඳී  ) මේකත් ඩ්‍රාමා එකක.කියාදෙන්න ආදරේ තරම්.මුල් කාලේ මේක බැලුවා.පස්සෙ එපා වෙලා නැවැත්තුව.ශශිකා නිසංසලා කියන්නෙ මං කැමති ගායිකාවක්.මේ සිංදුවටත් පුදුම තරම් කැමති.





6 -  (  සබඳිනී මා ඔබේ )සිංදුව ඇවිත් ටික කාලයක් උනත් නිතර නිතර මේකනම් තාමත් අහනව.ඒ කියන්නෙ මේක all time favorite ගනයට ඉදිරියේදි වැටෙන්න පුලුවන්.පදවැල් විතරක් නෙවෙයි ඒ වොයිස් දෙකට ඒ විශුවල් එකට පට්ට ආසයි.



7 - ( naam dil rakh diya) shreya Ghosal කියන්නෙ ඉතින් භාවනාවක් වගේ අහන් ඉන්න ආස වොයිස් එකක් මටනම්.මේ ඉතින් මං එයාගෙ ටික දවසක ඉදන් අහන සිංදුවක්.මේකට නානාප්‍රකාර කවර් සෝන්ග්ස් එහෙම තියෙනවා.ඒත් මං ආස මේකට.ආ සිංහල වර්ශන් එකකුත් තියෙනවානේ." ඔබ මගෙ හදවතේ පැලදුවා " කියල.ඒකත් අහල බලන්න.

8 - ( ලොවීනා ) ඇත්තටම චිත්‍රාල් සෝමපාල කියන්නෙ කවදාවත් මං අහන්න ආසයි කියල හිතුන කටහඬක් තිබුන කෙනෙක් නෙවෙයි  ඒත් කාංචනා එක්ක කියන මේ ලොවීනට නම් නම මාර විදියට බැඳුනා.කාංචනා කියන්නෙ ඉතින් මේ කාලේ තාරුණ්‍යයේ උන්මාදයටනෙ.එයාගෙ වොයිස් එකටනම් මං මනාපයි කොහොමත්.ඒ වොයිස් දෙක මෙච්චර ලස්සනට බ්ලෙන්ඩ් වෙයි කියල හිතන්නවත් බෑ.ඒත් අපූරු පද පෙලකට චමත්කාර සංගීතයකට මොනාද අප්පා කරන්න බැරි.





9 - ( unstoppable) මේක නිතරම අපේ ඉස්තලන් කොලුවා අහන සිංදු වලින් එකක්.ඕක මන්තරේ වගේ ඇහිල ඇහිලම මටත් පොඩ්ඩක් හිත ගියා.ඒකෙ පොටි පොසිටිව් වයිබ් එකකුත් තියෙන නිසා අවුලක්ම නෑ.





10 - ( yelili yelila ) මේකත් ඉතින් පොඩි බඩ්ඩගෙන් අහලා කනට හුරු වෙච්ච එකක්.දැන් ගොඩක් වෙලාවට ගෙදර ඇහෙන්නෙ එයාගෙ ෆේවරිට් එව්ව තමා අපි සිංදු අහන්නෙ ඉයර්ෆෝන් වලින් තමා.දුකට කරුණ සිංහල පරණ සිංදු වලට එහෙම ඉස්තලන්ගෙ කිසිම මනාපයක් නෑ.මං නිකං එයාට ඇහෙන්න කියල දාල තිබ්බත් මොනාද අම්මෙ මේ  අනේ ඕවා එපා අපි මේක අහමු කියල එයාගෙ ජෙනරේශන් එකේ එකක් තමා දාන්නේ.හ්ම්ම් ඕවා ඉතින් ඔහොම තමා.






හරි ඉතින් දහයක්ම තියෙනවා නෙ මෙතන අදට ඒ ඇති කියල හිතෙනවා.ලිස්ට් එකනම් තව දිගට තියෙනවා.ටක් ටක් ගාලා මතකෙට ආපුවා තමයි මේවා.ඇත්තටම මේවා ඉතින් මහා ලොකුවට දැනෙන සිංදුම නෙවෙයි වචන උනත් කොච්චර ඇහුවත් මතක හිටින්නෙත් නෑ.එහෙම බලනකොට මීට අවුරුදු විස්සකට විසිපහකට එහාදී අහපු සිංදු තාම කට පාඩම්. මතක් කර කර විඳින විඳවන කටපාඩමින් මුමුණන සිංදු ලිස්ට් එකට එන්න නම් මේවාට පුලුවන් වෙයිද මංදා.කොහොම උනත් ඉතින් මේවා මේ දවස්වල අහනවා ඇහෙනවා.


32 comments:

  1. ඒකත් හොදයි වෙනසකට. මගේ කැමති ගීත කීපයකුත් තියෙනවා ඔතන.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී..කවිම ලියල වෙහෙසයි එ නිසා පොඩි වෙනසක්

      Delete
  2. මට තේරෙන්නේ නෑ කියන්න!
    හරි මම මෙහෙම කියන්නං
    පුරාවිද්‍යාපකීර් කෙනෙක් උනු සෙනරත් පරණ විතාන මහත්තයට තිබ්බලු පර්ජෝ රථයක්. එයා මේකට දැක්වූවේ ඉතා අවම සැලකිල්ලක්. දවසක් පරණවිතාන මහත්තයාගේ මිත්‍රයෙක් මේ ගැන එතුමාගේ රථාචාර්යගෙන් විමසූ විට උන්නැහැ දුන්නලු නිර්මාණශීලී උත්තරයක් මෙන්න මෙහෙම:-

    "අපේ මහත්තයාට මේ වහනේ වටින්න තව අවුරුදු දෙතුන් දාහක් වත් කල් යන්නෝන මහත්තයා!"

    (මොකද එතුමාගේ ගවේශනයන්ගේ මුදුන් මල් කඩ වූ සීගිරිය රාජධානිය පැවැත්වී ඇත්තේ ක්‍රි පූ 3 වන සිය වසේය!)

    ආන්න ඒ වගේ මේ සින්දු මගේ රසනහර ගත වන්නට අවම වශයෙන් තව වසරක් වත් කල් යයි.
    එතකොට ඇවිත් ආයෙත් ලියන්නම්!

    ReplyDelete
    Replies
    1. 😀😀 ඔව් ඔව් ඒක හරි මෙව්ව මේ එහෙම ඩෝං ගාලා හිතට වැදෙන ජාතියේ සිංදු නෙවෙයි.

      Delete
  3. අද කවි නෑ එහෙනං. හාකො හාකො.
    මේ එක නෙවෙයි. ඔයාගේ කවි පොත හම්බුණානෙ අද මට. සතුටින් පිනා ගිහිං ඉන්නෙ ඕන්. ටැංකිව් හොඳේ සඳේ.

    ReplyDelete
    Replies
    1. අඩේහ් පොත ඇවිත්නෙ..සතුටුයි සතුටුයි...ඔයාටත් ස්තූතියි මගේකවි වලට වටිනා කමක් දුන්නට 💜️

      Delete
  4. කොච්චර යූ ටියුබ් එකෙ කරක් ගැහුවත් මේ සිංදු වලින් අහලා තියෙන්නෙ අන්ස්ටොපබල් විතරයි...චිත්ති ගේ මේ අළුත් සිංදුව මීට කලින් ඇහිලා නැති එකත් පුදුමයි. මොකද මම එයාව ටිකක් ෆොලෝ කරනවා. මිනිහගෙ කොණ්ඩෙට මොකද වෙලා තියෙන්නෙ කියලා හිතා ගන්න බැ.. - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට මෙහෙ ආවට.කොයි සිංදුව ගැනද ඔයා මේ කියන්නෙ.

      Delete
    2. චිත්ති කියන්නෙ චිත්‍රාල් සෝමපාලට---ලොවීනා සිංදුව ගැන - Mayya

      Delete
    3. ආ..ඒ සිංදුව දැන් ටික දවසක් අවුට් වෙල.චිත්‍රාල් ගැන ගැන එච්චර දන්නෙ නෑ අනේ මම.මෙතනනම් එයා ඒ කැරැක්‍ටර් එකට ගැලපෙන විදියට ඇත්තෙ.

      Delete
  5. පිහි තුඩෙන් නංං ඇත්තටම පිහිතුඩෙං හාරනවා වගේ

    ReplyDelete
  6. පිහි තුඩයි, අන්ස්ටොපබල් වලටයි කැමතියි.

    ReplyDelete
    Replies
    1. අන්ස්ටොපබල්නම් මට දැන් වමනෙට එනවා.තුන් වේල කනවා වගේ ඕක අපේ ගෙදර ඇහෙනවා.තව එකක් තියෙනවා counting stars කියන එක ඒකත් එච්චර තමා.

      Delete
  7. මමත් අහලා පුරුදු ගීත කීපයක්ම තිබුනා. සමහර ඒවායේ නම් නම දැනගත්තේ දැන්. ඒකෙන්ම හිතාගන්නකෝ කොයි තරම් උවමනාවෙන් ඒවා අහලා ඇතිද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව්,ඇත්තටම උවමනාවෙන් අහන්න හිතෙන ගීතනම් දැන් හරි අඩුටි.

      Delete
  8. ශනිදා දහයට! විචිත්‍රවත් පෝස්ටුවක්, අගේය.

    ගීත රස පදපෙල, තනුව, හඬ නිසාම විතරක් ද? මෙහෙම හිතෙන වාර අනන්තයි. ගීතය පලමුව හිතේ රෙජිස්ටර් වෙන කාල වකවානුව හා පරිසරය ද වෙනසක් කරනවා මම පුද්ගලිකව සිතමි. පසුගියදාක පදපෙලක මිහිර ගැන සාකච්ඡා කරන සමූහයක ලියූ සටහනක් ගෙනෙනෙමි.

    ස්වර්ණලතා කවීශ්වර ගයන තොටියෝ ගීතය අහන සෑම වාරයක දි මගේ හිත දුව යන්නේ '80 මුල ගුවන් විදුලියේ වාදනය වූ දැන්වීමකට. මෙම ගීතය ද ඇතුළත් LP තැටියක් එළිදැක්වීමට කල එම දැන්වීමේ ගායිකාවගේ සුවිශේෂ හඬට... බොහෝ විට එය ගුවන් විදුලි සංස්ථාව නිකුත් කරන සරල ගී තැටියක් වෙන්න ඕනේ. එහෙත් ඒ ගීතය එතරම් සරල ද?

    ගීතයේ රචිකාවිය වූ සවර්ණලතා කවීශ්වර වරක් ඒ පදපෙල ගැන කීවේ අනෝරා වැසි සමයක මසුන් මැරීමට ඈත දියඹට ඔරු පැද ගිය සැමියා ආපසු එනතුරු බලා සිටින බිරිඳකගේ සිතේ ස්වරූපය පිළිබිඹු කිරීමට ගත් උත්සාහයක් හැටියටය.

    ඒ වගේම එඩ්වඩ් ජයකොඩි නන්දා පතිරණ සමඟ ගයන බිංදු බිංදු මල් වැස්සේ, නන්දා මාලිනිය ගයන කඩමණ්ඩියේ, හුළං කපොල්ලේ ඇතුලු පවන, සත්‍යයේ ගීතය වැනි ගීත එකතුව, සනත් නන්දසිරිගේ රාස්සිගේ අව්ව වැටී, ප්‍රියා සූරියසේනගේ සුදු පරවි රෑන සේ තවත් උදාහරණ කිහිපයක්.

    අර කී ඉංග්‍රීසි කියමන මොනතරම් ද කියනවා නම් අද වගේ lyrics ලේසියෙන් සොයාගන්න නැති කාලේ කැසට් පටි මොනතරම් නම් වදයක් වින්ඳද රිවයින්ඩ් වෙමින්, වාදනය වෙමින්...

    මතක ඇවිස්සූ පෝස්ටුවට බොහෝ තුති!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ මේ අදහස් දැක්වීමට.ඔබ කියන දේ ඇත්ත තමයි.ඔබ මේ කියල තියෙන ගීත ඇත්තටම කොයි තරම් අපූරුද.

      Delete
  9. හෙමීට අහල බලන්නෝන සිංදු ටික.
    අර පළවෙනි එකේ තියෙන්නෙ ගුලි මට කියල නේද. :D

    ReplyDelete
    Replies
    1. 😀😀 ඔව් ගුලි මට එපා හැබැයි...

      Delete
  10. ඩ්‍රැකියානිත් එක්ක සිංදු සෙට් එක අහන ගමං...

    ඉයන් ගෙ සිදු 16 අනුව මං ලියපු එක මේ...
    https://drackey.blogspot.com/2016/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. අඩේහ් ඒ කාලේ මං ඩ්‍රැකියෙක් දැනගෙන ඉදලා නෑනේ.අද තමයි ඒ පෝස්ට් එක බැලුවේ.ස්ටෝරි එකක් වගේ ගලාගෙන යන විඩ්ගියට නියමෙට සිංදු ටික ගලපලා.අන්න සිංදු එදා මෙදා කොදා ඇහුවත් අමතක නොවෙන.එක යායට මල් පීදුණු බිම් තීරේ ට්‍රිප් යනකොට මං කියන්න ආසම එකක්...

      Delete
  11. මාත් මේ වගෙ ම සිංදු ගැන පෝස්ට් එකක් ලිව්ව පෙරේද විතර. ඩ්‍රාෆ්ට් එක තියෙනව, මී ළඟ බදාද වෙද්දි දානව...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක කියවන්න බලාගෙන ඉන්නවෝ

      Delete
    2. https://drackey.blogspot.com/2023/11/blog-post_21.html

      Delete
  12. අලුත් සින්දු අඳුන්නලා දෙන අයට මම නම් හරි ආදරෙයි. thank you සඳවතී මේ ලැයිස්තුවට. මෙයින් මම දන්නේ පිහිතුඩෙන් විතරයි. ඉතුරු ටිකත් හිමින් සැරේ අහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලී මෙහෙ ආවට.හිනිහිට අහල බලන්නකො..

      Delete
  13. පදවැල් මතකයේ රැඳෙන එකට විවිධ හේතු තියෙනව කියලයි මට හිතෙන්නෙ. (කොහොමත් ගොඩක් එවට තනි හේතු නැනෙව 😁)

    naam dil rakh diya පිරිමින්ට තැනක් නැතෙයි මේ ලෝකෙ. ශ්‍රියත් ඉතිම් උම්මකැටේ උනාට... අර්ජිත් සිං කොලුවත් ඕක ලාස්සනට කියනව හිටං 😁 💔


    guli mataයි, පිහිතුඩයිනං ඇහෙනව අරෙහෙ මෙහෙ යනකොට

    ReplyDelete
    Replies
    1. ඔව් විවිධාකාර හේතු තියෙන්න පුලුවන් තමා ඉතින්.කොහොම උනත් පොඩි කාලේ ඇහුන සිංදු තාමත් මතකෙන් කියන්න පුලුවන් ඒකට දැන් ඇහෙන එව්ව.

      හ්ම්ම් හ්ම්ම් අජිත් කොලුවත් කියනව තමා ලාස්සනට..එයාගෙ සිංදුනම් ඉතින් ලිස්ට් එකක්ම දාන්න පුලුවන් මට 🤗

      Delete
  14. අන්ස්ටොපබල් සහ පිහිතුඩ හොඳයි. තට්ට අයියා කිව්ව දේම තමා මටත් හිතුනේ..

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...